spot_img
spot_imgspot_img

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CID යට කැඳවයි

පුවත්

විදෙස්

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට (31) උදෑසන  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

මෙලෙස කැඳවා ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම, එම පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති බවටත්, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුළ සිදුවන වංචා හා දූෂණ සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් ඔහු යූ ටියුබ් නාලිකාවකට දැක්වූ අදහස් හේතුවක් කරගනිමිනි.

අද (30) සවස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හමුවීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරයා දන්නා තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බැවින් හෙට උදෑසන 8.30ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

මීට අමතරව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

කොරෝනා මර්ධනය ජාවාරමක් කරගත් පුද්ගලයන් සිටින බව කියමින් විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පසුගිය දා කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් එලෙස විනය පරීක්ෂණ කැඳවා තිබිණි.

විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මීට ඉහත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබූ අතර පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කෙරිණි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපතිධූරයට නාම යෝජනා භාරදුන් අතර ඔහුගේ අයදුම්පත්‍රයේ දෝෂ ඇතැයි පවසා එය ප්‍රතික්ෂේප කිරීට ද වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ සභාපතිත්වයෙන් යුතු එම සංගමයේ නාම යෝජනා කමිටුව තීරණය කර තිබිණි.

එයට විරෝධය දක්වා ජයරුවන් බණ්ඩාර අධිිකරණයේ පිහිට පැතූ අතර අධිකරණයේ නියෝගය වූයේ ඔහුගේ නාමයෝජනා භාරගෙන ස්වාධීන කමිටුවක‍ මෙහෙයවීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පැවැත්විය යුතු බවයි.

නමුත් මෙතෙක් එහි නිලවරණය පවත්වා නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!