spot_img
spot_imgspot_img

නිරෝධායන නීති නොතකා සිය ගණන් ගෙන්වා විදෙස් චිත්‍රපටයක් ගාල්ලේ දී රූගත කරන අයුරු

පුවත්

විදෙස්

ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන රජයේ රැස්වීම් පවා අවලංගු තිබිය දී නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරමින් මේ දිනවල ගාල්ල උණවටුනේ විදෙස් චිත්‍රපටයක් රූගත කිරීම් සිදුවෙයි.

The Good Karma Hospital නමැති චිත්‍රපටයක් මෙලෙස රූගත කරන අතර එහි නිර්මාණ පසුතල ලෙස උණවටුන ගුරුවිද්‍යාලය හෙවත් අමරසූරිය වළව්ව සහ ඒ අසළ ඇති උණවටුන විද්‍යාලයීය ක්‍රීඩාපිටිය යොදාගෙන ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම චිත්‍රපටයේ පසුතලය සඳහා අවශ්‍ය සහාය නළු නිලියන් ලෙස ප්‍රදේශවාසීන් සිය ගණනක් දිනපතා මේ ස්ථානයට ගෙන්වන බවයි. සිත්ගන්නා සුළු ගෙවීම් සහා ආහාර පාන ඔවුන්ට ලබාදෙන අතර අහංගම, හබරාදුව, දික්කුඹුර, ඉමදුව ආදී ප්‍රදේශවලින් ද අවට ගැමියෝ ද විශාල වශයෙන් මෙම ස්ථානයට රැස්වෙති.

සෞඛ්‍ය බලධාරියකුගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ එම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම ජෛව බුබුලක් තුළ සිටින බැවින් කොරෝනා පැතිරීමේ ඉඩක් නැති බවයි. එමෙන් ම ඔවුන්ට අවම වශයේන දින දෙකකට වරක් හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන ලෙස ද දැනුම් දී ඇතැයි ද සෞඛ්‍ය බලධාරීන් පවසයි.

අප මේ පිළිබඳ සිදුකරන ලද සොයා බැලීමේ දී අනාවරණය වූයේ මෙම චිත්‍රපටයේ නිෂ්පාදන ‍කණ්ඩායමෙන් කොටසක් නැවතී සිටි ලයිට් හවුස් හෝටලයෙන් ද කොරෝන ආසාදිතයන් වාර්තා වුව ද ඒ පිළිබඳ ව ඔවුන් කිසිවක් නොදන්නා බවයි. හෝටලයේ මුළුතැන්ගේ සේවකයන් මෙලෙස කොරෝනා ආසාදනය වී සිටි අතර චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයන් එම මුළුතැන්ගෙ සැකසූ ආහාර භාවිතා කර තිබිණි.

සෞඛ්‍ය බලධාරියා පවසන ආකාරයට චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් සඳහා දින දෙකකට වරක් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ ද පිටතින් පැමිණෙන ගාල්ල අවට ජනතාව සඳහා එවැනි පරීක්ෂණ සිදුකරන්නේ නැත. ඔවුන් දෛනිකව තම නිවෙස්වලට ගොස් ආපසු පැමිණෙන අතර චිත්‍රපටය පටිගත කරන ස්ථානයේ දී එකිනෙකා සහ මුසුවීම ද සිදුවෙයි.

දිවා සහ රාත්‍රී කාලයේ දී මෙම පටිගත කිරීම් සිදුවෙයි.

නිරෝධායන නීති අනුව මෙවැනි චිත්‍රපටයක් පටිගත කිරීමට කිසිදු අවසරයක් නොමැති වුව ද එය මේ මොහොතේ ද සිදුවෙමින් පවතී.

එම චිත්‍රපටයේ දර්ශන පහතින්

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!