spot_img
spot_imgspot_img

සෞඛ්‍ය අමාත්‍යාංශයට අරක්ගත් දොස්තරලා දොට්ට ?

පුවත්

විදෙස්

සෞඛ්‍ය අමාත්‍යාශයේ විවිද වගකීම් පවරා දෙමින් එයට අනුයුක්තව සිටි අතිරේක වෛද්‍යවරු රෝහල්වෙත යොමුකිරීමේ දැඩි තීරණයකට එළැඹ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන කාර්යයේ දී රජයේ පරිපාලන සේවා නිලධාරීන් විසින් සිදුකළ යුතු ඇතැම් කාර්යයන් සඳහා ද මෙලෙස වෛද්‍යවරුන් අනුයුක්ත කර තිබිණි. රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ (GMOA) සැළසුම් අනුව දීර්ඝ කාලයක සිට ඔවුන්ගේ සාමාජිකයන් සහ නිලධාරීන් මෙලෙස අනුයුක්ත කර තිබූ අතර සියලු කටයුතු පාලනය වක්‍රාකාරයෙන් GMOA යටතට ගැනීම එහි අරමුණ වී තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගබඩාව භාරව සිටින්නේ ද වෛද්‍යවරයකු වීමෙන් එම සැළැස්ම මනාව හෙළි වෙයි.

ඒ අනුව මෙලෙස අනුයුක්තව ඇති වෛද්‍යවරුන් 210 දෙනකු පිළිබඳ රජයේ අවධානය යොමුකර ඇති අතර අතිරේක වෛද්‍යවරු සියලු දෙනා රෝහල් සඳහා අනුයුක්ත කිරීමටත් රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් විසින් දැරිය යුතු තනතුරු දරන සියලු වෛද්‍යවරු ඉවත්කර ඒ සඳහා අදාල නිලධාරීන් ඉක්මණින් පත්කිරීමට ද සැළසුම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක් නොව පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් ද සෞඛ්‍ය සේවා කාර්යාලවල මෙම තත්වය දක්නට ලැබෙයි. තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුව ලැබූ ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාල පුද්ගලයකු විසින් දැරිය යුතු තනතුරු සඳහා ද වසර කිහියක සිට වෛද්‍යවරුන් ම අනුයුක්ත කර තිබේ. ඔවුන් විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ආයතනයක තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරා එම තනතුරුවලට අනුයුක්ත කරන බව ද අනාවරණය වී ඇත.

වත්මන් රජය බලයට පත්වූ විගස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍සභාපතිවරයා වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පත්කිරමට ඉඩ ඇතැයි රාවයක් පැතිර ගිය ද එය සිදුවූයේ නැත.

නමුත්, පසුගිය දිනක ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කර තිබූ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසා තිබුණේ අනුරුද්ධ පාදෙණියගේ උපරවැට්ටිවලට සමගි ජනබලවේගය නොරැවටෙන බවයි. වත්මන් රජය බලයට පත්කිරීම සඳහා උනන්දු වී දැන් තනතුරු වරප්‍රසාද අහිමිවී අවලංගු කාසියක් බවට පත්වූ පසු අනුරුද්ධ පාදෙණිය විපක්ෂ නායකවරයා පසුපස යාමට උත්සාහ ගන්නා බව ද රාජිත සේනාරත්න කීවේය.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු රජයේ‍ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලයට මේ වනවිට අධිකරණයෙන් වාරණයක් නිකුත් කර ඇති බැවින් ඔවුන්ට රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය ලෙස ප්‍රකාශ නිකුත් කිරීමට නීතිමය ඉඩක් නැත.

කෙසේ වෙතත් මෙම පුවතින් එම සංගමයට හෝ වෛද්‍ය පාදෙණියට යම් අපහසුතාවක් ඇතිවන්නේ යැයි හැ‍ඟෙන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශයක් මෙවැනිම ඉඩක් ලබාදෙමින් පළ කිරීමට අපි බැඳී සිටින්නෙමු.

8 COMMENTS

  1. This is not a new incidence. Several government s and health ministers were try to do this but failed due to GMOA involvement. Present government also have high level connection with government. I don’t believe this. Inform “atapattama” if the government removed any of the said doctor

  2. සජීව විජේවීර කියන පොන්නවේසිගෙ පුතා( අපේ ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි) තමයි මේ වගේ fake news දාන්නෙ. නූගත් පකයෙක් ඌ. පොන්න වේසිගෙ පුතෝ සියලුම Medical Admin වැඩකරන්නෙ doctors ල තමයි. උඹ නූගතෙක් වෙලා අනුන්ට පුක දීලා සල්ලි හම්බ කෙරුවට අපි මොනවා කරන්නද? පරයා උඹව අපි නැතිමකරලා දානවා. ලැජ්ජාවක් තියෙනවා නම් අපේ ඉස්කෝලෙ OBA එකේ වැඩවලින් අයින් වෙයන්.

  3. සජීවයා නැති කරන්න ඔහොම කුණුහරුප කියලා විතරක් බෑ බං. උඹ රෙදි ගලෝගෙන ඌට කුණුහරුපෙන් බැන බැන කරාපිටිය හන්දියේ හෙළුවෙන් නටපන්. එහෙම කරාම සජීවයා කුජීත වෙලා නැත්තටම නැති වෙලාම යනවා සත්තයි..😂😂😂

  4. පාදෙණියගේ ගෝලයන්ට කුණුහරුප පාචනය හැදිලා. තත්ත්වය භයානකය.

  5. ඔය Sajeewa ponnaya කියල කමෙන්ට් දාන පරයා මහින්දෙ එකෙක් වෙන්න බෑ,ඕකා උණවටුනේදී කොවිඩ් එන්නත් විකුණං කාපු සිංගාරං වෙනුරගේ සහ කමල් කොඩිකාර ගේ සූප්පුවෙක්,එහෙමත් නැත්තං උං දෙන්නාගෙන් එකෙක්,ඕකුංට දැං ඉතුරුවෙලා තියෙන්නෙ කුණුහරුප විතරයි,මතවාද නෑ,තර්ක නෑ,ඔය ගෝත හොරුංගෙ තත්වෙ ඕකයි,සජීව නැති කරන්න හිතං පෝලිමේ ගිහිං ඕකුං ගාල්ලෙ පොලීසියේ පැමිණිලි දැම්ම,කෝ මොකෝ වුනේ,හොරා කාල සල්ලි හම්බු කරල ළමයින්ට කන්න දෙන සක්කිලි බල්ලො.

  6. අවශ්‍යතාවය අනුව අවශ්‍ය සමිපත් නිසි කාර්ය සදහා යොදවා ගැනිම ඵලදායි සැලසුමි කරනයේ එක් අංගයක්,එයට අනුගත වී තමන්ට කල හැකි උපරිම දේ කිරීම සියළුම දෙනාගේම වගකීමක්

    • Enough is enough. civilized society has been blackmailed by this GMOA and his goons. Last 10 to 15 years GMOA has invaded several important places. Sri Lanka Medical Council is one such important institute. Now suddenly government has opened their eyes and telling some 210 doctors doing admin works which is idially should be done by government civil servants. We hope that the present government has the guts to send them back to clinical works which they were trained to do.
      GMOA tentacles have penetrated into politics and administrative institutes to yeild their power for their survival.
      Extreme power has corrugated them. Majority are JVP ideologists.

Leave a Reply to Haripriya Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!