spot_img
spot_imgspot_img

වෛද්‍ය ජයරුවන් කී කතාව සනාථ වෙයි. තයිරොක්සීන් ගෙන්වීමට ටෙන්ඩර් කැඳවයි

පුවත්

විදෙස්

සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළ බවට අමාත්‍යාංශ මට්ටමින් විනය පරීක්ෂණයක් සඳහා යොමුකර සිටින සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද ඒ පිළිබඳ විමසීමට කැඳවා සිටින විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියූ කරුණු කිහිපයක් සත්‍ය බව අද (02) Dailynews පුවත්පතෙන් හෙළි වෙයි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පසුගිය දා කියා සිටියේ ශ්‍රී ලංකාවේ තයිරෝක්සීන් නිෂ්පාදනය කරන බව කීව ද සිදුකරන්නේ තයිරෝක්සීන් විදේශ රටවලින් ගෙන්වා මෙරට ආයතනයක දී ඇසුරුම් කිරීම පමණක් බවයි. ඒ සඳහා පිටරටවලින් තියරෝක්සීණ් ඖෂධ මිශ්‍රණය ගෙන්වන බව ද හෙතෙම අනාවරණය කළේය. එමෙන් ම එලෙස ගෙන්වා මෙරට දී අසුරුම් කර වෙළෙඳ පොළට යොමුකරන තයිරොක්සීන්වල ගුණාත්මක බව අඩුයැයි රෝගීන්ගෙන් චෝදනා එල්ලවන බව ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කීවේය.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තයිරොක්සීන් ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවමින් අද (02) Dailynews පුවත්පතේ 14 වැනි පිටුවේ දැන්වීමක් පළ කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු 06 වැනි දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම දේශීයව නිෂ්පාදනය කරන ලෙවොතයිරොක්සීන් නමැති ඖෂධය වෙළෙඳ පොළට නිකුත් නිකුත් කිරීම සිදුකෙරිණි.

ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ facebook පිටුවේ සටහනක් තබා ඇති මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ ලෙවොතයිරොක්සීන් මිලිග්‍රෑම් 50 පෙති මිලියන 98ක් මෙරටට වාර්ෂිකව ආනයනය කරන බවයි.

මෙලෙස තයිරෝක්සීන් ශ්‍රී ලංකාවේ නිපදවීමෙන් රුපියල් මිලියන 88ක් වාර්ෂිකව ඉතිරිකරගත හැකි බව ද එහි දක්වා තිබිණි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කරන ලද ප්‍රකාශය අසත්‍යයක් බවත් මෙරට නිපදවන ලද තයිරොක්සීන් පසුගිය දා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ පොළට නිකුත් කළ බවත් රජයේ මැති ඇමතිවරු සේම සෞඛ්‍ය අමාත්‍යාංශය ද ප්‍රකාරශ කරන ලදී. ඒ අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට එරෙහිව විනය පරීක්ෂණ ද කැඳවා ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පළකර ඇති දැන්වීම අනුව පැහැදිලි වන්නේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කැඳවා උත්සව පවත්වා මෙරට නිපදවන තයිරොක්සීන් වෙළෙඳ පොළට කළ ද තවවමත් තයිරොක්සීන් ආනයනය කිරීමට රජයේ ආයතන කටයුතු කරමින් සිටින බවයි.

ජනාධිපතිතුමනි, බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමනි, රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් වන ඔබට එකක් කියා ‍ආයතන ප්‍රධානීන් වෙනත් දෙයක් සිදුකිරීම පිළිබඳ වහාම සොයා බලන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!