spot_img
spot_imgspot_img

කොරෝනා නිසා දුම්රිය සේවා අඩපණ වීමේ අවදානමක්

පුවත්

විදෙස්

දුම්රිය පාලක මැදිරියේ ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු කොරෝනා ආසාදිතයැයි තහවුරුවීම හේතුවෙන් දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ.

දුම්රිය පාලක මැදිරියේ සේවකයකු කියා සිටියේ දැනට 12 දෙනකු කොරෝනා ආසාදිත වී සිටින බවයි. මේ හේතුවෙන් තවත් සේවකයෝ පිරිසක් නිරෝධායනයට යොමුව සිටිති.

මෙවැනි තත්ත්වයක් මත දිනෙන් දින දුම්රිය සේවකයන් ආසාදිතයින් වීම ඉදිරියේ පොදු ප්‍රවාහන සේවා සැපයීම ගැටලුකාරි තත්ත්වයකට පතවනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!