spot_img
spot_imgspot_img

ගෝලීය වසංගතය හමුවේ “සියල්ලන් ආරක්ෂා වනතුරු කිසිවෙකු ආරක්ෂිත නැත”

පුවත්

විදෙස්

සරසි පරණමාන්න විසිනි

ආරක්‍ෂා කිරීමේ අයිතිය හෙවත් R2P (Right to Protect) ලෙස හැඳින්වෙන විවාදාත්මක මූලධර්මය,  උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය North Atlantic Treaty Organization (NATO) විසින් ලිබියාවේ සිදුකරන ලද මැදිහත් වීමේදී අතිශයින් සදාචාරවත් බව ඇඟවෙන ලෙස භාවිතා කර තිබෙනවා. මෙම මූලධර්මය අවස්ථාවාදී මානවහිතවාදයේ ප්‍රතිඵලයක් ලෙස භාවිතා කළාද නැතිනම් ප්‍රායෝගික හැඟීමෙන් ගත්තේ ද යන්න ඉදිරි කාලයේ විවාදයට ගැනෙයි. එසේ වුවත් ගෝලීය වසංගතයක් උත්සන්න වෙමින් පවතින පසුබිමක, ආරක්‍ෂා කිරීමේ අයිතිය (R2P) වැනි ජාත්‍යන්තර මානුෂවාදී නීතියේ මූලධර්මයන් කිසිදු විවාදයකින් තොරව භාවිතා කිරීමට පුළුවන් වගේම එය කළ යුතු ද වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශනයේ දැක්වෙන්නේ, “සියල්ලන්ම  ආරක්ෂිත වනතුරු කිසිවකු ආරක්ෂිත නොවේ,” යනුවෙන් දැක්වෙනවා.

ආරක්ෂා කිරීමේ අයිතිය පිළිබඳ මූලධර්මය සකස් කළේ 2005 එක්සත් ජාතීන්ගේ ලෝක සමුළුවේ ප්‍රතිඵලයක් හැටියට. එය කරුණු තුනකින් සමන්විතයි.

ප්‍රථම කරුණ නම් රජයක් තමන්ගේ ජාතිය ජන සංහාරය, ජනවාර්ගික පිරිසිදු කිරීම යනාදියෙන් ආරක්ෂා කිරීමේ වගකීම දරන අතර දෙවනුව සෑම පුරවැසියෙකුම ආරක්ෂා කිරීම සඳහා සහාය වීමේ වගකීම සෑම රජයකටම පැවරෙනවා. තුන්වනුව, රජයක් සිය පුරවැසියන් ආරක්‍ෂා කිරීමට අසමත් බව පෙනෙන අවස්ථාවක දී, එහි පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වීමේ වගකීම ජාත්‍යන්තර ප්‍රජාවට හිමිවෙනවා.

සන්නද්ධ ගැටුම් හෝ ජන සංහාර වැනි තත්වයන් හේතුවෙන් රටක ස්වෛරීභාවය හෝ නිශ්චිත පුද්ගලයින් කණ්ඩායමක් තර්ජනයට ලක් වූ විට මැදිහත් වීම සාධාරණීකරණය කිරීම සඳහා R2P මූලධර්මය භාවිතා කර තිබෙනවා. සංක්‍රමණික ගැටලු වල සිට මහා පරිමාණ අර්බුද දක්වා හෝ කුඩා පරිමාණයේ ආයුධ භාවිතය සීමා කිරීම හෝ ක්‍රියාත්මක කිරීම වැනි R2P සඳහා යොමු කිරීම් 12 කට වඩා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී වාර්තා වුණා.

ඒ නිසා, සිරියානු සිවිල් යුද්ධය වැනි අවස්ථාවලදී හමුදාමය මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලට R2P සංකල්පය යොදාගැනීමට හැකි නම්, COVID-19 වැළැක්වීම සඳහා ගෝලීය සහයෝගය ඵලදායීව රැස් කර ගැනීමට එම සංකල්පය උපයෝගී කර ගැනීමට ඇති හැකියාව ඇතැයි යමෙකුට තර්ක කළ හැකියි. COVID-19 සෞඛ්‍ය අර්බුදයක් පමණක් නොවෙයි. එය ආර්ථික, සමාජයීය, ආරක්‍ෂාව සහ මානසික විනාශයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විෂමතා උග්‍ර කරමින් ලොව පුරා මහා විනාශයන් ඇති කරනවා.

