spot_img
spot_imgspot_img

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් චෝදනා. වෙනම වැටුප් වැඩිකිරීමක් නෑ

පුවත්

විදෙස්

ගුරු වර්ජනය හේතුවෙන් 2020 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත්කිරීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.

2020 සාමාන්‍යපේළ විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 622,000ක් පමණ වන අතර ඉන් 169,000ක පමණ සිසු සිසුවියන් පිරිසක් සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමට නියමිතය.

අධ්‍යාපන ඇමතිවරයා පවසන්නේ කොරෝනා තත්ත්වය හේතුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විය නොහැකි වූ බවයි. ඉන් පසු මේ ප්‍රායෝගික පරීක්ෂණ හැකිතාක් ඉක්මණින් පවත්වා ප්‍රතිඵල නිකුත්කිරීමට සූදානම් වුව ද ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් දැන් ප්‍රතිඵල ලබාදීමට නොහැකි වී ඇතැයි ද ඔහු කියා සිටියේය.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කළ බව ද එම වැටුප් ගැටලුවට විසඳුම් ලබාදිය හැකිවන්නේ මීළඟ අයවැයෙන් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.

ඔහු පවසන්නේ රටේ සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සළකා බලා එය සුදුසු ආකාරයට වෙනස් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!