spot_img
spot_imgspot_img

PHIට බැණ පහරදුන් දෙදෙනකු රිමාන්ඩ්

පුවත්

විදෙස්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පරුෂ වචනයෙන් බැණ වැදී අතින් පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු ලබන 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගල්ගමුව මහේස්ත්‍රාත් විසින් නියෝගයක් නිකුත්කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ අවුරුදු 24 සහ 42 වයස්වල පසුවන දෙදෙනෙකි.

තිඹිරියාපොකුණ ප්‍රදේශයේ දී මුඛ ආවරණ නොමැතිව සිටි මේ දෙදෙනාට මුඛ ආවරණ පැළඳ ගන්නා ලෙස උපදෙස් දුන් අවස්ථාවේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් බැණ වැදී අතින් පහරදුන් බවට ගිරිබාව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!