spot_img
spot_imgspot_img

ආදායම් වැඩිවීම නිසා අපනයන සමාගම්වල ලාභය ඉහළ යයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ අද (19) දිනයේ දී ද රුපියල් මිලියන 5,459ක විශාල පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 82කින් පහළ ගොස් ඒකක 8,260ක් බවට පත්විය.

වඩාත් සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,771යි, බ්‍රවුන්ස් ‍ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 739යි, එල්ඕඑල් සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 692යි ලෙස කැපී ‍පෙණිනි.

වැඩිපුරම කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ‍ඉන්වෙස්ට්මන්ට්, එල්ඕඑල්සී ෆිනෑන්ස් සහ සියරා කේබල් සමාගම් මූලික විය.

විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 58ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 33ක කොටස් විකුණා තිබේ. එය සමස්තයක් ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළට රුපියල් මිලියන 25ක විදේශීය ආයෝජන ගලාඒමකි.

විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර හේමාස් සමාගම රුපියල් මිලියන 12.7යි, හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 2.8යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 2.2ක් ලෙස ද ප්‍රධාන විය. විදේශීය ආය‍ොජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම ‍රුපියල් මිලියන 15.8යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 10.7යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 5.6ක් ලෙස ප්‍රමුඛ විය.

අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම් අතර වැඩිම වටිනාකමක් සහිත සමාගම ලෙස එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 218ක වත්කම් වාර්තා කළ අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 186ක වත්කම් වාර්තා කර තිබේ.

කොළඹ කොටස් වෙළඳ පොළ අද දිනයේ සම්පූර්ණ පැය තුනහමාරක කාල සීමාව තුළ කොටස් ගනුදෙනු 45,884ක් වාර්තා වූ අතර දිගින් දිගටම කොටස් වෙළෙඳ පොළ ඉහළ යාම හේතුවෙන් ආයෝජකයන් ලබාගත් ලාභ නිදහස් කරගැනීමට කොටස් විකිණීමත්, සංචරණ සීමා ශ්‍රී ලංකාව තුළ දැඩි කිරීමේ අවදානමත් ශ්‍රී ලංකා මහබැංකුව මගින් වාණිජ බැංකුවලින් ලබා දෙන පොළී අනුපාතිකය ඉහළ දැමීමත් හේතුවෙන් අද දින කොළඹ කෙටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය පහත වැටීමක් සිදුව තිබේ.

කෙසේ වුව ද අපනයන ආදායම වැඩිවීම හේතුවෙන් එම සමාගම්වල ඒවා කොටස් මිල තවදුරටත් ඉහළ යන බව පෙනෙන්නට තිබේ. තව ද බදු සංශෝධන පනත හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් විසින් විදේශ රටවල ආයෝජනය කර තිබූ මුදල් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළට ආකාර්ශනය වනු ඇතැයි යන විශ්වාසය ද පවතී. මේ සාධක අනුව කොළඹ කොටස් වෙළෙද පොළ දර්ශකයන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළ කර සිටිති.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!