spot_img
spot_imgspot_img

ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සැළසුම් කරයි. දින ස්ථිර නෑ

පුවත්

විදෙස්

සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා සැළසුම් කර ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එච්.ඩී.ධර්මසේන දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් කීවේය.

ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 දින, උසස් පෙළ නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 ද්කවා සහ 2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය 2022 වර්ෂයේ පෙබරවාරි 21 සි මාර්තු මස 03 දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙන බව ඔහු පවසයි.

‍අතිරේක ලේකම්වරයා එහි දී මෙසේ ද කීවේය.

“දරුවන් දැඩි පීඩනයක ඉන්නේ. දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ඉල්ලීම් ගැන සළකා බලන්නට සිදුවෙනවා. ඒ වගේ ම ප්‍රායෝගික පරීක්ෂණ කරන්නත් සිදුවෙනවා. විභාග සැළසුම් කර තිබුණත් ඒ දිනවල අනිවාර්යයෙන් ම තියෙනවා කියා කිව නොහැකියි. අපිට අනිවාර්යයෙන් ම විභාග තියන්න අවශ්‍යයි. රටේ ඇති වසංගත තත්වයත් සළකා බලා මේ තීරණ ගත යුතුයි.”

3 COMMENTS

  1. ඊට කලින් 2020 OL ලියපු ළමයිගේ RESULTS දෙන්න කියන්න.
    *නැත්නම් “සර්” ෆේල්,

  2. 2020 සාමාන්‍ය පෙල ප්‍රථිඵල වත් තවම දුන්නෙ නෑ.ප්‍රායෝගික පරීක්ෂන කරන්න බැරි වුණු වරද ගුරුවරුන් පිට පටවන්න හදනවා.විභාගය අවසන් වුණේ මාර්තු මාසෙ මැද.දැන් මාස හයක් ඉවර වෙන්නත් ආසන්නයි.ගුරු වර්ජනය පටන් අරන් මාස දෙකයි.
    ප්‍රායෝගික පරීක්ෂන ඊට කළින් කරන්න තිබුණා .අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ ගැන පැහැදිලි වැඩ පිළිවෙලක් කලින් තිබුණෙ ත් නෑ.දැනටත් නෑ.අසාර්ථක රජයක්. 😠

  3. ශිෂ්‍යත්වය මෙවර ලන්කාවටම පවත්වා පාස් අඩු ආදායම් ලමයිට විතරක් ආදාර් දීම අසාදාරනයි.සියලු අඩු ආදායම් ලාබි පවුල් වල දරුවන්ට ආදාර දීලා,වෙනත් පාසලක් අවැසි ලමයිට විතරක් සහබාගි වීම ප්‍රමානවත් කීමයි සුදුසු.එතකොට අහින්සක ලමටි මේ විභාග ක්‍රමය තුල පීඩාවට පත් වෙන්නෙ නෑ .ඒක දිගටම උනත් හොදයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!