spot_img
spot_imgspot_img

කරාපිටියේ දොස්තරගේ කොරෝනා බෙහෙත බොරුවක් බව තහවුරු වෙයි. ප්‍රචාරක නිලධාරියාගේ මවත් කොරෝනා නිසා මරුට

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් කොරෝනා සඳහා ප්‍රතිකාරයක් ලෙස සොයාගත් බව පැවසූ නිෂ්පාදනය බොරුවක් බව යළිත් වතාවක් සනාථ වී තිබේ.

මෙවර ඒ බව සනාථ වන්නේ ඔහුගේ එම ව්‍යාජ නිෂ්පාදනය බෙදාහැරීමට යොදා ගන්නා ඇසුරුම නිර්මාණය කිරීම ඇතුළු සියළුම ප්‍රචාරක කටයුතු සිදුකරන ගාල්ලේ කරාපිටියේ පදිංචි තරුණයකුගේ මව කොරෝනා සෑදී නිවසේ දී ම මියයාම සහ මේ නිෂ්පාදනයේ හවුල්කරුවකුගේ මාමණ්ඩියත් කොරෝනා ආසාදනයෙන් මියයාම හේතුවෙනි.

Megha caring (Pvt) Ltd යන ආයතයක් මගින් මෙම නිෂ්පාදනය රටපුරා බෙදාහරින අතර මියගොස් ඇත්තේ එම නිෂ්පාදනයේ ප්‍රචාරක කටයුතු සම්බන්ධව කටයුතු කරන ප්‍රධානියාගේ මවයි. ඇය ගාල්ල, හිරිඹුර පාර, දංගෙදර නිවසේ පදිංචිව සිටි ඇය මියයන විට 64 වැනි වියේ පසුවූවාය. පිරිමි දරුවන් තිදෙනකුගේ මව ඇය තම සැමියා සහ වැඩිමහළු පුත්‍රයා සමඟ නිවසේ ජීවත්වූවාය.

මෙම හොර ඖෂධ ජාවාරමට සම්බන්ධව සිටින්නේ ඇයගේ බාලම පුත්‍රයාය. ඔහු මේ බෙහෙත් ජවාරමට අවශ්‍ය සියලුම නිර්මාණ කටයුතු සිදුකිරීටම අමතරව ප්‍රචාරක කාර්යය වෙනුනේ දැවැන්ත වැඩකොටසක් කරන බව වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන rata.lk සමඟ මීට පෙර පවසා තිබිණි.

ඒ බව ඔහුගේ facebook ගිනුමේ තැබූ සටහන්වලින් ද පැහැදිලිවෙයි. කිසිදු රසායනාගාර පරීක්ෂණයකින් හෝ වෙනත් ආකාර විද්‍යාත්මක පරීක්ෂණයකින්, සායනික පරීක්ෂණයකින් හෝ සනාථ නොවූ සහ ව්‍යාජ ලෙස ISO තත්ව සළකුණු භාවිතා කරමින් ජනතාව රවටා මුදල් ගරන මේ ජාවාරමේ එළිදැක්වීම සඳහා ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ උත්සවයේ ප්‍රධාන මේසයේ ද වාඩිවී සිටියි.

එමෙන්ම ඔහු ගාල්ලේ ප්‍රකට ගුරුවරයකු සමඟ සමීපව බො‍හෝ කටයුතුවල නිරතව සිටින අතර එම ගුරුවරයා මෙම නිෂ්පාදනය සඳහා මුදල් ආයෝජනය කළ අයකු බව ද අප කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ. තතු දන්නන් පවසන්නේ මෙම පුද්ලයා එම එම ගුරුවරයා සමඟ සිදුකරන Icon international නම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුුතු කරන බවයි.

රට පුරා ව්‍යාජ ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් විකුණමින් මුදල් ගැරීමේ ජාවාරමක් සිදුකළ ඔහු තම ප්‍රචාරක කාර්යයේ දී පවසන්නේ උදාර සම්පත් ගුණවර්ධන නම් වෛද්‍යවරයාගේ නිෂ්පාදනයෙන් පෙනහළු ශක්තිමත් වී කොරෝනා හේතුවෙන් සිදුවන මරණ වැළැක්වෙන බවයි.

නමුත් මේ ප්‍රචාරය ගෙන යන පුද්ගලයාගේ මව කොරෝනා සෑදී මියයාම වළක්වාගැනීමට ඒ ඖෂධය සමත්ව නැත.

64 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව අගෝස්තු 05 වැනි දා සිය නිවසේ දී ම මියගියාය. මේ මළ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණයකට යොමුකළ විට තහවුරු වූයේ ඇය කොරෝනා සෑදී මියගොස් සිටි බවයි.

ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය පවත්වන ලදී.

එහි දී සාක්ෂි දුන් කොරෝනා ඖෂධ ජාවාරමේ ප්‍රචාරක නිලධාරියා වන මියගිය කාන්තාවගේ පුත්‍රයා මෙසේ පවසයි.

