spot_img
spot_imgspot_img

GMOA පාදෙණිය බොරු කියන හැටි මෙන්න. තණකොළ කා සංස්කෘතිය රකින්නට යයි

පුවත්

විදෙස්

වසවිසෙන් තොර ආහාර ගැනත් කානික ගොවිතැන ගැනත් දේශන පවත්වමින් රටට උපදෙස් ලබාදෙමින් යන විශේෂඥ ළමා ස්නායු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන සියලු කතා අසත්‍ය බව සනාථ වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පසුගිය වසර 07ක පමණ කාලයක් සභාපතිවරයාව සිටිමින් දැනට අධිකරණ නියෝගයක් හේතුවෙන් එම ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවා ඇති අනුරුද්ධ පාදෙණිය තම වෘත්තීය සමිති නාමය සහ වෛද්‍ය වෘත්තිය භාවිතා කරමින් ජනතාව මත අසත්‍ය තොරතුරු ප්‍රචලිත කිරීම බරපතල ගැටලුවකි.

මේ බව සනාථ කරන්නේ මෙරට විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ ගණාවක් සිදුකර ඇති එමෙන්ම පරිසරවේදියකු ද වන රොහාන් පෙතියගොඩ විසිනි.

අනුරුද්ධ පාදෙණිය වෛද්‍යවරයාගේ විනාඩි 30ක පමණ දේශනයක් පදනම් කරගනිමින් එම කරුණු එකිනෙක විශ්ලේෂණය කරමින් පෙතියගොඩ මේ බව ප්‍රකාශ කරයි.

වස විස නොමැති ආහාර ප්‍රචලිත කිරීමටත්, කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමටත් බව කියමින් තම වෘත්තිය පවා පසෙක තබා සිටින අනුරුද්ධ පාදෙණිය වෛද්‍යවරයා පවසන කරුණු සහ රජයේ අප්‍රකාශිත නව සංකල්පයට මනා උත්තේජකයකි.

රෙහාන් පෙතියගොඩ සඳහන් කරන්නේ යම් සංකල්පයක් ඉදිරිපත් කරන්නේ නම් එය දත්ත, තොරතුරු සහ මූලාශ්‍ර මත පදනම්විය යුතු බවයි. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ද ඒ බව නොදන්නවා නොවේ.

නමුත් ඔහු ජනතාව අතර ප්‍රචලිත කරමින් සිටින්නේ අසත්‍ය තොරතුරු බවත් එමගින් ජනතාව නොමග යවන බවත් එම කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී පැහැදිලිව දක්නට ලැබෙයි.

ඔහු ජනතාවට වස විස නොමැති ආහාර සම්බන්ධ කරුණු දක්වමින් ලෝකයේ ප්‍රකට පුද්ගලයකු වන ස්ටීව් ජෝබ්ස් උදාහරණයට ගනී. එහි දී අනුරුද්ධ පාදෙණිය මෙසේ පවසයි.

“මෑත දශක කිහිපයේ දී නවෝත්පාදක කරපු කෙනෙක් තමයි ස්ටීව් ජෝබ්ස්. ආහර ඖෂධ ලෙස සැළකුවේ නැතිනම් අපිට ආහාර ලෙස ඖෂධ ගැනීමට සිදුවේ යැයි ස්ටීව් ජෝබ්ස් පැවසුවා. ඒ නිසා අපි ස්ටිව් ජෝබ්ස්ගේ උපදෙස් පිළිපැදිය යුතුයි.”

පාදෙණිය කියන ඒ කතාව ඇත්තකි. ස්ටීව් ජෝබ්ස් එසේ කියා තිබේ. නමුත් ඔහු කතාවේ ඉතිරි කොටස ජනතාවගෙන් සඟවා තබයි.

