spot_img
spot_imgspot_img

වතු සේවා සංගම් සභාපති අත්අඩංගුවට ගැනීමේ පොලිස් තැත වෘත්තීය සමිති නායකයෝ හෙළා දකිති

පුවත්

විදෙස්

ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ අත්අඩංගුවට ගැනීමට පොලිසිය අනීතිකව දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පොදු දේපොළ සහ මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එකිවෙමිනි. චතුර සමරසිංහ එහි ක්‍රියාකාරිකයකු ‍ද වෙයි.

කොතලාවල විශ්වවිද්‍යාල පනත ගෙනඒමෙන් නිදහස් අධ්‍යාපනය විනාශවන බවත්, උසස් අධ්‍යාපනය හමුදාකරණය වනබවත් පවසමින් ඊට එරෙහිව සහ ගුරු, විදුහල්පති අයිතීන් වෙනුවෙන් අරගල කරන වෘත්තීය සමිති නායකයන්, ශිෂ්‍ය සංවිධාන නායකයන් සහ සිවිල් සංවිධාන නායකයන් මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතුකරන බව පවසමින් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

චතුර සමරසිංහ අත්අඩංගුවට ගැනීමට පොලිසිය දරණ උත්සාහය පිළිබඳ අදහස් දැක්වූ ස්ටාර්ලින් මෙසේ ද කීවේය.

“චතුර අත්අඩංගුවට ගැනීමට පොලිසිය කොල්ලුපිටියේ පිහිටි ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන කාර්යාලයට, ඔහු සේවය කරන ක්ලෝඩන් වතුයායට සහ කලවානේ ඔහුගේ නිවසට කිහිප වරක් ම ගොස් තිබෙනවා. මේ රටේ ඉතාමත් පැරණිතම වෘත්තීය සංගමයක නායකයෙක් පසුපස පොලිසිය මෙසේ ලුහුබැඳීම අපි දැඩි සේ හෙළා දකිනවා. ආණ්ඩුව වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීමට ගන්නා මේ නිර්ලජ්ජිත උත්සාහය වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!