spot_img
spot_imgspot_img

ප්‍රමාද වී තීරණ අරගෙන වැඩක් නෑ. මරණ සහ රෝගීන් වැඩිවීම පාලනය කළ නොහැකියි

පුවත්

විදෙස්

දැන් සියල්ල සිදුව අවසන් බවත්, ඉදිරි සති දෙකක කාලයේ දී කුමන උත්සාහයන් ගත්ත ද කොරෝනා මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් වේගයෙන් ඉහළ යනු ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි අන්දමින් රෝගීන් වැඩිවී තිබෙන බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඉදිරි දින 14 දී අපි මොනවා කරත් රෝගීන් සහ මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යනවා. අපිට කළ හැකිවන්නේ රෝගීන් වැඩිවීම පාලනය කිරීම පමණයි. ආර්ථික හානිය අවම වන විදියට සියලුම සමාජ ඒකරාශීවිම් නැවැත්වීමට සිදුවනවා. දිස්ත්‍රික්ක හා පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම අනවශ්‍ය ලෙස ආයතනවලට සේවකයින් ගෙන්වීම වහාම අත්හිටුවිය යුතුයි. රෝගීන් වැඩිවීම පාලනය කර ගත්තේ නැත්නම් සිදුවන විනාශය අතිවිශාලයි. අපි ක්‍රියාමාර්ග ගන්න පහුවෙන හැම මොහොතක් පසා ම ජීවිත කිහිපයක් බිළිගන්න එක තමා වෙන්නේ. ඒ නිසා එහි වගකීම අපි සියලුදෙනා සතුවෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, බිම් මට්ටමේ වාර්තා වන ආසාදිතයින් හා මරණ නිවැරදිව ජනතාව අතරට නොයෑම නිසා ජනතාව තුළ බියක් හෝ නිසි අවබෝධයක් ඇති නොවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!