spot_img
spot_imgspot_img

ඝාතනයට ලක්වූ “සන්ෂයින් සුද්දා”ට කොරෝනා

පුවත්

විදෙස්

වැලිගම, කොටවිල දී වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ “සන්ෂයින් සුද්දා” හෙවත් හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න (31) මියයනවිට කොරෝනා ආසාදිතයකු ව සිටි බව මරණ පරීක්ෂණයට පෙර සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වෙයි.

ඔහු ඊයේ (03) දහවල් වරකාපිටිය පාසල අසළ දී වෑන් රථයකින්යමින් සිටිය දී ඝාතනයට ලක්විය. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධයැයි ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

ඔහු මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර ඔහුට වෙඩි තැබීම සඳහා යොදාගත් බවට සැකකරන මෝටර් රථයක් ද මාතර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබිය දී සොයාගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!