spot_img
spot_imgspot_img

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරියාගේ පත්වීම නීති විරෝධීයි. අධිකරණ කටයුතුවලට පවා ගැටලු මතුවෙයි ?

පුවත්

විදෙස්

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරී තනතුරේ වැඩ බැලීම සඳහා දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියකු නීති විරෝධී ලෙස පත්කර තිබීමෙන් මේ වනවිට බරපතල ගැටලු රාශියක් උද්ගත වී ඇතැයි දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය චෝදනා කරයි.

දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියකු ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන අයකු මෙලෙස අත්තනෝමතික ලෙස නීතියට පටහැනිව යමින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරියා ලෙස වැඩබැලීමට පත්කර තිබිණි.

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තනතුරක් දැරීමට පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියකුට නීතිමය හැකියාවක් නැත. එවැනි තනතුරක් දැරීමට නම් 1992 අංක 02 දරණ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රඥප්තියේ 15(3) වගන්තියේ ඇති කොන්දේසි සම්පූර්ණ කළ යුතුය. නමුත් එසේ නොකර ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ දින කිහිපයක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ දින කිහිපයක් වශයෙන් සේවය කර තිබිණි.

අධිකාරියක සහ රාජ්‍ය සේවයේ මාරුවෙන් මාරුවට සේවය කිරීමට හැකියාවක් නැන.

මේ පිළිබඳ සළකා බැලූ දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ඉහත නිලධාරියාගේ පත්වීම් බලධාරියා වන දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ ඩබ්ලිව්.කේ.කේ.චාමර සම්පත් යන අය තමන්ට නියමිත සේවා ස්ථානයේ සේවය නොකර දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කිරීම නීතියට පටහැණි බවයි.

මේ බව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ගාමිණී වීරවික්‍රම විසින් ලිඛිතව දැනුම් දී තිබේ.

ගැටලුව ඇත්තේ මෙලෙස නීති විරෝධීව ඉහළ තනතුරක වැඩ බැලූ නිලධාරියකු දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සිදුව ඇති වංචා, දූෂණ අක්‍රමිකතා සහ පරිපාලන අක්‍රමිකතා සම්බන්ධ නිර්දේශ ලබාගැනීමටත්, වාර්තා සැකසීමට සහ විවිද කමිටුවල කටයුතු කිරීමටත් යොදවා තිබීමයි. එනේම ඔහු යම් යම් අවස්ථාවල දී දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවේන අධිකරණයට ද ඉදිරිපත් වී කරුණු දක්වා තිබේ.

මෙය ඉතාමත් බරපතල සහ අවුල් සහගත තත්ත්වයකි.

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය පවසන්නේ වැඩ බැලීම සඳහා නීති විරෝධී ලෙස පත්කර තිබූ එම නිලධාරියට නිවසේ සිට කාර්යාලයට පැමිණීම හා ආපසු යාම වෙනුවෙන් මාසිකව රුපියල් 50,000.00ක දීමනාවක් ද ගෙවා ඇති බවයි.

මෙය බරපතල ලෙස රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් බවත් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ පත්වීමට හා අයථා මුදල් පරිහරණය ඇතුළු ඔහු යොදාගනිමින් කරන ලද සියලුම කටයුතුවලට වගකිව යුතු බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි.

6 COMMENTS

  1. කෙනෙක් අසූචි නොදන්න කමට කනවා නම්, ඔය අසූචි බං ඕව කන්න හොඳ නෑ කිව්වම ඌ කියපු එකාට පේන්න හොඳට අනල කන ගොන් වාහෙලා රාජ්‍ය සේවයේ ඉන්නවා.

    අන්න ඒ වගේ එකෙක් තමයි ඔය චාමර කියන ලිපිකරුවා.

    ඔයා කියන චාමර ගේ PRDA පත්වීම් නීති විරෝධී කියලා දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම තීන්දුවක් දීලා තියෙද්දිත්, දූෂණ සඳහා රස වැටිච්ච් මේ මිනිහා තවමත් ඒ තනතුරේ කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව තවමත් වැඩ කරනවා.

    තොරතුරු පනතෙන් ඉල්ලන ලේඛන සහතික ලේඛන විදියට මිනිහා අත්සන් කරනවා. එහෙම අත්සන් කරන්න පුළුවන් PRDA එකේ තොරතුරු නිලධාරියෙකුට පමණයි. ඒ කියන්නේ PRDA එකේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරයෙකුට පමණයි .
    ආසන්නතම සිද්ධිය තමයි චාමර PRDA එකේ වැඩබලන පරිපාලන නිලධාරියා වශයෙන් එවැනි ලේඛනයකට 2021.07.30 දින යොදලා අත්සන් කරලා තියෙන එක .

