spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ඉන්දියා සාමාන්‍ය ගුවන් ගමන් ආරම්භ වෙයි

පුවත්

විදෙස්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගත් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ‍කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ අනුව මුම්බායි, චෙන්නායි සහ බැංගලෝර් දක්වා සතිපතා ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක වෙයි. එමෙන් ම මදුරෙයි, තිරුචිරාප්පලි, ත්‍රිවන්ද්‍රම සහ කොචින් අතර සතියකට වරක් ගුවන් ගමන් සිදුකරයි.

හයිද්‍රාබාද් හා නවදිල්ලියට කොළඹ සිට සති දෙකකට වරක් ගුවන් ගමන් සිදුකිරීමට නියමිතිය. එමෙන් ම හෙට (31) සිට නේපාලයේ කත්මණ්ඩු සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ වෙයි.

ගුවන් මගීන් සියලු දෙනාට සෞඛ්‍ය නීතිරීති අනුව කටයුතු කිරීමට සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.

2 COMMENTS

  1. ඉන්දියාවෙන් මිනිස්සු එන එක ගැන නම් බය හිතෙනවා.

  2. ඉන්දියාවෙන් මිනිස්සු ලංකාවට ඒම ගැන නම් බය හිතෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!