spot_img
spot_imgspot_img

නිදි යහනටත් එබෙන ජනමාධ්‍යය, දළදා පෙරහැරේ අලි කුලප්පුව නොදුටුවේ ඇයි

පුවත්

විදෙස්

මහා සංස්කෘතික මංගල්‍ය්‍යක් ලෙස පැවැත්වෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පූජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහැරේ දී අලියකු කුලප්පුවීමේ සිද්ධිය මේ වනවිට මෙරට බොහෝ ප්‍රධාන මාධ්‍යවලින් සැඟවූ පුවතක් බවට පත්ව තිබේ.

ඇතැම් පුද්ගලයන්‍ගේ ‍පුද්ගලික දේ පවා ඉස්මතු කරමින් ජුගුප්සාජනක මාධ්‍ය කලාවක නිරතවන වර්තමාන මාධ්‍ය මෙවැනි සිදුවීම් නොසළකා හරින්නේ ආගමික උන්මාදය නිසා විය යුතුය. ආගම පෙරටුකරගෙන කරන කිසිම කර්තව්‍යයක ගුණදොස් දැකීමට පවා නොහැකි තත්වයකට අද සමාජය පත්කර ඇත්තේ මෙවැනි සිද්ධීන් පවා සඟවනු ලබන මහා මාධ්‍යලෙස ලේබල් අලවාගෙන සිටින මුදලාලිකරණය වූ මාධ්‍ය හේතුවෙනි.

ආගමික ස්ථානයක සිදුවන ළමා අපචාර සිද්ධි, ඉඩම් පැහැරගැනීම් පවා ආගමික අනුහසින් යටපත් කරන ශ්‍රද්ධාවන්ත මාධ්‍ය මුදලාලිලාට මෙරට ප්‍රධානත ම සංස්කෘතික උළෙල වූ මහනුවර දළදා පෙරහැරේ අලියකු කුලප්පු වී‍ම කාන්තාවකගේ නිදියහනට වදින අනියම් පුරුෂයකු අසුවීම තරම්වත් නොවටිනා තත්වයට පත්ව තිබේ.

රූපවාහිනී හා පුවත්පත් මාධ්‍ය දෙකම සතු එක්තරා ආයතනයක උදෑසන පුවත්පත් කියවද්දී එහි නිවේදකයා ද මෙවැනි සුළු සිද්ධියක් ඊයේ ඇතිවී තිබේ යැයි පවසමින් සිද්ධියෙන් ලිස්සා ගියේය.

දළදා මාළිගාවේ පෙරහැර නැරඹීමට මෙවර සාමාන්‍ය ජනතාව සහභාගී නොවූ බැවින් අනතුරක් සිදුවූයේ නැත. නමුත් එතැන පිරිස් රැස්වී සිටියේ නම් බොහෝ දෙනකු අමාරුවේ වැටෙන්නේ අලින්ගෙන් පහර කෑමෙන් නොව දුවන්නට ගොස් අන්අයට පෑගීමෙන් සහ වැටී තැලී පොඩිවීමෙනි.

එය සුළු සිද්ධියක් වුවත් කුලප්පු වූ අලින්ගේ වළිගයේ එල්ලී අලියා දමනය කරගන්නට දැඩි වෙහෙසක් දරන ඇත්ගොව්වෝ ද යදම්වලින් අලි බැඳ දමන ආකාරය ද පෙරහැරට සහභාගී වූවෝ ද හිස් ලූ ලූ අත දිවයන ආකාරය වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙයි.

මෙවන් සිදුවීමක් පවා වාර්තා නොකරන මාධ්‍යවලට කැලණි ගඟ පලාගෙන මතුවන නාගයන්නම් මහා ප්‍රවෘත්ති වෙයි.

දැන් එළැඹ ඇත්තේ රටේ මහා මාධ්‍යවලින් ජනතාව ඈත්වීමේ යුගයයි. ඒ මාධ්‍යය ම මෙවැනි පුවත් මඟහැරීමෙන් සහ ව්‍යාජ පුවත් ජනගත කිරීමෙන් තම පාඨකයන් හා ප්‍රේක්ෂකයන් අතර ඇති විශ්වාසය බිඳ දමා ගනිමින් ඔවුන් ඉක්මණින්ම ඈත් කරගැනීම දැඩි කණගාටුවට කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!