spot_img
spot_imgspot_img

කරාපිටිය රෝහලත් ගැටලු රැසක. ඔක්සිජන් දිය හැකි උපරිමයටත් ඇවිත්

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ශ්වසන ආධාරක ලබාදිය හැකි කොරෝන ආසාදිතයන් උපරිම ධාරිතාවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඔවුන් සඳහා ඔක්සිජන් ලබාදීමට සිදුවුවහොත් ගැටලු සහගත තත්ත්වයක් උදාවනු ඇති බව රෝහල් ප්‍රකාශකයක් කීවේය.

කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ වාට්ටු 04ක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ම වෙන්කර තිබෙන අතර අනිකුත් වාට්ටු බොහෝමයක මේ වනවිට අඩු වැඩි වශයෙන් ආසාදිතයෝ සිටිති.

කොරෝනා පැතිරීම වේගවත්වීමත්, ආසාදිතයන් රෝහලේ අධිකවීමත් හේතුවෙන් ඇතිවන ගැටලු රැසක් ඇති බව වෛද්‍යවරු කියති.

ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ කොරෝනා වසංගතයට ඇති බිය හේතුවෙන් රෝගීන් රෝහලට පැමිණීමට මැළිකමක් දැක්වීමයි. මේ නිසා වෛද්‍ය ප්‍රතිකාර නොලැබ කොරෝනා නොමැති වෙනත් ආබාධ ඇති පුද්ගලයන් රැසක් නිකරුණේ අසාධ්‍යවීමේ හෝ මියයාමේ හෝ බරපතල ගැටලුවකට මුහුණ දී සිටිති.

තවත් ගැටලුවක් වන්නේ රෝහලේ නේවාසිකව සිටින රෝගීන් සඳහා අඛණ්ඩ සත්කාර සේවා පවත්වාගෙන යාමයි. යම් රෝගියකු නේවාසිකව සිටිය දී ඔහුට හෝ ඇයට සත්කාර සේවා සඳහා වෙනත් පුද්ගලයකුගේ සේවය ලබාගැනීමට අවශ්‍යනම් ඒ සඳහා පැමිණ සිටින පුද්ගලයන් ද පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර පැමිණිය යුතුව ඇත. එමෙන්ම ඔවුන්ට යළි යළි නිවෙස්වලට නොගොස් වාට්ටුවේ ම රැඳී සිටීමට සිදුව ඇත. ඔවුන්ට පිටතින් අවශ්‍ය ආහාර පවා ලබාගැනීම ගැටලු සහගත තත්ත්වයක් උදා වී තිබේ.

මෙවැනි කරුණු හේතුවෙන් මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ රෝගී සත්කාරක සේවා අඩාලවන තත්වයක් ද උදා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!