spot_img
spot_imgspot_img

‍‍සෞඛ්‍ය උපදෙස් අනුව රට වසා දමන්න යැයි මහ නා හිමිවරු ජනපතිගෙන් ඉල්ලති

පුවත්

විදෙස්

කොරෝන වයිරසයේ වේගවත් ව්‍යාප්තිය හේතුවෙන් රට මහත් ව්‍යසනයකට මුහුණ දී ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් අවම වශයෙන් සතියක කාලයක් හෝ රට වසා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහ නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් අද (19) ලිඛිතව ඉල්ලා සිටියහ.

මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ සුමංගල නාහිමි සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි අත්සන් තබන ලද ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

එම ලිපියේ දක්වා ඇත්තේ කොරෝනා වසංතය ව්‍යාප්තවීම ආරම්භ කළ මුල් අවස්ථාවේ දී ඇඳිරීනිතිය පනවමින් එය මැඩපැවැත්වීම සඳහා ජනාධිපති ප්‍රමුඛ රජය ගත් උත්සාහය ජාත්‍යන්තරයේ පවා පැසසුමට ලක්වූ බවයි. එමෙන් ම ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන ද නාහිමිවරු විසින් ඇගයීමට ලක්කර තිබේ.

එම ලිපියේ මෙසේ දැක්වෙයි.

“කොරෝනා වයිරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වනවිට සමස්ත රටවාසීහු මහත් ව්‍යසනයකට මුහුණ පා සිටිති. ආසාදියන් සංඛ්‍යාව මෙන් ම මරණ සංඛ්‍යාව මෙන් ම මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතී. නව විකෘති වයිරස ප්‍රභේදයන්ගේ දරුණු බව හා සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලන කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත. ඉදිරි මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද අනතුරු අඟවා තිබේ. එහෙයින් මේ අපාදපන්න අවස්ථාවේ දී ජන ජීවිතය සුරක්ෂිත කරනු වස් සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දමා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය උදෙසා පියවර ගන්නේ නම් සුදුසු බව මෙයින් කාරුණිකව දන්වා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!