spot_img
spot_imgspot_img

ඩෙල්ටා ප්‍රභේදය හා එන්නත් ගැන ලොවම තිගැස්සෙන හෙළිදරව්වක්

පුවත්

විදෙස්

ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීම් මධ්‍යස්ථානය පවසන්නේ නව පර්යේෂණවලට අනුව කොරෝනා මර්ධන එන්නත්වලින් මිනිස් සිරුරට ලැබෙන ප්‍රතිශක්තිය ක්‍රමයෙන් අඩුකිරීමට සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය සමත්ව ඇති බවයි.

අගෝස්තු 24 වැනි දා නිකුත්කරන ලද අධ්‍යයනයකින් හෙළි වන්නේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියට පෙර සහ ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේ දී ම පූර්ණ එන්නත්කරණයට ලක් වූ සෞඛ්‍ය සේවකයන් අතර එන්නත්වල සඵලතාව මේ වනවිටත් අඩුවී ඇති බවයි. ඩෙල්ටා ප්‍රභේදයේ ඉහළ සම්ප්‍රේෂණ හැකියාව හෝ වෙනත් සාධක හේතුවෙන් මෙය සිදුවිය හැකි බව විද්‍යාඥයෝ කියති.

රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ මෙම ප්‍රවණතාව “ප්‍රවේශමෙන් අර්ථ නිරූපනය” කළ යුතුය යන්නයි. එන්නත්වල සාර්ථකත්වය පහත වැටීම ගැන නිරීක්ෂණය කිරීමේ දී එය සීමිත සති ගණනක් නිරීක්ෂණය කිරීම හෝ සංඛ්‍යාත්මකව අඩු නියැදියක් තෝරාගෙන තීරණ ගත යුතු දෙයක් නොවන බව ද එම මධ්‍යස්ථානය පවසා ඇත.

මේ වනවිට ඇමෙරිකාවේ දැනට වාර්තාවන කො‍රෝනා ආසාදිතයන්ගෙන් 95%කට වඩා වැඩි ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයන් බව තහවුරු වී තිබේ. වැඩිම ආසාදිතයන් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වූ පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඇමෙරිකාවේ ප්‍රාන්ත 43ක ම මරණ අනුපාතය යළි ඉහළ යමින් තිබෙන අතර ඊට හේතු වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභෙබ්දයේ ව්‍යාප්තිය බව ජෝන්ස් හොප්ස්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත විශ්ලේෂණ අනුව පැහැදිලි වෙි.

එම අධ්‍යයනය මැයි සහ ජූලි මාසවල දී ලොස් ඇන්ජලීස් නගරයෙන් වාර්තා වූ කෙ‍ාරෝනා ආසාදිතයන් පිළිබද සිදුකර ඇත. එහි දී තහවුරු වී ඇත්තේ ආසාදනය වූ අයගෙන් එන්නත් කර ඇති පුද්ගලයන් රෝහල් ගත කිරීමට සිදුවන ප්‍රමාණය සැළකිය යුතු ලෙස අඩු බවයි. නමුත් එන්නත් නොකළ පුද්ගලයන් රෝහල් ගත කිරීමට සිදුවීම එන්නත් නොකළ පුද්ගලයන්ට වඩා 29 ගුණයකින් වැඩි බව ද පෙන්වා දෙයි.

එන්නත් මගින් සිරුරට ලැබෙන ප්‍රතිශක්තිය ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ක්‍රමයෙන් අඩු වී ගිය ද පූර්ණකාලීනව සළකා බැලූ විට එන්නත් කිරීමේ වැදගත්කම අධ්‍යයනවලින් තහවුරු වී තිබේ. යළි ඇමෙරිකාවේ ඇතිවී තිබෙන කොරෝනා රැල්ල සමඟ රෝහල්ගත වීමේ දී එන්නත ලබාගෙන සිටීමේ වාසියක් ඇති බව පැහැදිලිව තහවුරු වී ඇත.

මේ පර්යේෂණ සිදුකළ ස්ක්‍රිප් පර්යේෂණ ආයතනයේ උප සභාපති අණුක වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය එරික් ටොපෝල් මෙසේ පවසයි.

