spot_img
spot_imgspot_img

දකුණේ තත්වය වඩාත් දරුණුයි. ආසාදිතයන් වාර්තාවීම දෙගුණයක් වෙයි

පුවත්

විදෙස්

දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ගත වූ දින 05 දී දෙගුණයකින් වැඩි වී තිබේ.

පසුගිය ජූලි 29 සිට අගෝස්තු 02 වැනි දා දක්වා දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,651ක් වූ අතර අගෝස්තු 03 වැනි දා සිට අද (07) දක්වා ගත වූ දින 05ක කාලයේ දී එය දෙගුණකටත් වැඩිවෙමින් 3,323ක් බවට පත්ව ඇත.

මේ හේතුවෙන් දැනට දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කළ හැකි කොරෝනා වාට්ටු සහිත රෝහල් ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර කිසිදු රෝහලක දැඩි සත්කාර ඒකක ද නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

පුද්ගලික රෝහල්වල ද මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම ධාරිතාවට ළඟා වී තිබේ.

බොහෝ පුද්ගලික රෝහල් තම රෝහලට පැමිණෙන ආසාදිතයන් පුද්ගලික හෝටල් කාමරවලට යොමුකර අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ නම් පමණක් රෝහල්ගත කිරීම සිදුකරයි.

‍අද (07) වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ තවදුරටත් කොරෝනා ආසාදිතව සිටින සංඛ්‍යාව 5,308 දෙනෙකි. ඒ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 2,899ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 1,723ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 6868ක වශයෙනි.

එමෙන් ම දකුණු පළාතේ මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර සිටින සංඛ්‍යාව 12,641කි. ඔවුන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3,048ක පුද්ගලයන් 9,402ක්, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 1,000ක පුද්ගලයන් 3,239ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 655ක පුද්ගලයන් 1,655ක් වශයෙන් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!