ටොලමි එදා අපේ රට දැකපු හැටි හරියට ම හරි

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

අප සියලු දෙනාම ටොලමිගේ ලංකා සිතියම ගැන අසා තිබේ. ලෝක සිතියමක් ඇඳ ඇති ටොලමි. එහි ඉන්දියාවට පහලින් තැප්‍රබේන් නමින් සුවිසල් දූපතක් ඇඳ ඇත. මේ දිවයින වත්මන් ශ්‍රී ලකාව බව පැහැදිලිය. ටොලමි ලංකා සිතියමක් ඇඳ ඇතැයි කීව ද ඔහු ශ්‍රී ලංකාව දැ ඇත්තේ කෙසේ දැයි කියා කිසිවෙකු අධ්‍යයනය කර නැත.

මේ ලිපිය ඒ් පිළිබඳ කරන ලද අධ්‍යයනයකි.‍

අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය කීවේත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස විරුදාවලිය ලැබුවේත් මේ සිරිලක් දිවයිනයි.

එහි පතල කීර්තිය කොතෙක් ද යත් බයිබලයේ සඳහන් සමෘද්ධිමත් ම නගරය ටාර්ෂිස් නමැති පුරවරය අතීත සිරිලක මහ තොටමුණක් හා ප‍්‍රධානත ම වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ වත්මන් ගාල්ල පුරවරය යැයි බොහෝ විද්වතුන්ගේ විශ්වාසයක් ව පවතී.

අතීතයේ පෙර අපරදිග රටවල නායක කාරකාදීන් මෙන්ම වෙළෙන්දෝ ද දේශ ගවේෂකයෝ ද මේ දිවයින දුටුවේ මිහිබට සුර පුරයක් ලෙසිනි. අතීත ලෝක සිතියම් සකස් කිරීමේදී ශ්‍රී ලංකාවට වැදගත් ස්ථානයක් හිමිවන්නේ ද එබැවිනි.

මෙරටට ආවේණික වූ කුරුඳු මෙන්ම අලි ඇතුන් සහ මුතු මැණික් ද ඒ වටිනකම්වලට හේතු වන්නට ඇත.

ලෝකයේ මුල්ම සිතියම ක්‍රිස්තු පූර්ව 2800 දී මැටි පුවරුවක සටහන් කැර තිබියදී කැණීමකින් සොයාගෙන තිබේ.

ඉන් අනතුරුව වරින් වර නිර්මාණය වූ ලෝක සිතියම් රාශියක් හමුවී ඇත.

වත්මන් සිතියම් හා සැසඳීමේ දී එදා ඇඳි ලෝක සිතියම් ද බොහෝ දුරට නිවැරදි සාධක හා තොරතුරු මත පදනම්ව සකස් කර ඇති බව පෙනී යන කරුණකි.

එදා සිතියම් ඇඳීමේ දී අද මෙන් ගුවන් යානා, චන්ද්‍රිකා වැනි දියුණු තාක්ෂණික ක‍්‍රමෝපායයන් තිබුණේ නැත. දේශ ගවේෂකයන්ගෙන් ලැබෙන්නා වූ තොරතුරු පදනම් කරගනිමින් දීර්ඝ වෙහෙසකර කාර්යයක ප‍්‍රතිඵලයක් ලෙස ලෝක සිතියම් සැකසුණි. ඒවායේ නිරවද්‍යතාවෙන් පෙනී යන්නේ ඔවුන් සිය කාර්යය කොතරම් හොඳින් ඉටුකර ඇත්ද යන්නයි.

අතීතයේ මෙරටට පැමිණි විවිධ ජාතීහූ අප රටට විවිධ නම් කියූහ. සිංහලය, සිංහලද්වීපය, සෙරන්ඩිබ්, තප්‍රොබේන් යන නම් භාවිතා කළ බවට සාධක තිබේ.

