හපුගල ඉංජි‍නේරු පීඨයේ සිසුන් 28කට කොරෝනා. 250ක් පීඨය ඇතුළේ කොටුවෙති

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

රුහුණ විශ්වවිද්‍යාල ඉංජිනේරුපීඨයේ සිසු සිසුවියන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති අතර 250ක පමණ සිසු පිරිසක් කිසිවක් කරකියාගත නොහැකිව හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිරවී සිටිති.

විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ ම අත්තනෝමතික හේතුවක් නිසා රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විශාල පිරිසක් සහ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය පවා දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් නිවෙස්වලට යවා තිබුණ ද ඔවුන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට බව කියමින් ‍දැනට දින කිහිපයකට පෙර පළමු වසර සිසුන් කැඳවා තිබිණි.

ඉන් පසු ඔවුන් අතර උණ රෝගයක් පැතිරයාමත් සමඟ වරින් වර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගිය සිසුන් අතරින් 28 දෙනකු මේ වනවිට ආසාදිත බව තහවුරු වී තිබේ. මෙලෙස නෙ යන ලද්දේ රෝග ලක්ෂණ වැඩිපුර පෙන්වන ලද සිසුන් බව ද දැනගන්නට ඇත.

ඔවුන් සියලු දෙනාම නැවත කරාපිටිය රෝහලේ සිට ඉංජිනේරු පීඨයට ගෙනවිත් එහි කාමර 05කින් යුතු ගොඩනැගිල්ලක රඳවා ඇති අතර අනෙක් සිසු සිසුවියෝ නේවාසිකාගාරවලට කොටුවී සිටිති.

ඉංජිනේරුපීඨයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ ආසාදිත සිසුන් සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවා දැනුම්වත් කර නැති බවයි.

නේවාසිකාගාරවල සිටින අනෙක් සිසුන් අතර ද මේ වනවිට කැස්ස, උණ හා හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ ඇතත් ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට හෝ සෞඛ්‍ය අංශවලට ප්‍රමාණවත් පහසුකම් නැත.

මේ සම්බන්ධයෙන් අද (12) විශ්වවිද්‍යාල බලධාරීන් සෞඛ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාකළ විට උපදෙස් ලැබී ඇත්තේ ඇන්ටිජන් කට්ටල මිල දී ගෙන දෙන්නේ නම් පරීක්ෂණ පැවැත්විය හැකි බවයි.

මේ හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ කොටුවී සිටින පළමු වසර සිසු සිසුවියෝ තමන්ට කොරෝනා ආසාදිතද යන්න හෝ දැනගත නොහැකිව අසරණව සිටිති. ඔවුන්ට ආහාර සැපයෙන්නේ ද පිටතින් බව දැනගන්නට ඇත.

මේ බැරෑරුම් තත්වයට විසඳුමක් ලෙස ‍ආසාදිත සිසුන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ද ඉලක්ක කරගනිමින් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේවා මුර ක්‍රමය අහෝසි කරමින් සේවයට කැඳවීමට පාලන අධිකාරිය තීරණය කර තිබිණි.

තමන්ට කොරෝනා ආසාදිතයන් සඳහා සේවා සැපයීමට නොහැකි බව පවසමින් අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඊට දැඩි ලෙස විරෝධය දැක්වීම හේතුවෙන් එම තීරණය වෙනස්කරගෙන ඇතැයි ද වාර්තා වෙයි.

5 COMMENTS

  1. බොරු කියන්න එපා ඕයි🤣🤣🤣.. අපි මේ ඉන්නේ හොදට.. 🤣🤣.. මිනිස්සු අවුස්සන්න එපා බොරු නිව්ස් දාලා.. මාධ්‍යවේදියෝ කියන්නේ තොපිද.. මිනිස්සුන්ට හරි දේවල් විතරක් දීපල්ලා.. රටම අවුල් කරන්නේ නැතිව…

    • umba hitiyoth athi.anith ekata hena gahuwath kamak na neda.oka umbage waradak nemei .umbawa hadapu widiye waraddak

  2. බොරු කියන්නෙපා 😂 අපි මේ හොදට ඉන්නව නිකන් බොරුවට මිනිස්සු අවුස්සන්න බොරු කියන්නෙපා

  3. මොනාද ඕයි බොරු කියන්නෙ. ඕවා කියන්නෙ ඔහේලා මෙහෙ අවිත් බැලුවද 😂 අපිනම් කොටු වෙලා නෑ. නිකන් බොරු කියලා මිනිස්සු අව්ස්සන්නෙ නැතුව රටේ තියෙන ඇත්ත ප්‍රශ්න හොයලා දානවකෝ 😂

  4. අපිට ඕනි කරන දේවල් ඔක්කොම අපිට හම්බවෙනව අපි කොටු වෙලා නෑ බොරු කියල නිකන් මිනිස්සුන්ව අවුස්සන්නැතුව වැඩක් තියෙන නිව්ස් එකක් දාන්න

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ඒලියන්ත වයිට් මිත්‍යාව මිත්‍යාවක්ම බව සනාථ කරමින් කොරෝන සෑදී මරුට

අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් තමන්ට කොරෝනා සුව කළ හැකි බව පැවසූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව අද (22) මියගිය බව සෞඛ්‍ය අංශ...

කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු සුළු වර්ධනයක් පෙන්වයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,850ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,560ක් ලෙස සටහන් විය.

පොත් අළෙවි සැල් විවෘතකිරීමට පොලිස්පති අවසර ඉල්ලයි

නි‍රෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී පොත් අළෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන ලෙස පොලිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීක් කර...

ගාල්ලේ හෙද සිසු සිසුවියෝ අමාරුවේ වැටෙති ? සෞඛ්‍ය නීති අමු අමුවේ උල්ලංඝනය කරලා

ගාල්ල කළුවැල්ලේ පිහිටි හෙද විදුහලේ හෙද සිසු සිසුවියන් දිනපතා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රවාහනය කරන්නේ සෞඛ්‍ය නිරෝධායන ක්‍රමවේද උල්ලංඝනය කරමිනි.

මහබැංකු අධිපති කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන්න යැයි ඉල්ලා පෙත්සමක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම තනතුරට පත්වීම වළක්වා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක් අද (22)...

ලෝකෙට ණය වී Pfizer එන්නත් දීමට රජය සැරසෙයි

ශ්‍රී ලංකා‍වේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන වඩාත් සාර්ථක කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලෝක බැංකුවෙන් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය...

අවුරුදු 05ක දැරිය අපයෝජනය කර වීඩියෝ දර්ශන බෙදාහැරි විවාහකයෙක් අල්ලයි

වයස අවුරුදු 5ක් සහ මාස 08ක් වයසැති කුඩා දැරියක බරපතල ලෙස ලිංකික අපයෝජනයට ලක්කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ විවාහකයකු අත්අඩංගුවට...

කොරෝනා ආසාදිත බිරිඳ මරා දැමූ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බොරලැස්ගමුව,...

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුවෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඊසාන දිශාවෙන් පිහිටි මවුන්ට් බුලර් නමැති ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පා දෙකක් අද (22) අළුයම සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා...

සහල් ඇතුළු මිල වැඩිවෙන ද්‍රව්‍ය මෙන්න

ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට භාණ්ඩ කිහිපයක මිල ඉහළ යනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ ‍රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (21)...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: