spot_img
spot_imgspot_img

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා ඇවිදින මංතීරුවක් හදයි

පුවත්

විදෙස්

‍පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාවට යොදා ඇති රළපනාවේ කලුගල් ඉවත්කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමෙන් වැවට දැඩි හානියක් සිදුවිය හැකි බවට ගොවීහු චෝදනා කරති.

ගොවීන්ගේ විරෝධය පවා නොතකමින් මෙම කාර්යය ඉටුකරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.

පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරෝවවේ සිට දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථාන ආසන්නයට මෙම ඇවිදින මංතීරුව ඉදිකිරීමට සැළසුම් කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියෙන් කළ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් ලක්ෂ 340ක් වියදම් කරමින් මෙම ඇවදින මංතීරුව ඉදිකරන බවත් එය කිලෝ මීටර 1.7ක් දිගැති බවත් පරාක්‍රම සමුද්‍ර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.

ගොවීන් චෝදනා කරන්නේ වැව් බැම්ම දිගේ ඕනෑම අයකුට නිදහසේ ඇවිද යාමට අවකාශ තිබිය දී මෙවැනි ඇවිදින මංතීරුවක් සෑදීම බරපතල ගැටලුවක් බවයි.

ඡායාරූප අනුග්‍රහය – ලංකාදීප

4 COMMENTS

  1. අපි හැමදාම ඇවිද්ද,,අපූරුවට,මන්තීරු නැතිව .. ස්වභාවික සුන්දරත්වය සමග.. මේක නොකලු යුතු වැඩක්.. ගුරුවරුන්ගෙ ගැටලුව විසදා ඉගෙන ගන්න දරුවන්ට උදව් කල යුතු වෙලාවෙ මෙවැනි විහිලු සැපයිම කනගාටුදායකයි.දහස් ගානක් ඕකෙ ඇවිදින්නෙ නැහැ .තියෙන ඉඩ හොදටම ඇති .මෙහෙ ඕනතර මිනිසුන්ටඇවිදින්න තැන් තියෙනව….😪

  2. මුන්ට පිස්සු හැදිලා ද රට මෙච්චර ණය වෙලා තියෙද්දි.කොලඹට ඕවා ඕනි ගම් වලට මොකටද ඇවිදින මංතීරු.ඒ වායේ පයින් ඇවිදින්න ඕන තරම් ඉඩ තැන් තියෙන්නේ

  3. පිස්සු වැඩ. අපිට එතන ඇවිදින්න ඕන හැටියට ඉඩ තියෙනව… ඔය සල්ලි ටික දෙන්න එන්නත් ගන්න හරි ගොවියන්ට පොහොර ලබා දෙන්න හරි.

  4. ඉතින් දැන් ඔය දෙනවා කිව්ව ඒව සහ ඉල්ලපු ඒව නෙමෙයි ද ලැබෙන්නේ ? ඝෝටාභය ජනාධිපතිතුමා ඒ කාලේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විදියට කොළඹ හදපු මංතීරු ටිකෙන් තමයි ජනප්‍රිය වුණේ .ඔය පොළොන්නරුවෙ ගොවි මහත්තුරු කොළඹ ගිහින් බැහැලා එහේ හදලා තිබිච්ච ඇවිදින ලස්සනයි හරි ෂෝක් කියලා කිව්වා .ඒක මාත් එක්කම කිව්වා .ඊට පස්සේ තමයි මමත් තීරණය කළේ හරි ඒගොල්ලන්ට ඕන දේවල් ලබා ගත්තාවේ කියලා.ඉතින් අවුරුදු එකහමාරක් පරක්කු වෙලා හරි දැන් ඒව ලැබෙනවා .ඔය කැඩිච්ච අමුණු කැඩිච්ච ඇලවල් කැඩිච්ච පාරවල් පස්සේ හදාගන්න පුළුවන් .ඉස්සෙල්ලා ඇවිදල ඉන්න වේවි.ව්‍යාපාර ගොවි සංවිධානය මොකද කරන්නේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!