මේ අතරින් මෙරට මුල් වරට අපේ රට ලෝක සිතියමක දැක්වෙන්නේ තප්‍රොබේනය යන නමිනි.

මේ සිතියම සකස් කර ඇත්තේ ග්‍රීක ජාතික ක්ලෝසියස් ටොලමි විසිනි.

ග්‍රීකයෝ එකළ සිතියම් සකස් කිරීමෙන් ලොව අග‍්‍රගන්‍ය ස්ථානයක සිටියහ.

ඒ සඳහා තාරකා ශාස්ත‍්‍රය හා ගණිතය පිළිබඳව ඔවුන් සතු වූ පුළුල් දැනුමත් හැකියාවත් උපයෝගී කරගන්නට ඇත.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ ටොලමි තප්‍රොබේන් හෙවත් වත්මන් ශ්‍රී ලංකාව ඇතුලත් ලෝක සිතියම නිර්මාණය කැර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 90 ත් 168 ත් අතර කාලයේදීය.

ටොලමි වත්මන් ශ්‍රී ලංකාවට හෙවත් එදා තප්‍රොබේනයට කිසිදා පැමිණ නැත.

මෙහි යන එන වෙළඳුන් හා රාජ්‍ය දූතයන් ටොලමිට පැවසූ තොරතුරු අනුසාරයෙන් ඔහු පෙරදිග මහා වෙළඳ මධ්‍යස්ථානය සිතියමට නගා තිබේ.

ටොලමිගේ සිතියම පිළිබඳ පැසසුම් මෙන්ම විවේචන ඇත.

ඔහු තම සිතියමේ අක්ෂාංශ හා දේශාංෂ කිසියම් පරිමානයකට අනුව ලකුණු කැර ඇත.

නිවර්තන රේඛා තීරණය කර ඇත්තේ අක්ෂාංශ 23ත් 50ත් ලෙසිනි.

ටොලමිට ඇති ප‍්‍රධාන චෝදනාව වන්නේ ඔහු පෘථිවියේ ප‍්‍රමාණය අවප‍්‍රමාණ කැර ඇති බවයි.

තව ද ඔහු ඇතැම් රටවල් වෙනස් වූ පුදුමාකාර හැඩ වලින් ද දක්වා තිබේ.

ඇතැම් රටවල් විශාලව ද දක්වා තිබීම ටොලමිගේ සිතියමේ ඇති විශේෂත්වයකි.

වත්මන් ශ්‍රී ලංකාව හෙවත් එකල තප්‍රොබේනය ද ටොලමි දක්වා ඇත්තේ අසාමාන්‍ය විශාලත්වයෙන් බව පැහැදිලි සහ අප කවුරුත් දන්නා කරුණකි.

ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ ටොලමි එකළ තප්‍රොබේනය නිසි විශාලත්වයකින් යුතුව සළකුණු කැර ඇතත් වර්තමානයේ මුහුදු ඛාදනය හේතුවෙන් දැනට ඇති ශ්‍රී ලංකාව නිර්මාණය වී ඇති බවයි.

නමුත් බොහෝ විද්වතුන් පවසන්නේ ශ්‍රී ලංකාව අතීතයේ අත්කැරගෙන තිබූ ජාත්‍යන්තර කීර්තිය හා සමෘද්ධිමත් බව හේතුවෙන් ටොලමිට අසන්නට ලැබූ තොරතුරු අනුව තප්‍රොබේනය විශාල දූපතක් ලෙස ඔහු දකින්නට ඇති බවයි.

ටොලමි මේ සිතියම අදින ලද්දේ ක්‍රිස්තු වර්ෂ 139 හෝ ඒ ආසන්න කාලයේදීය.

මහා වංශයට අනුව එවකට මෙරට රාජ්‍යත්වය දරා ඇත්තේ මහළුනා රජු හෝ දෙවැනි භාතිය තිස්ස රජුය.

