spot_img
spot_imgspot_img

“සංචාරක බුබුළ”, ගැලවීමට ඇති එකම මාර්ගයයි

පුවත්

විදෙස්

විපුල වනිගසේකර විසිනි

විදේශ විනිමය උපයන ඇඟලුම් සහ තේ අපනයන වැනි ක්ෂේත්‍ර පසුගිය කාලයේ බෙහෙවින් පාඩු ලැබීය. ඒ අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද ඉතා අසීරු අඩියක පවතියි. සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක් පමණ ඉහල අගයක් වූ අතර 2020 දී එය මුළුමනින්ම පාහේ පහත වැටිණ. රජය විසින් හෝටල් හිමියන්ට තාවකාලික ණය සහන කාලයක් ලබා දුන්නද 2020 වර්ෂයේ දී මහා පරිමාණ හෝටල් හිමියකුට දැරීමට සිදුවූ පාඩුව රුපියල් බිලියන 2.5 ක් පමණ බව ගණන් බලා ඇත. මෙය නියත වශයෙන්ම දැවැන්ත අර්බුදයකි, නොඑසේ නම් ව්‍යසනයකි.

හෝටල් හිමියන්ට ස්වෝත්සාහයෙන් නැඟී සිටීමට හැකිවන තුරු සංචාරක කර්මාන්තය කඩා නොවැටී තබා ගැනීමේ උපක්‍රම සෙවීමට මේ වනවිට කර්මාන්ත ක්ෂේත්‍රය සහ බලධාරීහු දැඩි උත්සාහයක යෙදී සිටිති. මේ අර්බුදයෙන් ගැලවීම සඳහා ආදේශ කරනු ලැබූ ‘සංචාරක බුබුල’නම් ක්‍රියාවලිය සම්බන්දව මේ වනවිට දේශීයව හා ජාත්‍යන්තරව බොහෝ කථා බහට ලක්වී තිබේ. මෙම ලිපියේ අරමුණ වන්නේ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමයි.

සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ප්‍රථමයෙන් සිදුකළ යුතු ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ සංචාරකයාගේ සිත් තුළ ඇති ‘බිය දුරු කිරීම’ යි. මෙය යුධ ගැටුම් පැවති කාලයේදී ද වරින් වර නිකුත් කරන ලද සංචාරක උපදෙස් වලට සමානය. රට “සිවිල් යුද්ධයකට” මුහුණ පා සිටින බව දැනසිටි සංචාරකයින්, එවැනි අනතුරු ඇඟවීම් නොතකමින් මෙරටට පැමිණියේ, තමන් ඉලක්ක නොවන බව දැන සිටි බැවිනි.

කොවිඩ් කාලයේදීත් මෙම අදහස ක්‍රියාත්මක කළ හැකිද ?

ලොව පුරා එන්නත් කිරීමේ වැඩ සටහන දැඩි කිරීමත් සමඟ රෝගීන් හා මරණ සංඛ්‍යාව නිසැකවම පාලනය වනු ඇත. මේ නිසා ශ්‍රී ලංකාව සහ අනෙකුත් ගමනාන්ත සඳහා සංචාරක වෙලඳපොළ වල දොරටු විවර කිරීමට යම් කාලයක් ලැබීම සැලකිල්ලට ගත යුතුය. ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ සමහර ප්‍රදේශ වල අගුලු දැමීම් වලට එරෙහි විරෝධතා අපට දැක ගැනීමට පටන් ගෙන තිබේ. ‘ජීවිතය ඉදිරියට ගෙන යා යුතුයි’ දැන් කෑගැසීම ඇසෙමින් තිබේ.

පසුගිය වසරේ මැද භාගයේදී මෙලිසා ලොකර් හෙළි කළ පරිදි, වර්තමාන වසංගතයට එක් විසඳුමක් වන්නේ සංචාරක පාලම හෝ කොරොනා කොරිඩෝව ලෙස හැඳින්වෙන සංචාරක බුබුල නම් ක්‍රියාදාමයයි. සංචාරක බුබුලු සංකල්පය ඵලදායි ලෙස ක්‍රියාත්මක වීමට නම්, සමස්ථයක් ලෙස දේශසීමා වසා තිබුණ ද එකිනෙකා සමඟ තම දේශසීමා විවෘත කිරීමට රටවල් සමූහයක් එකඟ වීම සිදු විය යුතුය. ශ්‍රී ලාංකික ලේඛිකා අංජලී කල්දේරා එය හැඳින්වූයේ ‘ජෛව ආරක්‍ෂක බුබුල’ යනුවෙනි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සමාජ සංචලතාව සහ ක්‍රමවේදය පිළිබඳ පර්යේෂකයෙක් වන බ්ලොක්, ට්‍රැවල් බබල් ගැන අදහස් දක්වමින් පවසන්නේ “එහි අදහස මිනිසුන්ට අමතර හානියක් නොවන පරිදි අමතර නිදහසක් ලබා දීමයි! නමුත් මේ සඳහා ද්විපාර්ශ්වික ගිවිසුම් වලට එළඹීමෙන් පසු ඊට සම්බන්ධ සියළුම පාර්ශවයන්ගේ දැවැන්ත සාමූහිකත්වයක් අවශ්‍ය වේ.

