spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණය එහි අඛණ්ඩ වර්ධනයට හේතු වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ රුපියල් මිලියන 2,912ක පිරිවැටුමක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 24.6කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය ඒකක 8,101ක් බවට පත්විය.

අද දිනයේ ‍වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 871යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 365යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 154යි ලෙස කැපී පෙණිනි.

වඩාත් සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර අද දිනයේ කැපී පෙණුනේ එක්ස්පෝ ලංකා සමාගම, අම්බන් කැපිටල් සමාගම සහ අම්බන් හෝල්ඩින් සමාගමයි.

විදේශීය ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 32ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 984ක කොටස් විකණා තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 952ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සන්ෂයින් හෝල්ඩින්ස් රුපියල් මිලියන 802.5යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 137.3යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 5.4ක් ලෙස ප්‍රධාන විය.

ඔවුන් කොටස් මිල දී ගත් සමාගම් අතර සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 5.5යි, එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 4.9යි, ත්‍රී ඒකර් ෆාම්ස් රුපියල් මිලියන 3.8ක් ලෙස මූලික විය.

ශ්‍රී ලංකාවේව කොරෝනා ආසාදිතයන්ගේ සීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි වුව ද කොළඹ කොටස් වෙළෙඳ පොළ දිගින් දිගටම කොටස් මිල ඉහළ යනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

ලෝකයේ රටවල් අතර අගෝස්තු මස 06 වැනි දින වනවිට එන්නත ලබාගත් ප්‍රතිශතය ලෙස ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පළමු එන්නත 34.8% වශයෙන් ද , එන්නත්කරණය සම්පූර්ණ කරන ලද පිරිස 12.5% ලෙස ද වාර්තා විය. ඒ අනුව 2021 අවසන් වනවිට මෙරට ජනගහණයෙන් 60%-70% අතර ප්‍රමාණයකට එන්නත ලබාදීමෙන් කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය වනු ඇතැයි ආයෝජකයන් ද විශ්වාසය පළකර සිටියි.

ලෝකයේ දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන් අතුරින් මේ වනවිට වේගවත්ම එන්නත්කරණ වැඩසටහන ශ්‍රී ලංකාවේ සිදුවන බව තහවුරු වී ඇති අතර සීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව, පකිස්තාන, බංග්ලාදේශ, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, මැලේසියාව සහ තායිලන්තය සියලු රටවල කෙටස් වෙළෙඳ පොළවල් සීඝ්‍ර වර්ධනයක් පෙන්වා ඇත. එය කොරෝනා ව්‍යාප්තිය සමඟ සාපේක්ෂව ගත් විට ඒකාකාරීව වර්ධනය වන ආකාරයක් පෙන්වා ඇති අතර එයින් ද 2021 වර්ෂයේ වැඩිම වර්ධනය අත්පත් කරගෙන ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙයි.

රෝග ව්‍යාප්තිය හමුවේ බොහෝ ආයෝජකයන් නිවෙස්වල සිට සක්‍රීයව වෙළෙඳ පොළ ගනුදෙනුවලට සම්බන්ධ වීම කොළෙඹ කොටස්වෙළෙඳ පොළ සම්පූර්ණයෙන් පරිගණක ගත කිරීමත් ක්ෂණිකව බැංකු පද්ධතියට සම්බන්ධවීමට ඇති හැකියාවත් කොටස් වෙළෙඳ පොළ වර්ධනය කෙරෙහි වඩාත් ධනාත්මකව බලපා තිබේ.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!