මේ කාලයේ මෙරට රජු රෝමය, ඊජිප්තුව, ඉතියෝපියාව, ග්‍රීසිය හා අරාබි රටවල් සමග වෙළඳ ගිවිසුම් ඇතිකැර ගත් බවට තොරතුරු ඇත.

ඒ හේතුවෙන්ම තප්‍රොබේනය හෙවත් සිංහලද්වීපය ලොව පුරා ප‍්‍රචලිත රටක්ව පවතින්නට ඇති බවට කිසිදු සැකයක් නැත.

ටොලමිගේ සිතියමේ විශේෂත්වය වන්නේ අප රට ප‍්‍රමාණයට වඩා විශාලව දක්වා ඇතත් ඔහු මෙරට බොහෝ ස්ථාන නිවැරදිව ලකුණු කර තිබීමයි.

බටහිර භාරතයෙන් මෙහි සංක‍්‍රමණය වූ ආර්යයන්ගෙන් පැවත එන මුල් කාලීන සිංහලයන් මෙරට බටහිර පෙදෙස්හි ජීවත් වූ බවත් ඔවුන් එකල සංස්කෘත භාෂාවට සමාන වූ භාෂාවක් භාවිත කළ බවත් රටේ නම වශයෙන් යෙදුණු තප්‍රොබේනය යන්නෙන් ද ඒ බව සනාථ වන බවත් විද්වතුන්ගේ මතයයි.

තප්‍රොබේන් යන්න තම්බපණ්ණි යන මාගධික පදයක් නොව තාම‍්‍රපර්ණි යන සංස්කෘත පදයෙන් සෑදුනක් යන බව පැහැදිලිය.

තව ද ටොලමිගේ සිතියමේ එකල රටේ රාජධානිය වූ අනුරාධපුරය නිවැරදිව දක්වා තිබීම විශේෂත්වයකි.

ඔහු එය සටහන් කැර ඇත්තේ අනුරෝග‍්‍රාමන් යනුවෙනි.

අනුරාධග‍්‍රාමය යන්න ග්‍රීකයන්ට ඇසුණු ආකාරය විය යුතුය.

එකල සංස්කෘත බස වෙනුවට හෙළ බසක් භාවිතයට ගත්තේ නම් රුහුණු දනව්වක් ලංකාවේ තිබිය යුතුය.

නමුත් ටොලමි දක්වා ඇත්තේ රෝහණ දනව්ව යන්නයි.

මෙයින් ද පෙනෙන්නේ ටොලමි ලංකාවේ සිතියම අදින යුගයේ මෙරට ග‍්‍රාම නාම ව්‍යවහාරයන් සංස්කෘත ඌරුවකින් යුක්ත වූ බවයි.

ටොලමි නාගදීපය ද පැහැදිලිව සටහන් කැර ඇත.

ටොලමි ලෝක සිතියම අඳින කාලයේ රටක් හැඳින්වීමට රෝමක, ජාවක, පාරසික ආදී වශයෙන් අගට ‘ක’ යෙදීම සිරිතක්ව පැවතිණි.

මේ අනුව යමින් තප්‍රොබේන් යනුවෙන් සිරිලක හැඳින්වූ ටොලමි මෙරට ‘සලිකේ’ යනුවෙන් හැඳින්වූ බව ද සටහන් කැර තිබේ.

දඹදිව ගංගා නිම්නයේ සිට පැමිණි සංක‍්‍රමණිකයෝ මෙරට විශාලත ම ගංඟාව වූ මහවැලි නදිය වටා පදිංචිව සිටියහ.

ඔවුන් මහවැලිය හඳුන්වන ලද්දේ ගංඟා යන නමිනි.

පසු කළෙක සිංහලයෝ රටේ ඇති සියලූ නදී ගංඟා යැයි නම් කරන ලදී.

ටොලමිගේ සිතියමේ මහවැලි නදිය හඳුන්වා ඇත්තේ ගැන්ජීස් යන නමිනි.

ඒ මෙරටට පැමිණි පිරිස් ටොලමි හමුවන විට ගංඟා යන්න වැහැරූ ආකාරය විය යුතුය.

