spot_img
spot_imgspot_img

“රජයේ යෝජනාවලට ගුරු විදුහල්පති සංගම් එකඟ නෑ” -ජෝසප් ස්ටාලින්

පුවත්

විදෙස්

ගුරු විදුහල්පති ගැටලුවට විසඳුමක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති රුපියල් 5000.00 මාසික දීමනාව ගුරු විදුහල්පති සංගම් පිළිගන්නේ නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

රජය පවසන්නේ ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සම්බන්ධයෙන් සොයා බලා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ලබාදීමට පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් විදුහල්පති හා ගරු වෘත්තීය සමිති 33ක නියෝජතයන් සමඟ සාකච්ඡා කර ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව ගුරු සේවය, ගුරු උපදේශක සේවය සහ විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවා වශයෙන් 2021 නොවැම්බර් මස 20 වැනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කිරීම සිදුකරන බවයි.

එමෙන් ම නිර්දේශිත වැටුප් සංශෝධන 2022 අයවැය යෝජනාවක් මගින් අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද රජය පවසයි. 2021 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා ගුරු විදුහල්පතිවරු සඳහා රුපියල් 5000.00 බැගින් විශේෂ දීමනාවක් ගෙවීමට ද සෙසු යෝජනා පළාත් සභා සහ අනෙකුත් බලධාරීන් සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාස 06ක කාලයක දී ක්‍රියාත්මක කරන බව ද රජය පවසයි.

මෙම විසඳුම් ඉදිරිපත් කරමින් රජය කියා සිටියේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවයි.

නමුත් මේ කරුණුවලට තම වෘත්තීය සමිති එකඟ නොවන බව ප්‍රකාශ කරන ජෝසප් ස්ටාලින් මෙසේ ද කීවේය.

“අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තේ සුබෝධනී කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. අපිට රුපියල් 5000.00 දීමනා අවශ්‍ය නැහැ. ගුරු වරුන්ට බොරු පොරොන්දු දෙන්නේ නැතිව එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරලා වැටුප් ගෙවන්න කියා අපිප රජයෙන් ඉල්ලනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!