spot_img
spot_imgspot_img

කාබුල් ගුවන්තොටුපොළට අයිඑස් ප්‍රහාරයක්?

පුවත්

විදෙස්

කාබුල් ගුවන්තොටුපොළට පැමිණීමෙන් වළකින ලෙස ඇෆ්ගනිස්ථානයේ සිටින සිය පුරවැසියන්ට ඇමරිකාව අනතුරු අඟවා තිබේ. ඇෆ්ගනිස්තානයේ, අයිඑස් සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් මගින් ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පවතින සැකය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

අද(22) නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ ගුවන් තොටුපොළ දොරටුවලින් පිටත ආරක්ෂාව සම්බන්ධ තර්ජන ඇති බවයි. ඇමරිකානු නියෝජිතයන් විසින්අ වසර ලබාදුන් පුද්ගලයන් පමණක් ගුවන්තොටුපොළ වෙත පැමිණිය යුතු බව ද ඒම නිවේදනයේ දැක්වේ.

වර්ධනය වන තත්ත්වයන් සම්බන්ධව පරීක්ෂාකාරීව පසුවන බවත් විකල්ප ක්‍රම සොයාබලන බවත් ඇමරිකානු බලධාරීන් පවසා ඇත.

තලේබාන් සංවිධානය විසින් කාබුල් අල්ලා ගැනීමෙන් සතියකට පසුව, ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට පැමිණි දහස් ගණන් පිරිස් ගුවන්තොටුපල පර්යන්තයෙන් පිටත රැඳී සිටීමෙන් කලබලකාරී තත්ත්වයක් වර්ධනය වී තිබේ. විදේශීය හමුදා සමග කටයුතු කළ පුද්ගලයින්, මානව හිමිකම් සංවිධාන වලට සම්බන්දව කටයුතු කළ පුද්ගලයින් වැනි අය තලේබාන් පාලනයක් තුළ හිරිහැර සිදුවෙතැයි බියෙන් පිටව යෑමට ගුවන්යානයක් බලාපොරොත්තුවෙන් රැස්වී සිටිති.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ද පවසා ඇත්තේ මෙලෙස රැඳී සිටීම අතිශය අභියෝගාත්මක බවයි. බලහත්කාරයෙන් ගුවන්යානා වලට ඇතුළු වීමට ගොස් සිදුවූ අනතුරු හේතුවෙන් 07දෙනකු මියගිය බවද ඔවුහු අවධාරණය කරති.

ගුවන්තොටුපොළ භූමියේ පවතින තත්ත්වය පිළිබඳව සෙසු රටවල් ද අනතුරු අඟවා තිබේ. ජර්මන් රජය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ, “අතිශයින් අනතුරුදායක බැවින් ගුවන්තොටුපලට ප්‍රවේශ වීම කළ නොහැකි” බවයි.

කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පාලනය තවමත් ඇමරිකානු හමුදා යටතේ පවතින අතර ඇමරිකානු පුරවැසියන් සහ වෙනත් රටවැසියන් ඉවත් කිරීමේ කටයුතු වලට ඔවුහු සහාය වෙති.

කෙසේවුව ද, අගෝස්තු 31 වනවිට ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත්කර ගන්නා බව ඇමරිකාව පවසා ඇත. එදිනට පසුව සිදුවන්නේ කුමක් ද යන්න අවිනිශ්චිතය.

https://www.bbc.com/news/world-asia-58293832

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!