spot_img
spot_imgspot_img

පානදුර රෝහලේ දී කොරෝනා මළ සිරුරු දෙකක් මාරුවීමෙන් ජරමරයක්

පුවත්

විදෙස්

පානදුර මූලික රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුද 89ක කාන්තවාක් හා 93 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකගේ සිරුරු එකිනෙක මාරුවීමෙන් බරපතල ගැටලුවක් මතුවී තිබිණි. 

89 හැවිරිදි වියේ පසු වූ කාන්තාව මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. ඇය පසුගිය 21 වැනි දා මියගියාය. පානදුර වීරසිංහ මාවතේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාව 26 වැනි දා මියගියාය.

21 වැනි දා මියගිය කාන්තාවගේ සිරුර ඇගේ ආගමික විශ්වාසයන් අනුව භූමදානය සඳහා ඔට්ටමාවඩි ප්‍ර‍දේශයට යවා ඇත්තේ 26 වැනි දා දිනයේ දී ය.

මියගිය 93 හැවිරිදි කාන්තාවගේ දියණිය ඊයේ (28) සිය මවගේ දේහය ආදාහනය කිරීමේ කටයුතු සඳහා රැගෙන යාමට පෙර සිරුර හඳුනාගැනීමට පානදුර මෘත ශරීරාගාරයට ගිය අවස්ථාවේ දී අගේ සිරුර එහි නොතිබිණි. මේ පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වූයේ 21 වැනි දා මියගොස් 26 වැනි දා ඔට්මාවඩි ප්‍රදේශයට මිහිදන් කිරීම සඳහා යැවූ කාන්තාවගේ දේහය තවමත් පානදුර මෘත ශරීරාගාරයේ ඇති බවයි.

නීතියට සම්බන්ධ නිලධාරිනියක් වන මෙම දියණිය රෝහල් බලධාරීන්ගෙන් තම මවගේ සිරුර ඉල්ලා දැඩි බලපෑම් කරන්නට වූවාය. රෝහල් බලධාරීන් ද සිරුරු මාරුවී ඇති බව දැනගත්තේ ඇගේ ප්‍රකාශයෙනි. ඔවුන් එය යටපත් කිරීමට බලවත් උත්සාහයක් ගෙන තිබිණි.

අනතුරුව විවිධ පාර්ශවයන් මෙම සිද්ධියට මැදිහත් වීමෙන් පසු රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදු කිරීමේ තීරණය මත සිද්ධිය සමථ වී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!