spot_img
spot_imgspot_img

ඇඳිරිනීතිය දික්වෙයි. කොටස් වෙළෙඳ පොළත් ඉහළ යයි ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ දෛනික ගනුදෙනු 57,193ක් සමඟ දෛනික පිරිවැටුම ලෙස මිලියන 9,387ක් වාර්තා කරන ලදී.

දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 19කින් පහළ ගොස් 9316ක් ලෙස ස්ථාවර විය. වැඩිම වටිනාකමක් සහිතව කොටස් හුවමාරු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,742යි, හේමාස් සමාගම රුපියල් මිලියන 1,484යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගගම රුපියල් මිලියන 1,246ක් ලෙස මූලික විය.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එච්එන්බී ලීසිං සමාගමේ කොටස් මිලියන 138ක් ද, එච්එන්බී ලීසිං (ඡන්ද බලය රහිත) කොටස් මිිලයන 138ක් ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 109ක් ද ලෙස ප්‍රධාන විය.

දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එච්එන්බී ලීසිං (ඡන්ද බලය රහිත) සමාගම 50%කින් ද, එච්එන්බී ලීසිං සමාගම 40%කින් ද, ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ඩ් සමාගම 25%ක් ද ලෙස කැපී පෙණිනි.

එක්ස්පෝ ලංකා සමාගම අද දිනය අවසානයේ දී ද රුපියල් බිලියන 365ක වත්කම් වාර්තා කරමින් පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 293ක වත්කම් වාර්තා කරමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයේ ද පසුවිය.

සංවෘත කවය තුළ අද දිනයේ කොටස් හුවමාරු වූ සමාගම් අතර හේලීස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 120.00 බැගින් ද සම්පත් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 50.50 බැගින් ද තවත් කොටස් මිලියන 01ක් රුපියල් 52.00 බැගින්ද, හැටන් නැෂනල් බැංකුව කොටස් ලක්ෂ 05ක් රුපියල් 125.00 බැගින් ද හැටන් නැෂනල් බැංකුව (ඡන්ද බලය රහිත) කොටස් ලක්ෂ 05ක් රුපියල් 128.00 බැගින් ද ආසිරි රෝහල කොටස් ලක්ෂ 6.5ක් රුපියල් 33.00 බැගින් ද මෙල්ස්ටා සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 56.50 බැගින් ද , සොෆ්ට් ලොජික් සමාගම කොටස් ලක්ෂ 18ක් රුපියල් 13.50 බැගින් ද ඒසීඑල් කේබල් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 48.00 බැගින් ද ගනු දෙනු විය.

අද දිනයේ විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 59ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 1608ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලයන 1549ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලින 05ක් ද, ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 06ක් ද ජෝන් කීල්ස් ලිමිටඩ් සමාගම රුපියල් මිලියන 0.9ක් ද කැපී පෙ‍ණිනි.

විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර හේමාස් සමාගම රුපියල් මිිලයන 1328ක් ද, ඩිස්ටරලීස් සමාගම රුපියල් මිිලයන 78ක් ද, ඩයලෝග් සමාගම රුපියල් මිලියන 28ක් ද වශයෙන් ප්‍රධාන විය.

2021 වර්ෂයේ අද දිනය දක්වා විදේශ ආයෝජකයන් විසින් රුපියල් බිලියන 41.212ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ තවදුරටත් සැප්තැම්බර් 13 වැනි දින දක්වා නිරෝධායනය ඇඳිරිනීතිය දිර්ඝ කර ඇති බැවින් දිගින් දිගටම ලොක්ඩවුන් කාලසීමාව තුළ දී කොටස් වෙළෙඳ පොළ ඉහළ යන ආකාරයෙන් ඉදිරි සතියේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළ කරති.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!