spot_img
spot_imgspot_img

බද්දේගම මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය සේවකයකුට මරණ තර්ජන කරලා

පුවත්

විදෙස්

සමාජ මාධ්‍ය ජාලාවක පළකිරීමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ සිද්ධියකට උරණ වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයකු තමන්ට මරණ තර්ජන කළ බව පවසමින් කීඹිය පදිංචිකරුවකු පෝද්දල පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

(බැනවදින අවස්ථාවේ පටිගතකරන ලද හඬ අප සතුව ඇතත් එහි අසභ්‍ය වචන සහ මරණීය තර්ජන ඇති බැවින් පළ නොකිරීමට තීරණය කළෙමු)

මෙලෙස පැමිණිලි කර ඇත්තේ අමිල ලියනගේ නමැති සෞඛ්‍ය සේවකයෙකි. පැමිණිලිකරු පවසන්නේ ඔහු බැන තර්ජනය කරන අවස්ථාවේ තමන් නින්දාන ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනේ සිටි බවයි. මෙම බැන තර්ජනය කිරීම වෘත්තියට අදාල සිද්ධියක් නොවන බව ද ඔහු කියා සිටියේය.

මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් Facebook හි පළවූ පෝස්ටුවකට පැමිණිලිකරු අදහස් දක්වා ඇති අතර ඉන් පසු කාන්තාවක් නමින් ඇති ව්‍යාජ facebook ගිනුමකින් කිසියම් ප්‍රකාශයක් පළකර ඇති අතර එම ව්‍යාජ ගිනුමේ හිමිකරු හෙළිකරනවා යැයි නැවත පැමිණිලි කරු එහි සටහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් උරණ වූ අදාල මන්ත්‍රීවරයා තමන්ට වෙනත් අයකුගේ දුරකථනයකින් ඇමතුමක් ගෙන අසභ්‍ය වචනයෙන් බැණවදිමින් මරාදමන බවට තර්ජනය කළේ යැයි අමිල ලියනගේ විසින් පැමිණිල්ලේ සටහන් කර ඇත.

සැකකරු බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කීඹිය කොට්ඨාසයේ මන්ත්‍රීවරයාය.

මේ සම්බන්ධයෙන් විමසීමේ දී පෝද්දල පොලිසිය කියා සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවයි. දෙපාර්ශවය ගෙන්වා එය කඩිනමින් විභාග කිරීමට කටයුතු කරන බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!