spot_img
spot_imgspot_img

“ආසාදිත වුණත් වැඩට එන්න” – සෞඛ්‍ය සේවකයන්ට උපදෙස් ලැබීමට නියමිතයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වුව ද තම රාජකාරීවල යෙදීමට සෞඛ්‍ය සේවකයන්ට ඉදිරියේ දී සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට රෝහල්වල උපරිම ධාරිතාව ඉක්මවා තිබීමත් කොරෝනා ආසාදනය වූ සහ ආශ්‍රිතයන් වූ සියළුම අංශවල සෞඛ්‍ය සේවකයන් ප්‍රමාණය විශාල සංඛයාවක් වීමත් හේතුවෙන් එම පියවර ගැනීමට සැළසුම් කර තිබේ.

සෞඛ්‍ය අංශ මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය මත අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා ආසාදිතවන සෞඛ්‍ය සේවකන් ද දැඩි අවදානම්, මධ්‍ය අවදානම් සහ අඩු අවදානම් ලෙස වර්ගකර සේවාවන් සඳහා කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ඇතුළුසියලු දෙනා කොරෝනා ආසාදිත වුව ද සේවයට වාර්තාකිරීම අනිවාර්ය කිරීමට දැනටමත් චක්‍රලේඛයක් සහ උපදෙස් මාලාවක් සැකසෙමින් පවතී.

ඔවුන්ට නිවසේදී, රාජකාරියට යන එන අතරතුර දී සහ සේවා ස්ථානයේ දී ආරක්ෂිතව සිටීමට අවශ්‍ය මඟපෙන්වීම් මාලාවක් ද මේ වනවිට සකස් කරමින් ඇත.

යම් සෞඛ්‍ය සේවකයකු කොරෝනා ආසාදිත බවට හෝ ආශ්‍රිත බවට පත්වූ විට ඔහු හෝ ඇය රාජකාරී කටයුතු සඳහා සහභාගී කර ගන්නවා ද නැද්ද යන්න තීරණය කිරීමට රෝහල් සහ අදාළ සෙඛ්‍ය ආයතන මට්ටමින් කමිටුවක් ද පත්කිරීමට නියමිතය. එම කමිටුව මගින් කරනු ලබන ඇගයීමකින් පසු ඔවුන් සේවයේ යොදාවා ගැනීම හෝ නොගැනීම තීරණය වෙයි.

එහි දී රාජකාරියෙන් බැහැරවීම සඳහා නිවාඩු ලැබෙන්නේ දැඩි අවදානම් අයකුට පමණි.

මොවුන් වෙනුවෙන් සකසා ඇති මාර්ගෝපදේශවල දැක්වෙන්නේ රෝහලේ හෝ ක්ෂේත්‍රයේ රාජකාරී කරන සෑම විටම KN-95 මුක ආවරණ සහ මුහුණු ආවරණ පැළඳ සිටිය යුතු බවයි. එමෙන්ම රෝගීන් සමඟ කටයුතු කරන සෑම අවස්ථාවක දී ම ඇල්කොහොල් සහිත විෂබීජනාශක දියරයකින් අත් සෝදාගත යුතු බවත්, කාර්ය මණ්ඩලයේ වෙනත් අය සමඟ හෝ කතා කිරීමේ දී ද මුඛ ආවරණ මෙන්ම මුහුණු ආවරණ ද අනිවාර්ය බවත් එහි දැක්වේ.

මීට අමතරව රාකාරී කටයුතුවල දී හමුවන පුද්ගලයන්, දිනය, වේලාව සහ ස්ථානය සටහන් කරගැනීම අත්‍යාවශ්‍ය බව ද දක්වා ඇත. එමෙන්ම ආසාදිත සෞඛ්‍ය සේවකයන්ට රාජකාරී කළ හැකිවන්නේ දිවා කාලයේ දී පමණක් බවත් රාත්‍රී කාලයේ සේවයෙන් බැහැරව සිටිය යුතු බවත් සඳහන් කර ඇත.

මෙම කරුණු ඇතුළත් චක්‍රලේඛය මේ වනවිට සැකසෙමින් පවතින අතර එය කඩිනමින් සියලුම රොහල්, සෞඛ්‍ය ආයතන සහ ආයතන ප්‍රධානින් වෙත යැවීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!