spot_img
spot_imgspot_img

කොරෝනා පනත අද පාර්ලිමේන්තුවට. මන්ත්‍රීවරුන්ටත් ඇන්ටිජන් කරයි

පුවත්

විදෙස්

කොරෝනා වයිසර රෝග විධිවිධාන පනත් කෙටුම්පත (2019) අද (17) පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක්කර සම්මත කරගැනීමට නියමිතව තිබේ.

කොරෝනා වසංගතය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විශේෂ රාජකාරී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ‍අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසීමට මෙම පනත සම්මත කරගැනීම අවශ්‍යව තිබේ.

මේ අතර පාර්ලිමේන්තුව මෙම සතිය සදහා අද (17) දිනයේ පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (16) තීරණය කළේය.

එම තීරණය ගෙන ඇත්තේ කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගෙනය.

පාර්ලිමේන්තුව අද උදේ 10 .00ට රැස්වීමට නියමිතය.

කොරෝනා අවදානම හේතුවේන අද (17) උදෑසන 9.00 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට ද පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කටයුතු යෙදා ඇත.

සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලය, අනුබද්ධ කාර්ය මණ්ඩල නිලධාරීන් හා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පරීක්ෂණ සිදුකරන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21ක් සහ පාර්ලිමේන්තු සේවකයෝ විශාල පිරිසක් කොරෝනා ආසාදිත බව මීට පෙර හඳුනා ගැණිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!