spot_img
spot_imgspot_img

අත්‍යාවශ්‍ය ආහාර හිඟයක් නැතැයි රජයෙන් නිවේදනයක්

පුවත්

විදෙස්

රට තුළ අත්‍යාවශ්‍ය ආහාර හිඟයක් ඇති බවට පැතිරයන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද ප්‍රමාණවත් ආහාර තොග ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

හාල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතැයි ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කරමින් තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.

මෙය ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් විසින් කරනු ලැබූ අසත්‍ය ප්‍රචාරයක් බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම අසත්‍ය ප්‍රචාරයන්ට රැවටී අනවශ්‍ය භියක් ඇතිකර නොගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!