spot_img
spot_imgspot_img

බදු සමා පනතින් කොටස් වෙළෙද පොළට ජවයක් ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 88කින් පහළ ගිය අතර ගනු දෙනු 48,163ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,733ක් බවට පත්විය.

අද දිනයේ කොටස් මිල දර්ශකය ඒකක 9,228ක් බවට පත්විය.

වැඩිම වටිනාකමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,296යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,147යි, හේමාස් සමාගම රුපියල් මිලියන 911යි ලෙස මූලික විය.

දිනයේ වැඩිම කොටස් සංඛ්‍යාවක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එම්බී ලීසිං (x) කොටස් මිලියන 391යි, එස්එම්බී ලීසිං (N) කොටස් මිලියන 129යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 103යි වශයෙන් කැපී පෙණින.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර මර්චන්ට් බැංකුවේ කොටස් මිල 50% කින් ද, බ්ලූ ඩයමන් සමාගම 25%කින් ද, ඩර්ඩන්ස් සමාගම (X) 16%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ අද කොටස් ගනුදෙනු වූ සමාගම් අතර සන්ශයින් හෝල්ඩින්ස් සමාගමේ කොටස් මිලියන 04ක් රුපියල් 25.50 බැගින් හුවමාරු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 353ක වත්කම් වාර්තා කරමින් එක්ස්පෝ ලංකා සමාගම ද , එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 290ක වත්කම් වාර්තාකරමින් දෙවැනි ස්ථානයේ ද අද දිනයේ දී ද රැඳී සිටින ලදී

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 476ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 858ක කොටස් විකුණා ඇත.

ඒ අනුව වි‍දේශ ආයෝජකයන් විසින් ශුද්ධ ලෙස රුපියල් මිලියන 382ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත. ඒ අනුව ජනවාරි 01 දා සිට අද දක්වා විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් බිලියන 41.59කට අධික මුදලක් ඉවත්කරගෙනන තිබේ.

ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම, මෙම ඉවත්කරගැනීමට ප්‍රධානතම හේතුවයි. අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු සමාගම්වල වටිනාකම රුපියල් බිලියන 4,103ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා රේගුව විසින් අගෝස්තු 28 සිට සැප්තැම්බර් 03 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන රුපියල් කෝටි 4,600ක් වටිනා භාණ්ඩ ප්‍රමාණයක් අනුමත කර ඇති අතර එය ඉතා කාර්යක්ෂම ක්‍රියාවලියක් වී ඇත.

කොටස් වෙළෙඳ පොළෙහි යම් යම් විචල්‍යයන් සිදුවුව ද හෙට දිනයේ සම්මත වීමට නියමිත බදු සමා පනත හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළට විශාල මුදලක් ආයෝජනය වනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරති.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!