spot_img
spot_imgspot_img

කටෙන් පණුවන් එළියට දැමූ බිළිඳෙක් රෝහලේ දී මියයයි

පුවත්

විදෙස්

මාස 10ක් වයසැති කුඩා දරුවකු කොකු පණු රෝගයෙන් මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස්, ගැමුණු පටුමග පදිංචි යුවළකගේ පවුලේ බාලම දරුවාය. මියගිය දරුවාගේ මව 36 වැනි වියේ පසුවන බවත් දරුවන් 07 දෙනකුගේ මවක් බවත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත. වැඩිමහල් ‍දරුවා තවමත් 12 හැවිරිදිය.

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර විසින් මරණ පරීක්ෂණය සිදුකළ අතර එහි දී සාක්ෂි දුන් මව පවසා ඇත්තේ දරුවාගේ මුඛයෙන් අඩි දෙකක් පමණ දිගැති පණුවන් එළියට පැමිණි බවයි. එමෙන්ම මළපහ සමඟ ද පණුවන් පිටවූ බව ඇය කියා තිබේ.

මේ හේතුවෙන් දරුවා රෝහල්ගත කළ බවත් එහි දී මියගිය බවත් ඇය පවසා ඇත.

වෛද්‍යවරු පවසන්නේ මෙරට ඇති සෞඛ්‍ය පහසුකම් අනුව දරුවකු මෙලෙස කොකුපණු රෝගය උත්සන්නවීමෙන් මියයාම ඉතාමත් විරල සිද්ධියක් බවයි.

මියගිය එම දරුවාගේ සහෝදර සහෝදරියන්ට සහ ඔවුන් පදිංචි නිවස අවට අනෙකුත් දරුවන්ට ද පණු රෝග සඳහා වූ ඖෂධ ලබාගන්නා ලෙස ද අධිකරණ වෛද්‍යවරයාගේ උපදෙස් මත හදිසි මරණ පරීක්ෂකවරිය විසින් දැනුම් දී තිබිණි.

මෙම බිළිඳාගේ මරණය විච්ඡේදනය නොකරන ලෙස ඥාතීන් විසින් ඉල්ලා තිබුණ ද ආගමික විශ්වාසයන් පසෙක තබා රටේ නීතිය අනුව ළදරු මරණයක දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම අනිවාර්ය බව ද ‍ඔවුන්ට පෙන්වා දුන් හදිසි මරණ පරීක්ෂකවරිය අධිකරණ වෛද්‍යවරයාට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නියෝග කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!