spot_img
spot_imgspot_img

ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් බොරු ප්‍රචාරය කළැයි, Youtube තහනමක්

පුවත්

විදෙස්

Sky news නමැති රූපවාහිනී නාලිකාවට youtube වෙතින් තහනමක් පනවා තිබේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාව වන Sky News මගින් පළකරන ලද කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු අසත්‍ය බව අනාවරණය වීම හේතුවෙන් මෙම තහනම පනවා තිබේ.

එම නාලිකාව මගින් මේ දක්වා ප්‍රචාරය කරන ලද වීඩියෝ දර්ශන කිහිපයක් ද ඉවත්කිරීමට youtube කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ මේ තහනම සතියක කාලයක් බලපැවැත්වෙන බවයි.

මිලියන 1.68ක ජනතාවක් youtube ඔස්සේ මෙම නාලිකාවට සම්බන්ධව සිටිති. මේ වනවිට Youtube ඔස්සේ Skynews සිදුකරන වීඩියෝ අප්ලෝඩ් කිරීම්, සජීවී විකාශන ඇතුළු පහසුකම් තාවකාලිකව නවතා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!