    දකුණු පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ ගුරුවරුන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අයගේ පරිපාලන කටයුතු කරන්න තමයි ඔය චාමර දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසමෙන් පරිපාලන නිලධාරියා විදියට දකුණු පළාත් අධ්‍යාපනය අමාත්‍යංශයට යොදවලා තියෙන්නෙ. ඒත් මේ මිනිහා එතන ඉන්නේ නැතුව PRDA එකට රිංගලා තියෙන්නෙ දූෂණ වැඩ කරලා අයථා ලෙසට සල්ලි හම්බුු කරන්න.වාහන වල නැගලා එහෙ මෙහෙ යන්න. ටයි දාගෙන උසාවිවල ඇවිදින්න මිනිහා හරිම ආසයි .PRDA Senior Engineers ල සාමාන්‍ය විදියට ඉන්නකොට මේ මෝඩයා ටයි දාගෙන PRDA එකේ ඉන්නවා. ගොරකා රජෙක්.

    සොයිසා කියන විදිහට දකුණු පළාත් රාජ්‍ය සේවයේ වැඩ කරන්නේ ආයතන සංග්‍රහය කකුල් යට තියාගෙන බව මෙයින් හොඳටම පෙනී යනවා.අර අසූචි කතාව ඔය සේරටම පොදුයි. මේ පරිපාලන දූෂණය සොයිසා හොඳින්ම දැනගෙන ඉන්නෙ.

  2. මා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරීයේ සේවය කරන එමඟින් ගන්නා වැටුපෙන් දරුවන් පෝෂණය කරන්නෙකු නිසා මෙම ලිපියට පිළිතුරක් ලිවීමට සිතුවෙමි.මම නමින් ඊ.වී.ජී.අජිත් ප්‍රියන්ත වන අතර ප්‍රධාන කාර්යාලයේ සේවය කරමි.
    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අධ්‍යාපන අමාත්‍යංශයේ පරිපාලන නිලධාරී මහතා පත් කිරීම තුළින් අධිකාරිය බරපතල ගැටළු රැසකට මුහුණ දී ඇතැයි පවසමින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරීයේ නිදහස් සේවක සංගමය චෝදනා කරන බව පවසයි.එහෙත් සත්‍ය වශයෙන්ම මෙම පරිපාලන නිලධාරී මහතා පැමිණී පසු අධීකාරියට විසදා ගත නොහැකිව තිබූ පරිපාලන ප්‍රශ්න රැසකට ඉතා කඩිනම් කාර්යක්ෂම පිළිතුරු සපයා ඒවා විසදීමට කටයුතු කර ඇත.
    පරිපාලන නිලධාරීගේ මැදිහත් වීමෙන් අධිකාරියෙන් වැටුප් ලබන යම් යම් පිරිස් අධිකාරීයට විරුද්ධව නීති මගට ගොස් කර තිබූ පැමිණිලි කිහිපයක්ම මේ වන විට අධිකාරියට වාසි සහගත තත්වයට පත් කර ඇත.ඉන් සිත් රිදුණු මේ පිරිස පරිපාලන නිලධාරී අධීකාරියෙන් ඉවත් කර ගැනීමට දරන ප්‍රයත්නයේ තව එක් පියවරක් ලෙස මෙම ලිපිය දැකිය හැකිය.
    අධිකාරීයේ පරිපාලනයේ ඉල්ලීමට, ගරු ආණ්ඩුකාර තුමාගේ පූර්ණ අනුමැතියෙන් මොහුගේ සේවය අධිකාරිය වෙනුවෙන් ලබා දෙන අතර, ඒ සඳහා අධිකාරීයෙන් ලබා දෙනුයේ මසකට රු.11,250.00කි.(එය ඔහුගේ වැටුපෙන් 1/4කි.) ඒ හැර අධිකාරීයෙන් කිසිඳු මුදලක් මොහු ලබාගෙන නැති බව මා හොදාකාරවම දනී.
    මෙම වෘත්තීය සමිතිය පිහිටවූ දින සිට අධිකාරීයේ සාමාන්‍යධිකාරී තනතුරේ සිට සියළු තනතුරු නීති විරෝධි බවට චෝදනා කරයි.මා දන්නා අකාරයට මෙම සේවක සංගමයේ නිලධාරීන් සෑම අවස්ථාවකදීම ,සෑම වැඩකදීම, සෑම තනතුරකටම නීති විරෝධී යැයි බෝඩ් එල්ලීම සිදුනොකල අවස්ථාවක් නැත.
    විශේෂත්වය වන්නේ මෙම සේවක සංගමය සම්පූර්ණයෙන්ම මෙහෙය වන්නේ අධිකාරීයට මේ වන විට කිසිම සම්බන්ධතාවයක් නැති අදෘශ්‍යමාණ බලවේගයක් බව පැවසිය යුතුමය.මා දකුණූ පළාත් මාර්ග සංවර්ධණ අධීකාරීයේ සේවය කර ගන්නා වැටුපෙන් පමණක් ජීවත් වන අතර මේ කියන සේවක සංගමයට පරිපාලන නිලධාරී වරයා ප්‍රවාහන පහසුකම් සඳහා රු.50,000.00ක් ලබා ගන්නා බව ඔප්පුකර පෙන්වීමට හැකිනම් කොන්දේසි විරහිතව මා සේවයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මතක් කර දෙනු කැමැත්තෙමි.
    rata . lk වෙබ් පිටුව හිමි මාධ්‍යෙව්දී මහතානෙණි, ඔබගේ පිටුව පිරිස විසින් බලන්න බලන්න ඔබගේ මඩිය තරවන බව මා දනිමි.එහෙත් සෘජු හා වක්‍ර 500ක් පමණ දෙනාගේ ජීවනෝපාය මාර්ගය රැදී ඇති අධිකාරිය ඔබගේ පිටුව නිසා යම් විදියකින් අහිමිවීමකට බලපෑමක් වුවහොත් එම පාප කර්මයට දකුණූ පළාත් මාර්ග සංවර්ධණ අධීකාරිය යන කිරි කලයට ගොම බිදුවක් බදු මෙම සේවක සංගමය යැයි කියා ගන්නා අයගේ මෙන්ම ඔබගේ මඩියටද එය බලපාන බව මතක තබා ගත යුතුමය.