අතීතයේ මෙරට වූ මහානාගකුල නම් පෙදෙසක් රෝහණ පුරවරයේ වැදගත් ස්ථානයක් විය.

එය අද රම්බා විහාර ප‍්‍රදේශය ලෙස විශ්වාස කරයි.

ටොලමි සිය සිතියමේ මේ ස්ථානය නම් කැර ඇත්තේ නාගථූප යනුවෙනි.

දෙවුන්දර නගරය ද ටොලමිගේ කාලයේ පවා පූජනීය පෙදෙසක් වූ බව සිතීමට පුළුවන.

එය ඔහු දගන යනුවෙන් හඳුන්වා ඇත.

එමෙන්ම එය සඳ දෙවියන්ගේ පුද බිමක් බව ද ටොලමි සඳහන් කරයි.

දෙවුන්දර චන්ද්‍රයාගේ බලය සහිත ස්ථානයක් යැයි යන්න අදට ද විශ්වාසයක් පවතී.

ටොලමිගේ සිතියමේ දැක්වෙන තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ රට මධ්‍යයේ පිහිටි කඳුකරයයි.

එය ද එකල ඇඳි සිතුවම් අනුව ඉතාමත්ම නිවැරදි සඳහන් කිරීමකි.

එහි තවත් සුවිශේෂී කරුණක් තිබේ.

කඳුකරය ඔහු හඳුන්වා දී ඇත්තේ ‘මලය කඳු’ යනුවෙනි.

අතීතයේ මධ්‍යම කඳුකරය හැඳින්වීමට යෙදුවේ මලය රට යන්නයි.

ටොලමි වඩාත් නිවැරදි බවට එය ද සාක්කියකි.

කෙසේ වෙතත් අද අප භාවිතා කරන නගරය යන වචනය ටොලමි භාවිතා කැර ඇත්තේ රෝහණ දනව්වේ අගනරගය වූ මාගම රාජධානිය හැඳින්වීමට බව ඔහුගේ සිතියම පිරික්සිමේ දී පෙනී යයි.

එදා මාගමට ‘නගරය’ යන්න භාවිතා කළ හේතුවක් හෝ දැන් සියලූ පුරවරයන්ට නගරය යන වදන ව්‍යවහාරයට පැමිණි ආකාරයක් ගැන හෝ සාධක නැත.

ටොලමිගේ සිතියමේ ‘මර්ගන’ නම් වෙළඳ නගරයක් ගැන සඳහන් වේ.

කණිට්ඨතිස්ස රජු පිහිටුවන ලද ඔච්චාප්පුකල්ලූ සෙල්ලිපියේ ‘මගන’ නම් නගරයක් සඳහන් වේ.

විද්වතුන්ගේ මතය වන්නේ මේ දෙකම එකක් බවයි.

වසභ හා කණිට්ඨතිස්ස රජවරුන්ගේ කාලයට අයත් විල්පත්තු ආරාම නටඹුන්වල ඇති සෙල්ලිපි සාධක අතර ද ‘මගණ’ නම් පුරවරයක් ගැන සඳහන්ය.

මෙය ටොලමි විසින් සඳහන් කැර ඇති මර්ගන යන වරාය ආශ්‍රිත පුරවරය විය යුතුය.

මේ සියල්ල සළකා බැලූ විට ටොලමි කිසි දිනක තප්‍රොබේනයට පය තබා නැතත් මෙහි පැමිණෙන සංචාරකයන්ගෙන් දැනගත් තොරතුරු අනුව ඔහු ඇඳ ඇති ලක් සිතියමේ එකල භාවිත බොහෝ ස්ථාන ආසන්න වශයෙන් නිවැරදිව දක්වා ඇති බව පැහැදිලි කරුණකි.

