spot_img
spot_imgspot_img

මෙරට කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළට

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී ඊයේ (15) දිනයේ දී මියගිය පුද්ගලයන් 167 දෙනකුගේ මරණ පිළිබඳ නිල නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ. ඒ අනුව පිරිමි පුද්ගලයන් 103 දෙනකු සහ කාන්තාවන් 64 දෙනකු කොරෝනා ආසාදිතව මියගොස් ඇත.‍ ඊයේ දිනයේ වාර්තා වූ කො‍ෙරෝනා මරණ සංඛ්‍යාව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද වෙයි.

මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව ‍6,263ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතරව කොරෝනා ආසාදිත පුද්ගලයන් 3,414 දෙනකු වාර්තා වී ඇති බව ද කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!