  3. මේ අපේ ඔෆිස් එකේ වැඩ කරන අජිත් මල්ලි ද?

    චාමරය ඔයාගේ අල්ලපු ගෙදර නේ ඉන්නේ ඒක නිසා ඔයාට දුක ඇති.

    ලිපිකරු තනතුරුට කිසිම සුදුසුකම් නැති ඔයා ඒ තනතුර හොර පාරෙන් ලබාගන්න කොච්චර වලි කනවද?

    චාමරගේ පිහිටෙන් ලිපිකරු තනතුරක් හදා ගන්න බලාගෙන නේ ඔයා ඉන්නේ..

    ඒ නිසා ඔයා ඒ මිනිහට කඩේ යනවා කියන එකේ පුදුම වෙන්න දෙයක් අපිට නැහැ.

    අනිත් එක් ඔයා අපේ ඔෆිස් එකේ නෝනලට විකුණන දේවල් මේ වෙලාවේ කිව්වොත් ඔයාට කොච්චර ලැජ්ජා හිතෙයි ද ?

    • අනුලා බෝපිටිය නමින් මට ලියු අයියාට ලියමි.
      අයියෙ අල්ලපුගෙදර මල්ලිට ප්‍රශ්නයක් උනහම කතා කරන්න ඕන අවස්ථා තියෙනව, හැබැයි මේක මම වැඩ කරන ආයතනය අපහසු තාවයට පත්වෙනව දකින්න බැරි කමට ලිව්ව එකක්.
      01.අයිය මට කොච්චර කතා කලාද අධිකාරීයෙ බඳවා ගැනීමට අනුව මට තියෙන සුදුසුකම් එක්ක උසාවි යන්න. ඒත් මම ඔයා එක්ක උසාවි යන්න ආවෙ නැත්තෙ මගේ දරුවන්ට කන්න දෙන රැකියාව කරන ආයතනය මේක නිසා.ඒ තුළින් ඔයාට පැහැදිලි නේද මම මේකට වලිකන්නෙ නැති බව. හැබැයි කාගෙවත් පිහිටෙන් තනතුරු හඳා ගන්නවනම් පහුගිය කාලෙ ඒකට මට හැකියාව තිබුන බව ඔයා දන්නවනෙ.ඒ මගේ හැකියාවෙන් මට වඩා අඩු සුදුසුකම් තියෙන අය ලොකු ප්‍රයෝජන ගත්ත බවත් අයිය දන්නවනෙ.
      02.අපේ ඔෆිස්එකේ නෝනලාට විකුණන දේවල් කිවුවොත් මට ලැජ්ජයි කියල ඔයා කියනවනෙ.මම අපේ ඔෆිස්එකේ නෝනලට විතරක් නෙවෙයි ගාල්ල ,මාතර, කොළඹ, පානදුර, රත්නපුර ආදි ගොඩක් නගරවල නෝනලාට යට ඇඳුම් විකුනනවා.ඒකනම් ලැජ්ජවෙන්න කරුණක් නෙවෙයි.ඒක මගේ බිස්නස්එක.
      03.ඒත් මම හිතුවෙ නෑ නෝනට කියල මගෙන් යට ඇඳුම් අරන් ගිහින් අයිය අදිනව කියල.මම ඒව විකුණුවට අදින්නෙ නෑ.එකයි කොන්ද පණ ඇතිව නමින්ම ලිවුවෙ.

  4. අම්මටසිරි මල්ලි ලෝක කිරි කළයක් ද? ඔයා කිරි දැකලා නෑ.

  5. අම්මටසිරි මල්ලි ඕක කිරි කළයක් ද? ඔයා කිරි දැකලා නෑ.

Leave a Reply to anula bopitiya Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!