spot_img
spot_imgspot_img

රත්නපුරයේ ගංවතුර තත්වයක්. ජල මට්ටම වැඩිවීම වේගවත් නිසා අවදානම වැඩිවෙයි

පුවත්

විදෙස්

ධාරානිපාත වැසි හේතුවෙන් කළුග‍ඟේ සහ ‍කුරුගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

මවුගම ජල මාපකයේ සටහන්ව ඇති පරිදි කළුගඟේ ගංවතුර අවදාම දැක්වෙන්නේ මීටර 5.2කි. එම මට්ටම අද (12) දහවල් 11.45 වනවිට ඉක්මවා ගොස් ඇත.

ගත වූ පැය 04ක කාලයේ දී කුරුගඟේ ජල මට්ටම ද අඩි 13.5කින් ඉහළ ගිය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඉන් අනතුරුව දහවල් 12.30 වනවිට එහි ජල මට්ටම අඩි 19ක් පමණ ඉහළ ගොස් තිබිණි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මේ ගංඟා දෙකෙහි ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බවයි.

එරත්න ප්‍රදේශයේ ජනතාව පවසන්නේ කුරුගඟේ ජල මට්ටම මීට වසර 20කට ඇතිවූ මහා ගංවතුර තත්වයේ දී මෙන් සිදුවන බවයි. එමෙන්ම පලාබද්දල පාලමට ඉහළින් ජලය ගලාගිය බවත් මෑත කාලීනව එතරම් වැඩි ජල මට්ටමක් දක්නට නොලැබුණු බව ද පලාබද්දල ගම්වාසීහු කියති.

තවදුරටත් වැසි ඇතිවුවහොත් එය මහා ගංවතුර තත්වයක් බවට පත්විය හැකියැයි ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!