දේශගුණික විපර්යාස හමුවේ ඩොලර් ට්‍රිලියන 11ක් හොයන හැටි ඉන්දීය වාර්තාවක් කියයි

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

දේශගුණික විපර්යාස හේතුවෙන් ආර්ථිකය කඩාවැටීම වැළැක්වීම සඳහා ඉන්දියාව දැන් සිටම පියවර ගත යුතු බව ඩීලොයිට් ආර්ථික විද්‍යා ආයතනයේ වාර්තාවක් පෙන්වා දී ඇත.

එම වාර්තාවේ දක්වා ඇත්තේ ඉදිරි වසර 50ක කාලයේ දී ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 35ක ආර්ථික ශක්තියක් අහිමිවීම වළක්වාගත යුතු බවයි.

“ඉන්දියාවේ හැරවුම් ලක්ෂය – දේශගුණික ක්‍රියාවලින් අපේ ආර්ථික අනාගතය මෙහෙයවන්නේ කෙසේ ද ?” යනුවෙන් ඉදිරිපත් කර ඇති එම වාර්තාවේ ඉහළ යන ගෝලීය උෂ්ණත්වය සීමා කිරීම සහ අපනය ප්‍රතිකාබනීහරණය කිරීම තුළින් එම වසර 50 ක කාලයේ දී ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 11ක ආර්ථික වටිනාකමක් අත්පත් කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද අනාවරණය කර තිබේ.

ඩීලොයිඩ් සභාපති අතුල් ධවාන් පවසන්නේ දෙශගුණික විපර්යාසයේ ගමන්මග වෙනස් කිරීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට ඉදිරි වසර 10 කාලයක් තිබෙන බවයි.

ඔහු මෙසේ ද පවසයි.

“ඉන්දියාවට මේ සඳහා මඟ පෙන්වීමට සහ දේශගුණික ක්‍රියාවල පිරිවැය පිළිබඳ ආඛ්‍යානයක් නොව තිරසර ආර්ථික වර්ධනයක් සඳහා වන අවස්ථාවක් බව පැහැදිලියි. දේශගුණික විපර්යාසවල බලපෑමෙන් අපි කිසිවෙකු නිදහස් නැහැ.”
ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 05ක ආර්ථිකයක් ඇතිකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින ඉන්දියාව සිය ඉලක්කයට ළඟාවීමට නම් විදේශීය හා දේශීය ආයෝජන පමණක් නොව දේශගුණික විකල්ප සමඟ අභිලාෂ පෙළගස්වාගැනීමට ද ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගතයුතු බව අතුල් ධවාන් පවසයි.

එම වාර්තාව පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳ කිසිදු පියවරක් නොගෙන සිටියහොත් මේ සියවස අවසාන වනවිට සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 03ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි. එමගින් මිනිසුන්ට වැඩ කිරීමට දැඩි අපහසුතාවක් ඇතිවන අතරම ජීවිතවලට ද දියුණුවට හා සෞභාග්‍යයට ද තර්ජනයකි.

දේශගුණය සම්බන්ධයේන වන අලාභයේ සැළකිය යුතු කොටසක් දරා ගැනීමට ඉදිරි වසර 50 තුළ දී එහි වැඩිම බලපෑමට ලක්වන කර්මාන්ත 05කට දරා ගැනීමට සිදුවනු ඇතැයි ද වාර්තාව පෙන්වා දී ඇත.

මෙම කර්මාන්ත අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා, නිෂ්පාදන, සිල්ලර වෙළෙඳා ම සංචාරක කර්මාන්තය සහ ප්‍රවාහනය යන ක්ෂේත්‍ර පවතී.

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් මේ ක්ෂේත්‍ර ඔස්සේ නිපදවෙන බව වාර්තාව පවසයි. මේ සියල්ල එක්වගත් විට සමකාලීන ආර්ථික යාන්ත්‍රණයේ පදනම සකසන්නේ එම ක්ෂේත්‍රයන්ය.

ඩීලොයිට් ඇස්තමේන්තු කර ඇති අකාරයට 2070 වනවිට එම ක්ෂේත්‍ර 05 පමණක් සැළකූ විට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා එකතු කළ අගයෙහි පාඩුව වර්ෂයකට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.5ක් වනු ඇත.

ඩීලොයිට්හි පර්යේෂණ මගින් පෙන්වන පරිදි, රාජ්‍ය, ව්‍යාපාරික, සහ ප්‍රජාව විසින් ඞඉදිරි දශකය තුළ දේශගුණ විපර්යාස ආමන්ත්‍රණය කිරීමට කඩිනමින් කටයුතු කරන්නේ නම්  සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයෙහි නැග්ම 2050 වන විට ලෝකයේ සෙසු රටවලට ඉන්දියාවට අහිතකර ලෙස බලපෑම අවම කරගත හැකි බව ද පෙන්වා දී තිබේ. එවිට දේශගුණ විපර්යාසවල බලපෑම සෙල්සියස් අංශක 1.5ක සීමාවක පවත්වා ගැනීමට හැකිවන වනු ඇත.

එම කාලය තුළම, නිෂ්පාදන, සේවා, සහ මූල්‍ය කටයුතු ලෝක ව්‍යාප්තව සැපයීමෙන් සැලකිය යුතු ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි ද, ඒ සඳහා උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමට අවශ්‍ය බව ද එම අධ්‍යයනය සඳහන් කරයි.

දැනටමත් දේශගුණ විපර්යාස ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය රටවලට උසස් ගණයේ විසඳුම් ඉදිරිපත් කරන ලෝකයේ ප්‍රමුඛතම නිෂ්පාදකයන් වන බොහෝ ව්‍යවසායකයන්ට ඉන්දියාව නිවහන වන බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙයට ස්වභාවික සහ තාක්ෂණික දෙයංශයේම හරිත ජලකර වායුව සහ අහිතකර විමෝචන සෘණ අගයක් ගන්නා විසඳුම් ඇතුළත් වේ.

ඩීලොයිට් වාර්තාවට අනුව, ත්වරණය වන ප්‍රතිකාබනීහරණය, ඉන්දියාවටත් සෙසු ලෝකයටත් සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන එනු ඇත.

ඉන්දියාවට සිය ආර්ථිකය, උසස් කර්මාන්ත අංශවල වර්ධනය දෙසට,  සහ පහළ පිරිවැය සහිත පිරිසිඳු බලශක්ති අපනයන වෙළඳපල අත්පත් කරගැනීමේ වාසිය ගැනීමට මෙන්ම විමෝචනය අඩුකර ගැනීම සඳහා පදනමක් සැකසීම හකිවනු ඇත. මෙය සංකාන්තික ක්‍රියාවලියක් විය යුතුය.

ඉදිරි වර්ෂවලදී කලාපීය බලශක්ති ඉල්ලුමෙහි වේගවත් වැඩිවීමක් හටගනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

ඉන්දියාව අඩු විමෝචක ක්‍රියාවලියක් සඳහා පරිවර්ථනය වීම ආසියා ශාන්තිකර කලාපයේ සෙසු රටවල් සඳහා ද වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මකවීමට ඉඩ ඇති බව ද වාර්තාවේ දක්වා තිබේ.   

එයින්, තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය වන බලශක්ති ඉල්ලුමෙහි අනුරූපී වර්ධනය සහ පහළ විමෝචන තාක්ෂණය අතර, ඉහළ නැගෙමින් පවත්නා තුලනය සුමට කිරීම පිණිස ආයෝජනය කිරීම සහ සංක්‍රාන්තිය අත්කර දෙනු ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.  

Indianewsnetwork.com ඇසුරිණි.

පළමු ලිපියේ සබැඳිය

https://www.indianewsnetwork.com/20210830/india-could-gain-us-11-trillion-by-acting-on-climate-change-report

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

කොරෝනා එන්නත් අනිවාර්ය කිරීමේ නීතියක් එයි ද ?

කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධ නීති සම්මත කිරීමට ඉදිරියේ දී හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (26) මහනුවර රෝහලේ...

සංකූලතා ඇති දරුවන්ට බස්නාහිර සියලු රෝහල්වලින් එන්නත්

විශේෂ අවශ්‍යතා ඇති සහ වෙනත් සංකූලතා ඇති වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොරෝනා මරධන ෆයිසර් එන්නත් ලබාදීම හෙට (27) සිට බස්නාහිර...

වාහන ආනයන තහනම ඉවත්කිරීමේ බලාපොරොත්තුවක් ?

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ආකාරය අනුව රථවාහන සඳහා පනවා ඇති තහනම ඉවත්කිරීම සම්බන්ධව සළකා බලන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ්...

ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිටත් ප්‍රතිකාර සඳහ...

“පාසල් විවෘත කළත් උගන්වන්නේ නෑ” ගුරු විදුහල්පතිවරු කියති

රජය විසින් පාසල් විවෘත කළ ද තම ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තුරු ඉගැන්වීම් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් ‍එකමුතුව පවසයි.

රට විවෘතකරන දිනය සෞඛ්‍ය ඇමති කියයි

දැඩි සීමාවන්ට යටත්ව ලබන ඔක්තෝබර් මස 01 වැනි දා රට විවෘත කිරීමට බලා‍පොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පළාත් පාලන නිල කාලය දික්කර පුංචි ඡන්දය කල් දැමෙයි ?

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 පෙබරවාරි 10 වැවනි දා අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය විෂය භාර අමාත්‍යවරයාගේ බලතල අනුව...

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිව ගබඩාවල ගොඩගැහිලා

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිවීම හේතුවෙන් ත්‍රිපෝෂ පැකට් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ ගබඩාවල ගොඩගැසී ඇතැයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි.

“මැණිකේ මගේ හිතේ” ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට එයි

යොහානි ද සිල්වා ගායනා කළ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ලොව ප්‍රසිද්ධ ගීත දර්ශකවල ජනප්‍රියම ගීත 10 අතරට පත්ව තිබේ. මෙම...

කිරිපිටි මිල වැඩිකිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200.00කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ දී තීරණය කර තිබේ. මේ සම්බන්ධයයෙන් ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!