spot_img
spot_imgspot_img

ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 04ක 20-30ත් අතර තරුණ තරුණියන්ට හෙට සිට එන්නත්

පුවත්

විදෙස්

ගාල්ල, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පදංචි වයස අවුරුදු 20-30ත් අතර පසුවන තරුණ තරුණියන් සඳහා හෙට (06) උදෑසන සිට එන්නත් ලබාදිම ආරම්භ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ‍ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව එම දිස්ත්‍රික්කයන්හි දැනට එන්නත්කරණය සිදුකෙරෙන සියලුම මධයස්තානවල දී සහ සියලු රොහල්වල දී එම වයස්කාණ්ඩයේ පසුවන අයට එන්නත් ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි.

යුද මුදාපතිවරයා පවසන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයන්ට පමණක් දිස්ත්‍රික්කයෙන් එන්නත ලබාදෙන බවයි.

මේ අතර කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි පුද්ගලයන්ට එන්නත ලබාදෙන ස්ථානවලට අමතරව දියත උයන, විහාරමහාදේවී උද්‍යානය, වේරහැර හමුදා රෝහල සහ පනාගොඩ හමුදා කඳවුර යන ස්ථානවල දී ද එන්නත ලබාගැනීමේ පහසුකම් හිමිවෙයි.

කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් එන්නත් කරන ස්ථාන

  • සුගතදාස ක්‍රීඩාංගණය
  • ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
  • ෆෝබ්ස් පාරේ ප්‍රජා ශාලාව
  • කැම්බල් පාර්ක්
  • ශාලිකා හෝල්
  • රොක්සි උද්‍යානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!