“මියගොස් සිටින්නේ මගේ අම්මා. මම පදිංචිව සිටින්නේ වෙනම නිවසක අනගාරික ධර්මපාල මාවතේ. අම්මාට වසර 30ක පමණ සිට දියවැඩියාව තිබුණා. අධි රුධිර පීඩනය තිබුණා. වකුගඩු අමාරුවත් තිබුණා. පුද්ගලිකව වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තා. මාසයක් ගණනේ වෛද්‍යවරයාට පෙන්නුවා. නිවැරදිව බෙහෙත් බිව්වා. දින 10කට පමණ පෙර සිට අම්මාට හෙම්බිරිස්සාව කැස්ස තිබුණා. බෙහෙත් ගත්තාම සනීප වුණා. නමුත් අම්මට න්න බැරිවුණා. හතිය වගේ ඇවිත්තිබුණා. 05 වැනි දා අමාරුවෙලා රුහුණු රෝහලේ ගිලන්රථයකින් අම්මා කරාපිටියට ගෙන එන බව තාත්තා මට කෝල් කරලා කිව්වා. මට එතැනට යන්න කියලා. අම්මා රෝහල්ගත කරන විට මියිගහින් තිබුණා. මරණය ගැන මට සැකයක් නෑ.”

මේ ඔහුගේ කතාවයි.

අපි ඔහුට facebook ඔස්සේ පණිවිඩයක් තබා මවගේ අභාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කර මේ මරණය ගැන විස්තර ඇසූ විට ඔහු මෙසේ පණිවිඩයක් එවා තිබිණි.

“මේ මරණය සහ මෙගා එක අතර කිසිම සම්බන්ධයක් නෑ, අම්මාට ඒ බෙහෙත දුන්නේ නැහැ. අම්මාගේ වකුගඩු දියවෙලා තිබුණේ කාලයක් තිස්සේ බෙහෙත් ගත්තා. මෙගා එකවත්, එන්නතවත් ගත්තේ නැහැ.”

ඔහු එසේ කිවද මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා පවසන්නේ එම මවගේ මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව බවයි.

දියවැඩියාව, වකුගඩු දුබලවීම, අධි රුධිරපීඩනය ඇයට තිබී ඇතත් මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව බවත් අනෙක් සියලු කරුණු ද්විතීක හේතූන් බවත් වෛද්‍යවරයා නිකුත්කළ වාර්තාවේ දැක්වේ.

මීට පෙර මෙවැනිම තවත් මරණයක් සිදුව තිබිණි. උදාර සම්පත් ගුණවර්ධන නම් ව්‍යාජ බෙහෙත් නිෂ්පාදකයාගේ හිතවතකු මෙන්ම එය සමාජගත කිරීමේ කර්තව්‍යයේ දී ඉදිර‍ි මෙසේයේ සිටි ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ මාමණ්ඩිය ද කොරෝනා ආසාදනය වී මියගියේය.

මේ ව්‍යාපාරිකයාගේ වෙළෙඳ සැළේ ද උදාර සම්පත් ගුණවර්ධනගේ ඖෂධ මහා පරිමානයෙන් අළෙවි කෙරිණි. නමුත් මරණයෙන් පසු එම ව්‍යාපාරිකයා අප සමඟ කියා සිටියේ තම මාමණ්ඩියට ඒ ඖෂධය නොදුන් බවයි.

මෙම මරණ දෙකෙන් පැහැදිලි වන්නේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන කොරෝනා සඳහා ඖෂධයක් සාදා ඇතැයි ප්‍රචාරය කරමින් කරගෙන යන්නේ අසරණ රෝගීන් බිල්ලට දී මුදල් ගරා ගැනීමේ ජාවාරමක් බවයි.

ඔහු පොලිස් නිලධාරීන්ට ද මේ ඖෂධයක් යැයි කියන නිෂ්පාදනය නොමිළයේ ම බෙදාහැර දැන් නීතියෙන් ගැලවීමේ උත්සාහයක නිරත වී සිටියි.

නමුත් ඔහු සේවය කරන කොරෝනා වාට්ටුවේ කිසිදු රෝගියකුට ඔහු මේ ඖෂධය ලබාදෙන්නේ නැත.

(මෙම ලිපිය හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නමී ඔවුන්ගේ ප්‍රකාශ හෝ පැහැදිලිකිරීම් ද මෙවැනිම ඉඩක් වෙන්කර මෙම වෙබ් අඩවියේ පළකිරීමට කටයුතු කරන බව දන්වා සිටී)

2 COMMENTS

  1. මේ කරාපිටියේ කරල ප්‍රොමෝට් කලේ චමුදිතගේ Truth with Chamuditha යූටියුබ් නාලිකාවෙන් නේද, දැන් ඒනාලිකාව cheat with Chamuditha කියල වෙනස් කරන්න කාලේ හරි නේද?

  2. මේ කාතව මෙහෙම යද්දී ඔහු තවදුරටත් කරාපිටියේ දොස්තර කෙනෙක් ලෙස සේවය කරනවද ??

Leave a Reply to Parakrama Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!