දෙමාපියන් සමඟ කළුබෝවිල රෝහලට ගිය මාධ්‍යවේදිනියගේ බිහිසුණු අත්දැකීම

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

තිලක්ෂණී මධුවන්ති, සිරස Newsfirst නිවේදිකාවක්. ඇය අද (05) අළුයම facebook සටහනක් දමා තිබුණා. ඉන් ප්‍රකාශ කර තිබෙන්නේ කොරෝනා ආසාදිත වූ තම මව සමඟ කළුබෝවිල රෝහලේ ගත කළ ආකාරය. ඇය මේ කරන ප්‍රකාශය රටේ සියලු දෙනා කියවිය යුතුයි. දැන් ශ්‍රී ලංකාව පත්ව ඇති භයංකාර තත්ත්වය ඇය වචන කහිිපයකින් විග්‍රහ කරන්නේ මේ ආකාරයට

ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා

දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.

මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.වාට්ටුවේ එක් ඇඳක රෝගීන් ⁣දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.

ඔවුන් අසාධ්‍ය රෝගීන්.වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.

අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.

ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.

මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.

අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.

සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.

මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.

ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.

කාර්ය මණ්ඩලය සීමිතයි.ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.

මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.

මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.මීට වඩා අසරණකමකුත් නෑ.හෙට මමත් ආසාදිතයෙකු වෙයි.

මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.

කොරෝනා සුළුවෙන් තකන්න එපා.

පුළුවන් තරම් පරිස්සම් වෙන්න.

පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.

ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.

පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න….

සටහන – තිලක්ෂණී මධුවන්ති, සිරස Newsfirst නිවේදිකාව

1 COMMENT

  1. කොපමණ වටහල දුන්නත් අපේ සමහර මිනිස්සු මේ රෝගය ගනන් ගන්නේ නෑ. ඒ අස්සේ සෑම තරාතිරකවම රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්ගේ නොයෙකුත් උද්ඝෝෂණ, අනේ මන්ද මෙහෙම ගියොත් වැඩිකල් නොගොස් අපේ රට ඉන්දියාව වගේ වේවි. ඉල්ලීම් කොතරම් සාධාරණ උනත් මේ ඒ සදහා සුදුසු කාලය නෙවේ. මේ සියලු කරුණු කාරණා අස්සේ පාට පක්ෂ වලට බෙදුනු ජාතියක්. රටේ සියලුම ප්‍රශ්න දේශපාලන පක්ෂ කෝනයකින් බැලීම නවතිනතාක් මේ රටෙහි කිසිදු ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරක් සෙවීමට නොහැකි වනුඇත.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

දියනෑමට ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු ගොඩගනී

නොර්ටන්බ්‍රිජ් ලොනැක්වත්තේ දියනෑමට ගොස් සිටිය දී ඊයේ (19) සවස අතුරුදන් වූූ දෙදෙනාගේ මළ සිරුරු අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

MOH සුරාසැල් මුද්‍රා තබයි

කැකිරාව නගරයේ මත්පැන් අළෙවිසැල් හතරකට සහ මරදන්කඩවල සහ මඩාටුගම මත්පැන් අළෙවිසැල් දෙකකට මුද්‍රා තැබූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

වීරකැටියේ ගජනායකගම සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව...

“කරාපිටියේ කොරෝනා කරල” නිසා පෙනහළු පිළිකා හැදෙන බව තහවුරු වෙයි. හොරුන්ට සල්ලි දී පිළිකා සාදා ගන්නා රට වැසියෝ

සජීව විජේවීර විසිනි  “කරාපිටියේ කොරෝනා කරල” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති MeGha Prime Intake නමැති නිෂ්පාදනය පිළිකා සෑදීමට හේතුවන්නක් බව...

බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි

නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන්...

‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා....

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: