spot_img
spot_imgspot_img

සෞඛ්‍ය සේවා ලොකු පුටුවල වෙනසක් ?

පුවත්

විදෙස්

කොරෝනා පාලනය කිරීමට නොහැකි වීමේ එක් හේතුවක් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ඊට ලැබෙන දායකත්වය අඩුවීම බව සඳහන් කරමින් ඔහු එම තනතුරෙන් ඉවත්කර වෙනත් ධූරයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම කරුණු සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේ දි වෛද්‍ය ගුණවර්ධනයට කරුණු පැහැදිලි කර තිබෙනව බව ද එම වාර්තාවේ දක්වා ඇත.

වෛද්‍ය අසේල ගුණවර්ධන එම තනතුරෙන් ඉවත්කර දැනට ග්‍රාමීය ප්‍රදේශ සවර්ධන සහ ගෘහාශ්‍රිත සත්තව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා එම තනතුරට පත්කිරීමට රජයේ අවධානය යොමු ඇතැයි ද අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

මෙම තනතුරු සංශෝධනය කඩිනමින් කිරීමට ද රජයේ අවධානය යොමුව ඇත.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මීට පෙරප කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා III) ලෙස ද කටයුතු කර තිබේ.

මීට අමතරව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් දෙකක අධ්‍යක්ෂ ධූර ද වෙනස්වීමට නියමිත බව එම වාර්තාවේ ම දැක්වේ.

අදාල ධූර සංශෝධන සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීම සහ රාජ්‍ය සේවා කොමිෂමේ අනුමැතිය ලබාගැනීම සඳහා ද කටයුතු කරන බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!