එන්නත් ජාතිකවාදය සහ දුප්පත්කම

COVID-19 වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් සොයා ගැනීම මුළු ලෝකයටම සහනයක් වූ නමුත් වසංගතයට එරෙහිව සටන් කිරීමේ දී ඔවුන්ගේ එන්නත් සඳහා ජාතිකවාදය ප්‍රධාන බාධාවක් වන බව වැඩි කල් නොගොස් පැහැදිලි වුණා. එන්නත්කරණ ක්‍රියාවලියට බලපෑම් කිරීම සහ එක්සත් ජනපදය විසින් එන්නත් නිපදවීමේ බුද්ධිමය දේපල අයිතිවාසිකම් අත්හැරීම ප්‍රශංසනීය වුව ද එන්නත නියමිත වේලාවට ලබා ගැනීම සඳහා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට තිබූ අවස්ථාව අහිමි වුණා. නිසි කලට එන්නත් නොලැබී ගියා. එක්සත් ජනපදය වැනි ධනවත් රටවල් තම ජනගහණයට අවශ්‍ය එන්නත් ප්‍රමාණය මෙන් දස ගුණයක් එන්නත් මිලදී ගෙන ඇති බව වාර්තා වෙනවා.

ලොව පුරා එන්නත් අනුපාතිකය තවමත් ප්‍රමාණවත් නොවන මට්ටමක පවතින ලෝක බැංකුවේ මානව සංවර්ධන උප සභාපති මම්තා මූර්ති, අගෝස්තු මාසයේ දී පොඩ්කාස්ට් වැඩසටහනක දී කියා සිටියා. අප්‍රිකාව වැනි අවදානම් සහිත ප්‍රජාවන් සහිත රටවල ඉහළ ආදායම් ලබන රටවලට සාපේක්ෂව එන්නත් අනුපාතය තවමත් ජනගහනයට අනුව 1%ක් තරම් පහල මට්ටමේ පවතිනවා. අඩු ආදායම් ලබන රටවල සෑම පුද්ගලයින් 100 දෙනෙකුටම ලබා ගත හැක්කේ මාත්‍රා 1.5 ක් පමණක් වන අතර ඉහළ ආදායම් ලබන රටවල සෑම පුද්ගලයින් 100 දෙනෙකුටම මාත්‍රාවන් 100ක් ලබාදෙන බව සංඛ්‍යාලේඛන අනුව පැහැදිලි වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම විෂමතාව අවධාරණය කළා. මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව වැනි බොහෝ ධනවත් රටවල් බූස්ටර් එන්නතක් ලබාදීමට පවා කටයුතු සූදානම්කර තිබෙනවා. ඔවුන් එසේ සිදුකරන්නේ, බූස්ටර් එන්නත ලබාදීම අවම වශයෙන් සැප්තැම්බර් අවසානය දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර තිබියදී වීමත් විශේෂත්වයක්. ලොව සියලුම රටවල් සිය ජනගහනයෙන් 10%ක අවමයක් වත් එන්නත් කරන තුරු බූස්ටර් එන්නත ලබාදීම අත්හිටවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා.

බර්මින්හැම්හි ඇලබාමා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සහ බෝවෙන රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය මයිකල් සාග් වැනි ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින්, එන්නත් නොකළ පුද්ගලයින් COVID-19 වෛරසයට “සුපිරි ආහාරයක්” වැනි බවට අනතුරු අඟවූවා. එන්නත් නොකළ පුද්ගලයන් තුළ වෛරසය විකෘති වී වඩාත් බලවත් ප්‍රභේද නිර්මාණය කිරීමට ඉඩ ඇති බව ඔවුන් පර්යේෂණවලින් තහවරු කළා. එබැවින් වසංගතය මැඩපැවැත්වීම සඳහා දේශපාලන අභිමතාර්ථයෙන් තොරව R2P මූලධර්මය අනුගමනය කිරීමට සහාය වීම සම්බන්දව යමෙකුට තවදුරටත් සාක්ෂි අවශ්‍ය නැහැ.

ඇතැම් විද්වතුන් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් COVID-19 වසංගතය ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාවට තර්ජනයක් ලෙස ප්‍රකාශ කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පියවර නොගැනීමෙන් ඔවුන්ගේ අසාර්ථකත්වය පෙන්නුම් කරන බව. R2P වැනි සංකල්ප සහ එක්සත් ජාතීන් වැනි ජාත්‍යන්තර ආයතන මානව ආරක්‍ෂාව සුරක්ෂිත කිරීම සඳහා පැවතුනද, ආර්ථික හා දේශපාලනික වශයෙන් බලවත් රටවල් වසංගතය විසඳීම සඳහා එකට එක්කිරීමට විශ්වසනීය පියවර ගන්නේ ද යන්න ප්‍රහේලිකාවක්.

කොවිඩ් -19 සඳහා R2P අදාළ වේද ?

සංක්‍රමණිකයින් සහ සරණාගතයින් යනු වසංගතයක් අතරතුර වඩාත් අවදානමට ලක්විය හැකි කොටසක්. වසංගත අර්බුදය විසඳීම සඳහා සුළු පියවරක් හෝ නොගත් බටහිර ජාතීන්, රැකවරණ පතන්නන්ට තම රටට ඇතුළු වීම අවහිර කිරීමට ඉක්මන් වී තිබෙනවා. වසංගතය අතරතුර රැකවරණ පතන්නන් සඳහා කිසිම සමාවක් නොදී අවම වශයෙන් රටවල් 57 ක් සිය දේශසීමා වසා දමා ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසනවා. වසංගතයක් යනු R2P හි පෙර යෙදීම් සහ දැනට ලැයිස්තුගත කර ඇති ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනයන් හතර සලකා බැලීමේ පෙළ පොතක් නොවෙයි. අප්‍රිකානු ජාතීන් ඉබෝලා අර්බුදයෙන් පීඩා විඳින විට සෞඛ්‍ය සේවා ආධාර ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් R2P අනුව ඉල්ලා සිටියා. කොවිඩ් -19 වසංගතය මඟින් R2P මූලධර්මයේ විෂය පථය සහ අදාළ වීමේ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරනවා. කොවිඩ් -19 වසංගතය මානව ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් වන අතර දෛනිකව ජීවිත මිලියන 4.5 ඉක්මවන මරණ සංඛ්‍යාව සමග ඉහළ යන මානුෂීය හා ගෝලීය සෞඛ්‍ය අර්බුදයක්. එන්නත් සමානාත්මතාවය තවමත් යථාර්තයක් නොවන බැවින්, වසංගතයෙන් අවදානමට ලක්විය හැකි සමාජ කෙරෙහි පවතින කල් පවත්නා බලපෑම්, ආහාර සුරක්‍ෂිතතාවය, දරිද්‍රතාවය, විරැකියාව සහ මානසික සෞඛ්‍ය යන අංශයන්ගෙන් බොහෝ දුරට ළඟා වෙමින් තිබෙනවා. ඒ නිසා වසංගතය දේශපාලනීකරණය වීම අවම කරන සහ ගෝලීය සෞඛ්‍ය සහයෝගීතාව සහ අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා සහයෝගය සහතික කරන R2P මූලධර්මය ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් පදනමක් තිබෙනවා.

වසංගතය මැඩපැවැත්වීම සඳහා සහ එන්නත් සමානාත්මතාවය සහ සෞඛ්‍යාරක්‍ෂණය සඳහා වූ විශ්ව අයිතිය තහවුරු කිරීම සඳහා R2P මූලධර්මය අනුගමනය කිරීමට මීට වඩා හොඳ වෙනත් කාලයක් එළැඹෙන්නේ නැහැ. COVID-19 වෛරසය ව්‍යාප්ත කිරීමේ වගකීම සඳහන් කරමින් චීනයට එරෙහිව නීතිමය පියවර ගැනීම තීරණාත්මක, වටිනා සම්පත් හා කාලය නාස්ති වීමක් වුවත්  එම උත්සාහයන් ගෝලීය දේශපාලන විකාරයක් හැර වෙනත් දෙයක් නොවිය හැකියි. “ස්වෛරී ප්‍රතිශක්තිය” වැනි මූලධර්ම හේතුවෙන් ක්‍රියාවට නැංවිය හැකි විශ්වාසදායක චෝදනා චීනයට එරෙහිව ගෙන ඒමට කිසිදු ජාත්‍යන්තර නීතී විධිවිධානයක් නැහැ. ඒ නිසා R2P මූලධර්මය ක්‍රියාත්මක කිරීමටත් ගෝලීය සහයෝගීතාව සහ සාමූහික කණ්ඩායම් වැඩ කිරීමට එම උත්සාහයන් වඩාත් හොඳින් යොමු කර ඇති බව පෙනෙනවා.

අවශ්‍ය වන්නේ වසංගතයට එරෙහිව සටන් කර ලෝකය සාමාන්‍ය තත්ත්වයට පැමිණීම වේගවත් කිරීමයි.

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ලිපියේ පළමු පිටපත මෙතැනින්

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!