මේ ඔහු නොකී දෙයයි

2003 වර්ෂයේ දී ස්ටීව් ජෝබ්ස් තමන්ගේ අග්න්‍යාශය ආශ්‍රිතව ඉතාමත් දුර්ලභ ගනයේ පිළිකාවක් ඇති බව දැනගනී. මේ පිළිකාව බටහිර වෛද්‍යවිද්‍යාවෙන් පාලනය කළ හැකියි. එසේ කළානම් ඔහුට තවත් වසර 20ක පමණ කාලයක් ජීවත්විය හැකිව තිබිණි. නමුත් ස්ටීව් ජෝබ්ස් බටහිර ප්‍රතිකාර ප්‍රතික්ෂේපප කර පාදෙණිය කියූ පරිදි ම ආහාර ඖෂධ ලෙස සැළකීමට තීරණය කර තිබේ.

ඔහු පළතුරු යුෂ, ජලය, කොළ වර්ග ආහාරයට ගනී. මේ ප්‍රතිකාර මාස නමයක් ගන්නා විට එම කෙටි කාලයේ දී පිළිකාව සම්පූර්ණයෙන් ම ඔහු වෙලාගෙන අවසන් විය. ඒ අවස්ථාවේ පිළිකාවට ආහාර ප්‍රතිකාරයක් නොවන බව ඔහු තේරුම් ගෙන තිබිණි. ප්‍රතිඵලය වුණේ ස්ටීව් ජෝබ්ස් 2011 වර්ෂයේ දී පිළිකාව හේතුවෙන් මරණයට පත්වීමයි.

මේ ඇත්ත කතාව නොකී විශේෂඥ ළමා ස්නායු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තවත් අසත්‍යයක් ජනතාව ඉදිරියේ තබා ඇත.

“අපි ආහාර ගන්නේ ඇයි. අපි කන්නේ ඇයි ප්‍රඥාව පාවිච්චි කරන්නේ නැති නිසා. පෝෂණ ඌණතාවට ආහාර ගන්නවා කියනවා. ආහාර කියන්නේ සංස්කෘතියක්.”

මෙය වෛද්‍යවරයකුට නොව අවම වශයෙන් සාමාන්‍ය පෙළ විද්‍යාව ඉගෙන ගත් සිසුවකුට හෝ කිව හැකි  කතාවක් ද ? ඔහු හිතා මතා ගොතා පවසන්නේ බොරුවකි.

කෙනෙකු කොතරම් බුද්ධිමත් හෝ ඥානාන්විත වුව ද, වියතකු වුව ද, ප්‍රඥාවන්තයකු වුවත් අඥාන ඇදහිළි හේතුවෙන් නොමග යා හැකි බව අනුරුද්ධ පාදෙණිය කියන එම කතාවෙන් ප්‍රකට වෙයි.

“ආහාර යනු සංස්කෘතියක් නම්. ආහාර අනුබව නොකළහොත් සංස්කෘතිය අපට අහිමිවෙයි. නමුත් පාදෙණිය ආහාර නොගෙන සිටියහොත් ඔහුට අහිමිවන්නේ ඔහුගේ සංස්කෘතිය නොව ඔහුගේ ජීවිතයයි. එවිට සංස්කෘතිය අනුව අවසන් ගමන් යාමට ආහාර නොගෙන සිටි කෙනෙකුට හැකියාව ලැබේ. කොටියකු මුවකු මරා කන්නේ උගේ සංස්කෘතියට නොව බඩගින්නට බව පාදෙණිය දන්නේ නැත. හරකෙක් තණකොළ කන්නේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට යැයි පාදෙණිය සිතනවා විය හැකිය.”

මේ අනුරුද්ධ පාදෙණිය නම් ‍වෛද්‍යවරයා නැතිනම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අධිකරණයෙන් නිලතල හෙබවීම වාරණයට ලක්කර ඇති එහි සභාපතිවරයා තම වෘත්තීය නාමයන් භාවිතා කරමින් රටම ගොනාට අන්දන ආකාරයයි.

(මෙම කරුණු පැහැදිලිකිරිමෙන් අනුරුද්ධ පාදෙණිය වෛද්‍යවරයාට යම් අගතියක් සිදුව ඇත්නම් ඔහු කරනු ලබන පැහැදිලිකිරීම් ද පකරන බව කරුණාවෙන් සළකන්න.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!