“මේ අධ්‍යයනයන් දෙක සහ මෙතෙක් වාර්තා වී ඇති සියල්ල එකට සැළකූ විට පූර්ණ එන්නත් ලබාගත් පුද්ගලයන් අඛණ්ඩව ආරක්ෂිිත බව ඔබට පෙනී යනු ඇති. රෝහල් ගතවීමේ අවශ්‍යතාව එන්නත් මගින් පැහැදිලිව ම කැපී පෙනෙන ලෙස අඩුකර තිනෙවා.”

මහචාර්ය ටොපෝල් පවසන්නේ කොරොනා මර්ධන එන්නත ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය මාස 5-6 පඹණ කාලයක් තුළ දී අඩුවීමක් දක්නට ලැබෙන බවයි. මේ හේතුවෙන් එන්නත ගත් පුද්ගලයන් ද ආසාදනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති බව ද ඔහු පෙන්වාදෙයි.

“ඔබ එන්නත ගැනීමෙන් පසු මාස අටක් සිටියහොත් ඩෙල්ටා සංසරණය වනවිට ඔබ පහහකට හෝ හයකට පසු ඉතිරි මාස දෙක තුනේ අවදානමට ලක්වෙනවා. මොනවා කළත් ඔබ ජීවත්වන්නේ ගුහාවක නොවේ නම් ඔබට ඩෙල්ටා ප්‍රභේදයට නිරාවරණය වීමට සිදුවෙනවා” යැයි ටො‍පෝල් පැවසීය.

සෞඛ්‍ය සේවකයන් සහ රෝගීන් හා සෘජුව සම්බන්ධවන ඉදිරි‍ පෙළ සේවකයන් සම්බන්ධ කරගනිමින් සිදුකරන ලද අධ්‍යයනය 2020 දෙසැම්බර් සිට අ‍ගෝස්තු 14 වැනි දා දක්වා ප්‍රාන්ත 06ක සිදුකර තිබේ. එම අධ්‍යයනයෙන් තහවුරු වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය පැමිණීමට පෙර එන්නත්වල කාර්යක්ෂමතාව 91%ක් වූ බවයි. නමුත් එය ඩෙල්ටා හමුවේ 66%ක් දක්වා පහළ වැටී ඇති බව දැන් තහවුරු වී තිබේ.

මහාචාර්ය ටොපෝල් පවසන්නේ කාලයාගේ ඇවෑමෙන් ප්‍රතිශක්තිය අඩුවීම නිසා එන්නත්වල සාර්ථකත්වය මෙලෙස අඩුවීම පමණක් ම හේතුවිය හැකි වුව ද ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය සමඟ වැඩි දෙයක් කළ හැකියැයි තමන් විශ්වාස නොකරන බවයි.

එමෙන්ම කොරෝනා වසංගතය යම් පමණකට පාලනය කිරීමෙන් හා එන්නත්කරණය සාර්ථකවීමෙන් පසු යම් පමණකට ලිහිල් කරන ලද සමාජ දුරස්ථභාවය වැනි කරුණු ද මෙලෙස යළි ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියට බලපාන්නට ඇතැයි සිතිය හැකි වුව ද ඒවා ගණනය කළ හැකි සාධක නොවන බව ද හෙතෙම පෙන්වාදෙයි.

මෙම පර්යේෂණ මගින් පෙනී යන්නේ සෑම කෙනෙකුම කොරෝනා මර්ධන එන්නත් ගැනීම අත්‍යාවශ්‍ය බවයි. එමෙන්ම එන්නත් ගත්ත ද ආරක්ෂාවීමේ වැදගත්කම ද එම පර්යේෂණ මගින් තහවුරු වෙයි.

“එන්නත් කර තිබුණ ද එම පුද්ගලයන්ට සිතන තරම් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය ඇතුළු සියලු යහපත් සෞඛ්‍ය පුරුදු අත්‍යාවශ්‍යයි. ඔවුන් ඒ වෙනුවෙන් කළ හැකි සෑම දෙයක් ම කළ යුතුයි. හොඳම දේ එන්නක් නොමැති යැයි විශ්වාස කර කටයතු කිරීම”  යනුවෙන් පර්යේෂකයෝ කියති

මෙම ලිපිය මුලින්ම ප්‍රකාශයට පත්කර තිබුණේ මේ ආකාකරයෙනි.

yahoo ලිපිය පළකර තිබූ ආකාරය

https://www.yahoo.com/news/keep-guard-cdc-studies-show-004421531.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!