spot_img
spot_imgspot_img

පළාත් සංචරණ සීමා හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණි. ක්‍රියාත්මක වී නැත

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනය සඳහා පළාත් අතර දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන බවට රජය කොතරම් කීව ද ජනතාව පළාත් අතර හිතුමතයේ ගමන් කරන බව අපට සෑම දෙසින් ම වාර්තා ලැබෙමින් තිබේ.

මේ අනුව කරන ලද නිරීක්ෂණයන් අනුව සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නැත.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ සිටින ඕනෑම අයකුට ගාල්ල, මාතර, හම්බන්තොට ප්‍රදේශවලට පැමිණිමේ කිසිදු බාධාවක් නැත.

ඊයේ (14) අප දන්නා හඳුනන පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දකුණු පළාතේ පිහිටි තම ගමට පැමිණ සිටි අතර ඔවුහු අද (15) උදෑසන යළි සිය පදිංචි ස්ථාානයට ගියහ.

කොළඹ පදිංචි තවත් පිරිසක් තම මව අසනීපයෙන් බව පවසා ග්‍රාම නිලධාරීවරයාගෙන් ලිපියක් රැගෙන ගාල්ලට පැමිණ සිටි අතර ඔවුන් ද අද (15) කොළඹට ගියහ. එහි ගිය ඔවුන් අපට කීවේ කොළඹ සිට ගාල්ලට පැමිණෙන තුරු සහ ගාල්ලේ සිට කොළඹට පැමිණෙණ තුරු කිසිදු ස්ථානයකින් තමන් පරීක්ෂාවට ලක්නොවූ බවයි.

අප දන්නා හඳුනන පුද්ගලයකුගේ මව ඇගේ දියණියගේ කඩවත පිහිටි නිවටස අවශ්‍යතාවක් සඳහා ගොස් සිටි අතර ඇයට මාතරට පැමිණීමට අවශ්‍යව තිබිණි. පළාත් අතර සංචරණ සීමා තහනම් කර ඇතැයි ලැබුණු තොරතුරට අනුව මේ මව අනුගමනය කළේ අපූරු උපක්‍රමයකි.

ඇය කඩවත සිට අලුත්ගම දක්වා ධාවනය වන අධිවේගී මාර්ග බසයක අලුත්ගම නගරයට පැමිණියාය. ඉන් පසු අලුත්ගම පාළමෙන් මෙගොඩට පැමිණියේ පා ගමනිනි. ඇගේ පුතු අලුත්ගම පාලමේ ගාල්ල පැත්තේ කෙළවර සිය මෝටර් රථයෙන් ගොස් සිටියේය. මව කිසිදු අපහසුවකින් තොරව පා ගමනින් පැමිණ කාරයට ගොඩවූවාය. සංචරණ සීමා අදාල වූයේ නැත.

විද්‍යාඥයන් පවසන්නේ කොරෝනා වසගතයට මීටරයක දුරක් යාගත නොහැකි බවයි. චීනයේ වූහාන් නරගයෙන් වාර්තා වූ කොරෝනා දැන් ඔබ අප සැමගේ නිවස එළිපත්තට පැමිණ තිබේ.

දන්නා හඳුනන සෑම නිවසකම කොරෝනා ආසාදිතයකු හෝ සිටියි. නැතිනම් ඔවුන් නිරෝධායනය වී කොරෝනා සෑදෙනු ඇතැයි බියෙන් පසුවෙති.

අපට අවසානයේ කියන්නට ඇත්තේ මෙපමනකි

“උන්මාද චිත්‍රා එක්ටැම්ගෙයක සිරකර මුරකාවල් යෙදුව ද ඇය ගැබිනියක වීම වැළැක්විය නොහැකි වූ ඉතිහාසයක් ඇති රටක පළාත් අතර සංචරණ සීමා පමණක් යොදා කොරෝනා පාලනය කළ හැකියැයි යන්න පුදුමයකි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!