ලේඛක ෂැනන් මැක්මහෝන් සංචාරක බුබුලු සංකල්පය තවදුරටත් ශක්තිමත් කරමින් අවධාරණය කරන්නේ මෙය සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කළ හැකි එකම ක්‍රමය ලෙස පෙර පුහුණු අත්හදාබැලීම් මගින් පෙන්නුම් කළ බවයි. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ෂෙන්ගන් ප්‍රදේශය සහ බ්‍රිතාන්‍යය, හංගේරියාව සහ ස්කැන්ඩිනේවියාව සහ හොංකොං සහ සිංගප්පූරුව අතර බෝල්ටික් රටවල් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව තුළ සංචාරක බුබුලු අත්හදා බලා ඇත.

වාසි සහ අවාසි දැනුම්වත්ව සංචාරක බුබුල පරීක්‍ෂා කිරීමෙන් පසු ලංකාව වෙනත් ගමනාන්තයන්ට වඩා ඉදිරියෙන් සිටියි. යුක්රේනයෙන් සහ රුසියාවෙන් වරලත් ගුවන් යානා 50 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට මත්තලට පැමිණ ඇත. එසේම වසංගතය ඇතිවීමට පෙර ශ්‍රී ලංකාවේ දෙවන පෙළේ සංචාරක වෙළඳපොළක් වූ චීනය ප්‍රධාන වෙළෙඳපොළක් ලෙස සැලකිය හැකි අතර බලධාරීන්ට ඉන්දියාව සමඟ ද සාකච්ඡා නැවත ආරම්භ කළ හැකිය. වරලත් ගුවන් ගමන් මත සංචාරක බුබුලු දැඩි ලෙස රඳා පවතියි. එම නිසා අත්හදා බැලීම් සිදු කිරීමෙන් පසු වර්ෂ 1960-1970 වැනි අතීතයේ දී ස්කැන්ඩිනේවියාවේ සිට වරලත් ගුවන් ගමන් වල අත්දැකීම ලබා ගැනීමට ශ්‍රී ලංකාවට නැවත අවශ්‍ය වේ.

ගමනේදී සහ ගමනාන්තයේදී සියලුම සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන්නේදැයි නිරීක්ෂණය කරන බවට ඉදිරියේදී පැමිණෙන සංචාරකයින්ට සහතික විය යුතුය. කෙසේ වෙතත්, පීසීආර් ප්‍රථිපල ලැබෙන තුරු සංචාරකයින් හෝටල් කාමරය තුළ රැඳී සිටීමට බලකිරීම වැනි අනවශ්‍ය අපහසුතාවයන්ට පත් නොකළ යුතුය. අනාගතයේදී ඔවුන්ට එන්නත් දෙකම ලැබෙණු ඇති අතර නිරීක්‍ෂණය නොකඩවා සිදු කළ හැකිය. ප්‍රවීණතාවය සහ පරිවර්තනය වීමේ හැකියාව  අවශ්‍ය වන්නේ මෙවැනි අවස්ථා සඳහාය.

ඓතිහාසිකව හෝ වෙනත් ආකාරයකින් ලේඛනගත කර ඇති අඩු ප්‍රසිද්ධියක් සහිත ස්ථාන 700 කට වැඩි ප්‍රමාණයක් ප්‍රසිද්ධ කිරීම සඳහා සංචාරක මණ්ඩලය, වසර කිහිපයකට පෙර අධ්‍යයනයක් කර තිබුණි. එකල තිබූ ගැටලුව වූයේ සංචාරක ගමන් සටහන තුළ එම ස්ථාන සඳහන් කර නොතිබීම නිසා එ්වා ප්‍රවර්‍ධනය කිරීමට උනන්දුවක් නොමැති වීමයි. සංචාරක බුබුල සඳහා මෙම ආකර්ෂණීය ස්ථාන දැන් සලකා බැලිය හැකිය. පාරිසරික සංචාරක නිකේතන ලෙස හෝ මවුන්ටන් පාපැදි ධාවනය, පැරාග්ලයිඩින් වැනි වෙනත් බොහෝ සංචාරක ආකර්ෂණ ක්‍රියාකාරකම් සඳහා එම ස්ථාන යෝග්‍ය විය හැකිය.

දශක කිහිපකට පෙර සිට බෙන්තොට, හික්කඩුව සහ උණවටුන ප්‍රදේශ වල ආරම්භ කර තිබූ නිවාඩු නිකේතන සහ පසුගිය කාලයේදී පාසිකුඩා, කුච්චිවේලි, යාල, කල්පිටිය යන ප්‍රදේශයන්හි ඉදිවූ නිකේතන, සංචාරක බුබුලු සඳහා ආරක්ෂිත කලාප ලෙස සකස් කිරීමට හැකියාව ඇත.

ශ්‍රී ලංකාව සඳහා සංචාරක වෙළෙඳපොළ තුළ දොරටු විවෘත කිරීමට කැමති රටවල් සමඟ ‘සංචාරක බුබුල’ යථාර්තයක් බවට පත් කිරීම සඳහා පූර්ණ ක්‍රියාකාරීත්වයක් ඇති කිරීමට, වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් බලධාරීන් සමග කටයුතු කිරීමට අවශ්‍ය වනු ඇත.

කඩිනම් විසඳුම් සෙවීම අවශ්‍ය වුවත් එය ප්‍රායෝගික නොවේ. සෞඛ්‍ය රෙගුලාසි සමඟ සැලසුම් කිරීම සහ සංවිධානය කිරීම සඳහා  වනජීවී, වන සංරක්ෂණ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පුරාවිද්‍යා, නාගරික සංවර්ධන අධිකාරිය සහ ඒ සියල්ලටම වඩා අදාළ ප්‍රදේශවල සහ ස්ථාන සම්බන්දව දැනුම සහිත පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් වැඩි වැඩ කොටසක් සිදුකළ යුතුය.

අවශ්‍ය සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රියාමාර්ග හැරුණු විට, UNEP හරිත ආර්ථික යෙදවුම පවසන්නේ, ව්‍යාපාර පැවැත්වීමේදී සම්පූර්ණයෙන්ම නව චින්තනයක් බවට පරිවර්තනය වීමේ අවශ්‍යතාව ඇතුළු දිරිගැන්වීමේ සංඥා පවතින බවයි. උදාහරණයක් ලෙස වාර්තාව පවසන්නේ, ‘වසංගතය වර්ධනයත් සමඟ ඩිජිටල්කරණය උසස් ලෙස වර්ධනය කිරීම, ඉලෙක්ට්‍රොනික භාවිතයන්, ස්පර්ශ රහිත ගනුදෙනු සහ නවෝත්පාදන තාක්ෂණික මෙවලම් භාවිතයෙන් සංචරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකි බවයි.” එමෙන් ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා එම සාධක සාර්ථක ලෙස බාවිතා කළ හැකිය.

තවත් වාසියක් නම්, ‘සංචාරක බුබුල’ ඒ ආකාරයෙන් සාම්ප්‍රදායික ස්ථානවලින් බැහැරව දේශීය සංචාරකයන් සඳහා ද භාවිතා කළ හැකිවීමයි. ‘Truly Asia’ ව්‍යාපාරයට පෙර මැලේසියාවේ සිදුවුණාක් මෙන්, ශ්‍රී ලංකාවේ විවිධත්වය තවමත් දේශීය සංචාරකයන් සඳහා නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නැත.

‘සංචාරක බුබුලෙහි තවත් උපාය මාර්ගික ප්‍රතිලාභයක් තිබේ. විදේශ කාර්යාලය මඟින් සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික තානාපතිවරුන් මගින් මේනම රට රටවල සංචාරය කරන ශ්‍රී ලාංකිකයින් සමඟ අන්‍යොන්‍ය සබඳතා ඇතිකරගෙන සංචාරක ව්‍යාපාරය ප්‍රවාර්ධනය කිරීමේ වේදිකාවක් කර ගත හැකිය.

එබැවින් වෙළඳාම සහ ආයෝඡනය ආශ්‍රිත ව්‍යාපාර ඇතුළුව සියලු වර්ගවල සංචාරක ක්ෂේත්‍රයන් සඳහා ‘සංචාරක බුබුල’ ට විශාල අවශ්‍යතාවක් ඇති වී තිබේ.

චීන සංචාරකයින් නැවත විදේශගත වීම ආරම්භ කිරීමට සූදානම්ව සිටීමෙන් පෙන්නුම් කරන්නේ යථාර්ථය නොවැළැක්විය හැකි බවයි. ඒ සමග ‘සයිනොෆාම් එන්නත් ලබාගත් ප්‍රබෝධමත් චීන ජාතිකයින්’ පිළිගැනීමට ඉදිරියේ අපට හැකිවනු ඇත.

එසේ වුව ද චීන ව්‍යාපාර ආයෝජන හැරුණු කොට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම අවශ්‍යව තිබේ.

ලේඛකයා ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයකු වන අතර Convention Bureau හි ප්‍රධාන විධායක නිලධාරීවරයාය. එමෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරියකු වන අතර සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ අධ්‍යයනයන් රැසක් සිදුකළ විද්වතෙකි

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි. එම ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ලිපි සිංහල බසින් rata.lk වෙබ් අඩවියේ පළ කිරීම සඳහා factum.lk සහ rata.lk සහයෝගීතාවකට එළැඹ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!