ඔහු මෙරට වඩාත් විශාල ලෙස සිතන්නට ඇත්තේ මෙහි ඇති ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී ගිය සම්පත් සමුදාය හා සංචාරකයන් කරන වර්ණනාවන් අසා විය යුතුය.

අතීතයේ ලොව කීර්තිමත් රාජධානියක් වූ සිංහලද්විපය හෙවත තප්‍රොබේනය ලෝකවාසීන්ට පමණට වඩා විශාලව පෙනෙන්නට ඇත්නම් එය අරුමයක් ද නොවේ.

-සජීව විජේවීර-

2 COMMENTS

  1. සෙල් ලිපි සහ ලෙන් ලිපි මූලාශ්‍ර වල අඩංගු ඉතා වටිනා සාක්ෂි වලින් මෙම ලිපියේ තොරතුරු තව දුරටත් සනාථ කරන්න පුලුවන. දැනට ලියා තියෙන ඉතිහාසය පටන් ගන්නෙ ක්‍රි.පූ 3 වන කාලයේ සිට. නමුත් මීට එහා ගිය සැඟවුණු ඉතිහාසයක් මේ රටට අයිතියි. එය හෙළි දරව් කළ යුත්තේ අපේ පුරා විද්‍යව හදාරණ නව පරපුර පර්යේෂනණ කරල සොයා ගන්නා දත්ත මගිනි. එයට විද්‍යත්මක පදනමක් තිබිය යුතුයි. අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලාකිකයෝ ලබා දෙනු ඇත මගේ විශ්වාසයයි.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ඒලියන්ත වයිට් මිත්‍යාව මිත්‍යාවක්ම බව සනාථ කරමින් කොරෝන සෑදී මරුට

අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් තමන්ට කොරෝනා සුව කළ හැකි බව පැවසූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව අද (22) මියගිය බව සෞඛ්‍ය අංශ...

කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු සුළු වර්ධනයක් පෙන්වයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,850ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,560ක් ලෙස සටහන් විය.

පොත් අළෙවි සැල් විවෘතකිරීමට පොලිස්පති අවසර ඉල්ලයි

නි‍රෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී පොත් අළෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන ලෙස පොලිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීක් කර...

ගාල්ලේ හෙද සිසු සිසුවියෝ අමාරුවේ වැටෙති ? සෞඛ්‍ය නීති අමු අමුවේ උල්ලංඝනය කරලා

ගාල්ල කළුවැල්ලේ පිහිටි හෙද විදුහලේ හෙද සිසු සිසුවියන් දිනපතා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රවාහනය කරන්නේ සෞඛ්‍ය නිරෝධායන ක්‍රමවේද උල්ලංඝනය කරමිනි.

මහබැංකු අධිපති කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන්න යැයි ඉල්ලා පෙත්සමක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම තනතුරට පත්වීම වළක්වා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක් අද (22)...

ලෝකෙට ණය වී Pfizer එන්නත් දීමට රජය සැරසෙයි

ශ්‍රී ලංකා‍වේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන වඩාත් සාර්ථක කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලෝක බැංකුවෙන් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය...

අවුරුදු 05ක දැරිය අපයෝජනය කර වීඩියෝ දර්ශන බෙදාහැරි විවාහකයෙක් අල්ලයි

වයස අවුරුදු 5ක් සහ මාස 08ක් වයසැති කුඩා දැරියක බරපතල ලෙස ලිංකික අපයෝජනයට ලක්කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ විවාහකයකු අත්අඩංගුවට...

කොරෝනා ආසාදිත බිරිඳ මරා දැමූ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බොරලැස්ගමුව,...

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුවෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඊසාන දිශාවෙන් පිහිටි මවුන්ට් බුලර් නමැති ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පා දෙකක් අද (22) අළුයම සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා...

සහල් ඇතුළු මිල වැඩිවෙන ද්‍රව්‍ය මෙන්න

ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට භාණ්ඩ කිහිපයක මිල ඉහළ යනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ ‍රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (21)...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: