spot_img
spot_imgspot_img

“ඔබ එන්නත ගත්තොත් මාස දෙකෙන් රට සාමාන්‍ය තත්වයට එනවා” – ආචාර්ය චන්දිම ජීවන්දර

පුවත්

විදෙස්

සාර්ථකව සිදුවෙමින් පවතින එන්නත්කරණ වැඩසටහනට ජනතාවගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය බෙහෙවින් අඩු මට්ටමකට පැමිණෙනු ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු පවසන්නේ මෙම වසංගතයට එරෙහිව ජනතාව තුළ ප්‍රතිශක්තිය ඇතිවීම නිසා පීඩාකාරී තත්වය අඩුවන බවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර වෙනත් හානිකර ප්‍රභේද ශ්‍රී ලංකාවට පැමිණීම වළක්වාගැනීම ද වැදගත් බවයි.

දකුණු අප්‍රිකාවෙන් දැනට වාර්තා වී ඇති එන්නත්වලට ද ප්‍රතිරෝධී විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවට නොපැමිණියහොත් දැනට එන්නත්කරණය සිදුවන වේගය හා රෝගීන් වාර්තාවන රටාව අනුව අපට මේ වසංගතයේ පීඩාකාරී මට්ටමින් ගැලවීමට තව සති අටක් ප්‍රමාණවත් බව ද හෙතෙම පෙන්වාදෙයි.

“එන්නත් කිරිමෙන්සිදුවන්නේ සමාජයේ ස්ථාවර ප්‍රතිශක්තිකරණ තත්වයක්, ස්වභාවිකව රෝගය හැදුණු අයෙකුගෙත් ප්‍රතිශක්තියක් හටගන්නවා. අනෙක එන්නත් ලබාදීමෙන් ප්‍රතිශක්තියක් කෘතිමව ඇති කරනවා. ශ්‍රී ලංකාවේ දැනට රෝගය ව්‍යාප්ත වී ඇති ආකාරයත් එන්නත්කරණය සිදුවන ආකාරයත් අනුව රටේ බහුතර ජනතාවක් තුළ ප්‍රතිශක්තිය ඇතිවේවි. නමුත් අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මුළුමනින්ම අනුගමනය කළ යුතුයි.,

ඔහුගේ අනුමානය වී ඇත්තේ සැප්තැම්බර් අවසන් සතිය වනවිට රෝගීන් ප්‍රමාණය සැළකිය යුතු ලෙස අඩුවී තවත් සති දෙකකින් මරණ සංඛ්‍යාව ද අඩු‍වන බවයි. ඒ අනුව ඔක්තෝබර් දෙවැනි සතිය අවසන්වනට රෝගීන් සහ මරණ අඩුවී ඔක්තෝබර් අවසානය වනවිට මේ වසංගතයේ පීඩාකාරී තත්වයේ අඩුවක් සිදුවනු ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

“නව ප්‍රභේදවලින් කරදරයක් වුණේ නැත්නම් මාස දෙකකින් රට වසංගතයෙන් මිදේවි. නමුත් මේ සඳහා ජනතා සහයෝගයය අත්‍යාවශ්‍යයි. සියලු මිත්‍යා මත පැත්තකින් තියලා එන්නත් ලබා ගැනීමට සියලු දෙනාම යොමු විය යුතුයි. ඒ වගේ ම එන්නත් ගන්නා අය වුණත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපරිමයෙන් ආරක්ෂා කළ යුතුයි.”

2 COMMENTS

  1. හැම තැනම වාර්තා වෙන්නේ ජනතාව එන්නත ලබා ගත්තොත් රට ඉක්මනින් සාමාන්‍ය අතට හැරේවි කියලයි. මා විශ්වාස කරන පරිදි මිත්‍යා මත හෝ වෙනත් හේතු මත තමන්ට ලැබෙන එන්නත ප්‍රතික්ෂේප කරන්නේ ඉතාම සුළු ප්‍රතිශතයක්. එම පිරිස ද දැනුම්වත් කළ යුතුයි. එන්නත ලබා ගැනීමට පොළඹවා ගත යුතුයි.

    නමුත් ප්‍රධාන කාර්යය වන්නේ රටේ දැනට තිබෙන එන්නත් ප්‍රමාණය ප්‍රමුඛතා අනුපිළිවෙල මත ලබා දීම සහ ඉතා ඉක්මනින් ඉතිරි එන්නත් ප්‍රමාණය ආනයනය කිරීමයි.

    එන්නත ලබා ගැනීම කෙරෙහි ජනතාවගේ සහයෝගය නෑ කියලා කාටවත් කියන්න බෑ. මිනිස්සු පොරකකා ජීවිත අවදානමක් අරගෙන එන්නත ලබා ගන්න වෙහෙසෙන හැටි අපි උදේ හවස ජනමාධ්‍යවලින් දකිනවා.
    .
    එන්නත ලබා නොගත් ජනතාව ලෙස නොව එන්නත ලබා නොදුන් ජනතාව ලෙස නිවැරදිව ජනමාධ්‍ය තුළ වාර්තා කළ යුතුයි.

  2. සජීව මහත්මයා, මේ දවස් වල හිටි හැටියේම මතු වෙච්ච කීප දෙනෙක්ම වැක්සින් විරෝධී මත සමාජ ජාල වල ප්‍රසිද්ධ කරන්න උත්සාහ කරන බවක් පේනවා. ඒ සමහරු එක එක පැණි, කසාය විකුණ ගන්න දඟලන ‘හෙළ’ වෙද්දු. උදාහරණයක් විදියට අර හෝමාගම වික්‍රමාරච්චි හොර වෙදායි උගේ ගෝල බාලයොයි. තව එකෙක් ඉන්නවා චාමිකර ගුණවර්ධන කියලා කාගේ කවුද කියලා වත් නොදන්න එකෙක්. ඌ කරන්නේ එක එක කොන්ස්පිරසි තියරි කාරයන්ගේ කතාවල් අල්ලගෙන ඒ වගේම සමහර සායනික අධ්‍යයන වැරදියට විග්‍රහ කරගෙන වැක්සින් ගැන බොරු ප්‍රචාරය කරන එක. කොටින්ම කිව්වොත් මිනිහා නීලිකා මලවිගේ මැඩම්ගෙනුත් ගේම ඉල්ලලා තිබුණා. මෙන්න මුන් ගැනත් හොයලා බලලා මුන්ගේ ඇත්ත තත්ත්වය වගේම කරගෙන යන බොරුව ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න ත්වත් පෝස්ට් එකකින්. මොකද කරුණු කාරණා දන්න මිනිස්සු මුන්ට අහු නොවුනට නොදන්න මිනිස්සුන් මුන්ට රැවටිලා එන්නත් නොගෙන ඉඳලා කොරෝනා වලින් මැරිලා යන්න ඉඩ තියෙනවා.

Leave a Reply to Chinthaka Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!