spot_img
spot_imgspot_img

කොටස් මිල දර්ශකයට පහළ යද්දී විදේශිකයෝ වෙළෙඳ පොළට ඇදී එති

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 4,730ක් ලෙස වාර්තා වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.5කින් පහළ ගොස් තිබිණි.

දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,089.5ක් ලෙස වාර්තා විය.

දිනයේ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,500යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 366යි, අම්බන් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 225යි ලෙස ප්‍රධාන විය.

වඩාත් සක්‍රීය කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා, අම්බන් හෝල්ඩින්ස් සහ දංකොටු පෝසිලේන් සමාගම් කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී විදේශීය ආයෝජකයන්ගේ දිනයේ විකිණීම් රුපියල් මිලියන 43ක් වූ අතර මිල දී ගැනීම් රුපියල් මිලියන 85ක් විය. ඒ අනුව රුපියල් මිලියන 42ක් අද විදේශීය ආයෝජන ලෙස කොටස් වෙළෙඳ පොළට ලැබී තිබිණි.

විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ලුබ්රිකන් සමාගම රුපියල් මිලියන 6.7යි, ටෝකියෝ සිමෙන්ති (X) රුපියල් මිලියන 6.5යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 5.4ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 26.1යි, ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 14.7යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 9.9ක් ලෙස ප්‍රධාන විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම් අතරින් ගුවනින් හා මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එක්ස්පෝ ලංකා සමාගමේ සම්පූර්ණ කොටස්වල වටිනාකම රුපියල් බිලියන 161ක් ලෙස වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වැඩිම වටිනාකමක් ඇති සමාගම් ලේඛනයෙහි 04 වැනි ස්ථානයට එම සමාගම පත්ව සිටියි.

ඉතාම කෙටි කාලසීමාවක් තුළ එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම එහි කොටස් මිල දී ගත් ආයෝජකයන්ට අසීමිත ලාභයක් ලබාගැනීමට හේතුවක් වී තිබේ.

කො‍ළඹ කොටස් වෙළෙඳ පොළෙහි මූලික කොටස් නිකුත් කරන ලද ජැට් හෝල්ඩිංන්ස් සමාගමට ආයෝජකයන් අතර විශාල ඉල්ලුමක් පැවැති අතර එම සමාගමෙහි කොටස් මිලියන 510.4ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත කිරිමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් වී ඇති අතර එම සමාගමේ කොටස් අගෝස්තු 12 (බ්‍රහස්පතින්දා) දින සිට ගනුදෙනු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ ටයිල් නිෂ්පාදනය කරනු ලබන සමාගම්වල පසුගිය මූල්‍ය වාර්තාවන්හි වැඩි වශයෙන් ලාභ දක්නට ලැබුණ ද කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිත තත්ත්වය මත එම සමාගම්වල කොටස් විශාල වශයෙන් ඉහළ යාමක් වාර්තා වී නැත.

විදේශීය ආයෝජකයන්ගේ කොටස් මිල දී ගැනී‍මේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය පහළ ගිය අවස්ථාවන්හි දී විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගෙන දර්ශකය ඉහළ ගිය අවස්ථාවන්හි දී එම කොටස් විකිණීමයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත පිරිවැටුම දිනෙන් දින ඉහළ ගොස් ඇති අතර ඒ අනුව අද දිනය වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත ප්‍රාග්ධනීකරණ අගය රුපියල් ට්‍රිලියන 3.58ක් බවට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනි දා සිට 20.81% ක වර්ධනයක් ලෙස දැකිය හැකිය.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!