spot_img
spot_imgspot_img

ව්‍යාපාරිකයෝ අම්බලන්තොට නගරය වසා දමති

පුවත්

විදෙස්

අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හෙතුවෙන් හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියළු වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය පවසන්නේ කොරෝනා බහුලව වාර්තාවන ප්‍රදේශවල පදිංචි ජනතාව නිතරම නගරයට පැමිණෙන බැවින් මෙම තීරණය ගත් බවයි. හෙට සිට සියළු වෙළෙඳ සැල් සතියක පමණ කාලයක් වසා තබන බවත් ඉන් පසු කොරෝනා තත්වය පිළිබඳ සළකා බලා ඉදිරි තීරණ ගන්නා බවත් එම සංගමයේ ලේකම් ඒ.එච්.ප්‍රේමචන්ද්‍ර මාධ්‍යවේදීන්ට කීවේය.

1 COMMENT

  1. හරිම හොද අදහසක් ඒවගේ එකතුව අපේ රටත් අසරණ ජනතාවත් මේ මාරාන්තික විහසනයෙන් බේරා ගමු
    බොහොම ස්තුතියි අම්බලතොට ජනතාවට

Leave a Reply to ශාන් ප්‍රනාන්දු Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!