spot_img
spot_imgspot_img

“ඔබත් මරණයේ ගොදුරක් විය හැකියි” සත්‍ය තත්වය දැක්වෙන විශේෂඥ වර්තාව මෙන්න

පුවත්

විදෙස්

ශ‍්‍රී ලංකාවට ඉතා ඉක්මණින් බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බව ඉහළ පෙළේ ජාතික විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවා ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් සනීපාරක්‍ෂාව සැපයීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ ඇති හැකියාව ප්‍රමාණවත් බැවින් COVID-19 හි වර්තමානයේ දක්නට ලැබෙන වැඩිවීම ඔවුන්ගේ දැඩි කනස්සල්ලට හේතුවී ඇති බවත් එම ලිපියේ පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ඇති රටකි. නමුත් මෙම වසංගතයේ වැඩිවීම දැන් එම සෞඛ්‍ය පද්ධතියට පවා දරාගත නොහැකි තත්වයකට පත්ව ඇත.

පසුගිය අඟහරුවාදා (අගෝස්තු 10), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කැඳවා තිබූ ස්වාධීන විශේෂඥ කණ්ඩායමේ 05වන රැස්වීම සඳහා රැස්වූ ප්‍රවීණයන් විසින් මෙම අදහස් පළකර ඇත.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය (SEAR) සහ ශ්‍රී ලංකාවේ WHO කාර්යාලය සමඟ එක්ව සකස් කරන ලද භයානක අනාවැකි ද රැස්වීමේදී මේසය මත ගොනුකර තිබුණි.

පහත දක්වා ඇති අනාවැකි ඔවුන් විසින් ගොනුකර තිබූ අතර ඒ සඳහා පදනම් වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකක දත්ත උපයෝගී කරගනිමින්, වාර්තා වූ රෝගීන් සහ මරණ මෙන් ම අගෝස්තු අවසානය වන විට ජනතාවගෙන් 50% ක් සම්පූර්ණයෙන්ම එන්නත් කරනු ඇතැයි යන උපකල්පනය මත ය.

එම දත්ත විශ්ලේෂණය කළ විට වර්තමාන සංචරණ සීමා වල මට්ටම් වලදී

  • සැප්තැම්බර් මැද භාගය වන විට රෝගීන් සංඛ්‍යාව දිනකට 6,000 දක්වා ඉහළ යනු ඇත.
  • ඔක්තෝබර් මස මුල දක්වා සිදු වන මරණ දිනකට මරණ 220 ක් පමණ දක්වා ඉහළ යනු ඇත.
  • ඔක්තෝබර් මස මුල වන විට දැඩි සත්කාර ඒකකයේ ඇතුළත් වීමේ සංඛ්‍යාව දිනකට 275ක ට පමණ ඉහළ යනු ඇත.
  • ලබන වසරේ (2022) ජනවාරි වන විට සමස්ත මරණ සංඛ්‍යාව 30,000 ක් පමණ වනු ඇත (එනම් මාස හතරකින්)

ඉහත ආකෘතියේ උපකල්පනය කර ඇති පරිදි ලංකාවේ එන්නත් ආවරණය තවමත් සපුරා නැති හෙයින්, මෙය අඩු තක්සේරුවක් ලෙස දැක්විය හැකිය.

සති 4 ක් සඳහා (2021 මැයි සිට ජූනි දක්වා හා සමානව) දැඩි සීමාකිරීම් සිදුකළහොත්,

  • දිනකට 1000 ක් පමණ වන අඩු රෝගීන් සංඛ්‍යාවක් රට තුළින් වාර්තා වනු ඇත.
  • මරණ දිනකට 25 ට වඩා අඩු වනු ඇත.
  • දැඩි සත්කාර ඒකකයේ සත්කාර සඳහා දිනකට 25 ට අඩු සංඛ්‍යාවක් ඇතුල් වනු ඇත. (2021 ඔක්තෝබර් වන විට)
  • 2022 ජනවාරි වන විට මරණ 18,000 ක් වළක්වා ගත හැකිය.

ඒ අනුව මෙම විශේෂඥයින්ගේ නිර්දේශයන් වනුයේ,

  1. අත්‍යාවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික් ගමන් ඇතුළුව සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙම පියවරයන් සාර්ථක වීම සඳහා විශාල භූගෝලීය ප්‍රදේශවල හෝ රටපුරා කෙටි කාලයක් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය විය හැකිය.
  2. සියලුම පොදු උත්සව සති 03 කට අවලංගු කළ යුතුය.
  3. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි කඩාවැටීම අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම සහ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩි කිරීම.
  4. පාලන පියවරයන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු මහජනතාවට සන්නිවේදනය කිරීම සඳහා ඵලදායි සන්නිවේදන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම
  5. පවතින තත්ත්වය පිළිබඳ මනා චිත්‍රයක් ලබා ගැනීම සඳහා ආසාදිතයන් වාර්තාවීම හා මරණ යන දෙකම නිවැරදිව වාර්තා කිරීම.
  6. අවුරුදු 60 ට වැඩි සහ රෝගාබාධ සහිත සියලු දෙනාට වඩාත් සුදුසු වන ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛතාවය දීම. එම එන්නත් වල එක් මාත්‍රාවක් හෝ ලබාගැනීමෙන් යම්කිසි මට්ටමක ආරක්ෂාවක් ලැබෙනු ඇත.

මෙම රැස්වීමට සහභාගී වූ විශේෂඥයින් වන්නේ ආචාර්ය පාලිත අබේකෝන්, ආචාර්ය නිහාල් අබේසිංහ; ආචාර්ය වින්යා ආරියරත්න; මහාචාර්ය අසිතා ද සිල්වා; ආචාර්ය රජීව ද සිල්වා, ආචාර්ය ලක් කුමාර් ප්‍රනාන්දු, ආචාර්ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කාමිණී මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, සහ ආචාර්ය ආනන්ද විජේවික්‍රම යි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය අලකා සිංගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ද සහභාගී වූහ.

ජීවිත බේරා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා නිර්දේශ

අප මේ මොහොතේ සිට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු අතර අප ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ ජීවිතය රැක ගැනීමයි සඳහායි.

2022 මැයි මාසයේදී සිදු වූ පරිදි සති 4 ක පමණ දැඩි සීමාකිරීම් සිදු කළ හොත් 2022 ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාවේ මරණ 18,000 ක් පමණ වළක්වා ගත හැකිය.

මෙමගින් එන්නත්කරණය වේගවත් කිරීමට සහ දෙවන මාත්‍රාවෙන් පසුව ආරක්‍ෂක මට්ටම ලබා ගැනීමට අවශ්‍ය කාලය ලබා දෙනු ඇත. එමෙන්ම විශාල වශයෙන් රෝගීන් වාර්තා වීමෙන් සෞඛ්‍ය පද්ධතිය නිදහස් කිරීම සඳහා මෙය රුකුලක් වනු ඇත.

ආසාදන සංඛ්‍යාව සහ රෝහල් ගත කිරීම් අඩු වීමට සති කිහිපයක් ගතවන බැවින් ක්ෂණිකව ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වෙයි.  ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම මරණ වැඩි වීමට හේතු වන අතර රෝගයේ පාලනය නැවත ලබා ගැනීම සඳහා දිගු කාලසීමාවක් සමඟ ඊටත් වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වෙයි.

සම්පූර්ණ වාර්තාව මෙතැනින්

Sunday Times ලිපිය මෙතැනින්

1 COMMENT

Leave a Reply to Dayanada jayaweera Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!