spot_img
spot_imgspot_img

ගුරු විදුහල්පති ගැටලු විසඳීම ප්‍රමාද වෙයි ?

පුවත්

විදෙස්

ගුරු විදුහල්පති ගැටලු විසඳීමට පත්කළ කැබිනට් අනුකමිටුව මෙතෙක් තම පාර්ශවය සමඟ සාකච්ඡා කර නැතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසයි.

පාසල් දරුවන්ට ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම නවතා දමා මේ වනවිට මාසයක කාලයක් ගත වී ඇති අතර ගුරු විදුහල්පතිවරු රට පුරා සංවිධානය කළ උද්ඝෝෂණ මාලාව ද නවතා දමා තිබේ.

මේ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කෙරිණි. විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර යන අමාත්‍යවරු එම කමිටුවට ඇතුළත්ව සිටිති. නමුත් මෙතෙක් ඔවුන් කිසිවකු තම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා නොකළ බව වෘත්තීය සමිති පවසයි.

ශ්‍රී ලංකා ජාතික විදුහලපති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ මෙසේ කීවේය.

අපි 2018 දී වෘත්තීය සමිති එකඟ වුණා පසුගිය රජයෙන් ඉදිරිපත් කළ යෝජනා වළට. මේ රජය බලයට පත්වුණාට පස්සේ නැවත යෝජනා කළා සංවෘත සේවාවක් කර ප්‍රශ්නය විසඳනතුරු අතුරු දීමනාවක්. ඊට පස්සේ සුබෝධනී කමිටු වාර්තාව ඉදිරිපත් කළා. ආණ්ඩුව ඔබේ, යෝජනා ඔබේ. බලය ඔබේ දැන් කියනවා මුදල් නෑ කියලා. මුදල් නැතිනම් සාකච්ඡාමය ප්‍රවේශයකින් විසඳුමක් ආවොත් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් නමුත් අපිට මෙතෙක් සාකච්ඡාවක්වත් දීලා නැහැ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මෙසේ පවසයි.

විදුහල්පතිවරු ගුරුවරු දහස් ගණනක් පාරට බැහැලා ඉල්ලන්නේ කමිටුවක් නෙවෙයි. වසර 24ක් තිස්සේ පවතින වැටුප් ගැටලුවට විසඳුමක්. අධ්‍යාපන ලේකම්වරයා පත්කරපු කමිටුවකින් වෘත්තීය සමිතිපවා එකඟ වූ විසඳුමක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපිට විසඳුමක් නොදුන්නොත් අපේ අරගලය නතර නොකර ඉදිරියට ගෙන යනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසන්නේ මෙවැනි අදහසකි.

රජයට සල්ලි නී කියනවා. පාඩු ලබන ගුවන් සමාගම්වලට ඩොලර් මිලියන ගණන් අනුමත කරනවා. ගුරුවරුන්ගේ වැටුප් දෙන්න සල්ලි නෑ කියනවා. ඒ සල්ලි ප්‍රමාණය පෙන්න ජනතාවත් බය කරනවා.

ප්‍රශ්න විසඳීම සඳහා පත්කළ කැබිනට් අනුකමිටුවේ සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ කීවේය.

ගුරුවරු කියන්නේ දෙවිවරු කියලා අපි විශ්වාස කරනවා. අපි ඔවුන්ගේ ගැටලු විසඳනවා වගේම ඒ අයත් දරුවන් බිල්ලට තියලා කටයුතු නොකළ යුතුයි. දේශපාලන අරමුණකින් තොරව එනවනම් අපිට මේක විසඳන්න පුළුවන්. නමුත් දේශපාලන අරමුණකින් කටයුතු කරනවානම් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!